හමුදාවෙන් පළා ගිය සෙබළුන් දස දෙනෙකුට 2010 ජනාධිපතිවරණ සමයේ රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිත භාවයෙන් මුදා ගත්තැයි සැකපිට ඇප පිට සිටි හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක හරිප්‍රිය සිල්වා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
ඔවුන්ට එරෙහි සාක්කි සාධාරන සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වී යැයි මහාධිකරණ විනිසුරුවරිය ඔවුන් නිදහස් කරමින් ප්‍රකාශ කළාය.
හමුදාවෙන් පැන ගිය සෙබළුන් දස දෙනකුට වැටුප් හා දීමනා ගෙවමින් නීති විරෝධී ක්‍රියාවක් කළැයි චෝදනා 41ක් යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා තිබිණි.
නීතිපති විසින් පැවරුණු මේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අද අවසන් විය. මහාධිකරණ විනිසුරුවරිය විත්තිය නොවිමසාම මහාධිකරණ විනිසුරුවරිය විසින් ඔවුහු නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තියක් නොවිමසාම තීන්දු දෙන නීතියක් ගැන මම නම් අහලා නැහැ.හිට්ලර් මහතාගේ පාලන ක්‍රමයේදී පවා විත්තිය විමසුවා. යහපාලනයක අවශ්‍යතාවක් රටේ හදලා නැවතත් අර පරණ ක්‍රමයටම යනවා වගේ පේනවා. (දිල්)
ගයාන්, පැමිණිල්ලේ සාක්කි ඔප්පු කිරීමටවත් අවස්ථාවක් නොදී කොහොමද නඩු තීරණ ගන්නේ? යහපලානේ ක්‍රමයක්ද මේ? (හේ)
දැන් ඉතින් පැමිණිල්ලට සාක්කි දෙන්න එන්නේ කවුද? (නි)
මේ ගොල්ලෝ එලියේ අරගොල්ලෝ ඇතුලේ. මරු තමයි (නදී)
බොරු නඩු දාල සටන ජයගත්තු වීරයට කළ අපරාදය මහින්දට තවම කඩේ යන කට්ටිය දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි. බොරුවට වැඩි කාලයක් නැහැ. ඇත්ත කවදා හරි ජයගන්නවා. (නදී)
ඒ කාලේ අපි ටී.වී. එකේ දැක්කා ඇත්ත. මෙව්වා යහපාලන විහිළු (නදී)
පැමිණිල්ලේ සාක්කි ඔප්පු කරගන්න බැරිවුණා නම් විත්තියෙන් මොනවා අහන්නද? (නි)
අපි හිතුවා යහ පාලනේ එනකොටම (නදී)
කොහොමද අධිකරණය විත්තියෙන් නොවිමසාම තීන්දු දෙන්නේ? මේකද අධිකරණයේ නිදහස කියන්නේ ? (නදී)
සාක්කි තිබුනත් දැන් කව්ද දෙන්න ඵන්නේ. (නදී)
දැන් නීතිය රජ කරන කාලේ. අවනීතිය ප්‍රයෝජනයට ගත්ත අය ඉවරයි (නදී)
හිස් වෛරී චෝදනා -නැත කරුණු කාරණා(නදී)
ජෙනරාල් සරත් ෆොන්සේකාට ඔහුට විරුද්ධව ඇති සියලුම නඩු වලින් නිදහස් කර ජනාධිපකි සමාව දුන්න නේද ? තවත් මොකද උසාවි එන්නේ ? (නදී)
පසුගිය කාලේ අපේ අධිකරණයේ වැඩ කටයුතු අපිට ආඩම්බරයක්.(නදී)
මෙතුමාට නම් යහපාලනය මගින් ඇරියස් එක්කම සලකනවා වගේ. හෙට අනිද්දා ෆීල්ඩ් මාෂල් තනතුරත් ලැබෙන බවට ආරංචි ලැබෙනවා අපේ සුබ පැතුම්! (නදී)
මෙයාට කොහොමද නිදහස දෙන්නේ අර නාවුක හමුදා පති තුමා කියන්නේ නේවි සම්පත් හිටියේ මෙයා ලග කියලා. කව්ද එතකොට බොරු කියාන්නේ? (නදී)
කවුරු කරත් වැරැද්ද වරද්දමයි (නදී)
කවුරු කරත් වැරැද්ද වරැද්දමයි. මොන නිලයක් දරුවත් මේක යහපලනයද ? (නදී)