ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සෙනසුරාදා (11) ආරම්භ කරන අතර එහි මංගල ජන රැලිය පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට තිස්සමහාරාම නගරයේදී හෙටපෙරවරු 9.30ට පැවැත්වේ.
මීට අමතරව අද දිනයේ දී තංගල්ල, ඇඹිලිපිටිය හා ගොඩකවෙල යන නගරයන්හිදීද අද දිනයේ දී සරත් ෆොන්සේකා මහතා සහභාගී වන ජනහමු තුනක් පැවැත්වෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ආනන්ද මානවඩු මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී පඬය මෙවර මැතිවරණයේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සදහාම තරග කරන අතර සෑම මැතිවරණ ආසනයකම ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එනවා කියන කතාව ඇත්තක්ද කියන්න මම නම් දන්නේ නැහැ. මම එ්ක විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම උනොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඉන්න පිරිස ඔහුට අභියෝග කරන්න තරම් ප්‍රමාණවත් කවුරුවත් නැහැ. හොඳට විමසා බලා සරත් ෆොන්සේකා මහත්තය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉල්ලුවොත් තමයි වැඩියම සුදුසු. මහින්දට හොඳ තරඟයක් දෙන්න හැකි ඔබ තුමාටයි (නදී)
රණවිරුවාණෙනි, චිරන් ජයතු! ශ්‍රී ලංකා තලයම ඔබට ණයගැතිය. ඔබතුමාත්, ඔබතුමාගේ මැතිණියත් ගෙනයන අවංක පරිශ්‍රමයට මිනිසුන් ගරුකරාවි (නි)
ජය වේවා ඔබට! (නි)
විරුවාණනේ,ඔබට ජය නියතයි. (නි)
ප්‍රජාතන්ත්‍රවාදී පඬය කියන්නේ මොකක්ද ? (නදී)
මෙවර අපේ ඡන්දය ඔබතුමාටයි. (නි)
ජය වේවා.(හේ)