රුපියල් විසි ලක්ෂයක් වටිනා විදේශීය සිගරට් තොගයක් සහ සුවද විලවුන් ආලේපන තොගයක් රැගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේය.
සැකකාරිය හතලිස් හැවිරිදි වියේ පසුවන කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මෙම සිගරට් තොගය සහිත ගමන් මළු ට්‍රොලියක තබා ගමන් මළු නොපෙනෙන ලෙස එය උඩින් තම දොලොස් හැවිරිදි දරුවා තබා ට්‍රොලිය තල්ලූ කරගෙන පැමිණි බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ සිගරට් ප‍්‍රමාණය හැට දහසක් වන අතර එහි වටිනාකම රුපියල් පහලොස් ලක්ෂයකි. සුවද විලවුන් සහ ආලේපන වල වටිනාකම රුපියල් ලක්ෂ පහකි.
රේගු නිලධාරීන් පවසන්නේ සැකකාරිය මැද පෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන්නන් සඳහා ගුවන්තොටුපොළේ ලබා දී ඇති සහනයන් ප‍්‍රයෝජනයට ගෙන රේගු නිලධාරීන්ගේ ඇස් වැසීමට සූක්ෂමව ක‍්‍රියා කර ඇතත් සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසුරිය මහතා විසින් ඇය පරීක්ෂා කරද්දී ගමන් මළුවල තිබී සිගරට් සහ සුවඳ විලවුන් තොගය සොයා ගත් බවයි.
සැකකාරිය මීට දින කිහිපයකට පෙර මෙරට සිට ඩුබායි වෙත ගොස් ඇති අතර ඇය අද මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් යළි මෙරටට පැමිණ ඇත්තේ මැද පෙරදිග වසර ගනනාවක් සේවය කර පැමිනෙන්නියක් ලෙස රේගුවට අගවමිනි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරීවරුන් වන රෝහණ සේනාධීර, ඉන්ද්‍රා උක්වත්ත සහ සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසූරිය යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ජාතියේ කාන්තාවක්ද? (නි)
නිතිය අකුරට ක්‍රියාත්මක කිරීම අගය කළයුතු දෙයක්. කෝ අර ආසියාවේ ලොකුම කුඩු තොගය ? ඒවාට වුණ දේවලුත් පෙන්නන්නකෝ (නි)
රේගුවේ මහත්වරු ගැන දන්නේ අපි තමයි. (නි)
මේවත් හොද රාජකාරි. නමුත් අර ලොකු කන්ටේනර් වල ආපු ඒවා තවම එහෙමමයි නේද? (නි)
ඔය මොනවා කළත් මට කියන්න තියෙන්නේ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා විතරයි මහත්තයෝ ! (නි)
ලලිත් මෝඩ කතා කියන්න එපා ... (ත)
දම්මික පෙරේරාත් බන්දුල පෙරේරාගේ මල්ලි වගේ.දිසානායක වගේ අය නිසා ගොඩක් අයගේ ඇස් ඇරෙනවා. (නි)
දැන් බලන්න අපි මෙහෙන් එනවිට අතේ බෑග් එකේ තමයි පළතුරු ගේන්නේ (ඇපල්.දොඩම්,මිදී,) තව මේ රටේ තියෙන ලංකාවේ නැති පළතුරු වර්ග කිසිම අවුලක් නැහැ. නමුත් ලංකාවෙන් එනවිට අපිට අන්නාසි ගෙඩියක් ගේන්න දෙනවද ....? බැගේජ් දාලා අන්නාසි මෙහෙට ඇවිත් බලනවිට අන්නාසි සුප් එකක් වෙලා කෙලින්ම කුණු එකට. ඒ අතින් නම් අපේ ගුවන් තොටුපොල අන්තිමයි. (නි)
කොහොමද රේගුවේ ටිකිරි මොළේ? (නි)
දැන් සුවද විලවුන් ගේන්නත් තහනම්ද ...? එහෙම නැත්නම් මෙයා ගොඩක් ගෙනාපු නිසාද මේ අත් අඩංගුවට ගත්තේ ....?(නදී)
දැන් මේ සිගරට් තොගයයි, සුවද විලවුන් ආලේපන තොගයයි, කොහාටද බාරදෙන්නේ? බාරදෙනකොට ඔක්කොම බාර දෙයිද ? විනාශ කළත් ඔක්කොම විනාශ කරයිද ? (නි)
පොඩි මිනිසුන්ගේ පොඩි දේවල් කොහොමත් ලොකුවට පේනවා.(නදී)
අනේ අපේ රටට වෙච්ච දේ...කාන්තාව කියන්නේ කරුණාවේ සංකේතය,පුජකවරයා පුජනීයත්වයේ සංකේතය...එහෙත්, දැන් කිසිකෙනකු විශ්වාස තබන්න බැරි තත්වයට පත්වෙලා.මේවා ගැන සිතන විට පුදුම කළකිරීමක් හා වේදනාවක් ඇතිවෙනවා. (නි)
රේගුවේ මහතුනි මහාපරිමාණ හොරු ඉන්න රටේ පොඩි මිනිහ ගෙඑන සුවද විලුන් එක තොපිට ලොකු දෙයක් එහෙනම් ..(අ)
හොර කම ලොකු පුංචි කියල නැහැ . කන්ටේනර් උනත් ගමන් මලුවලින් උනත් හොර කම දෙකම එකය . මේවා සදාරකරණිය කරන්නේ මොලේ නැති කමට . අනික් එක මේ ගෑනි ඩුබායි වල වැඩට ගිය ගෑනියෙක් නෙමේ . දින කිහිපයකට පෙර ඩුබායි ගොස් මේවා මිලට ගෙන එන කෙනෙක් වංචාව සඳහාම . ලංකාවට කොහොමත් සිගරට්ස් ගෙන්න තහනම් . සුවඳ විලවුන් පෞගලික පාවිචියට ගෙන්න ප්‍රමාණයක් තිබෙනවා . මෙය ප්‍රමාණය ඉක්මවා වෙළදාම සඳහා වංචාවෙන් ගෙන ඒවා (අ)
හොඳට පරික්ෂා කරනම් තව ඒවා හොයා ගන්න පුළුවන් ඇති (අ)
කුඩු ගෙනෙන්න පුළුවන්, එතනෝල් ගෙනෙන්න පුළුවන්. පොඩි මිනිහට සුවද විලවුන් ගෙනෙන්න බැහැ. (නි)
මේ සිගරට් සහා සුවද විලවුන් තොගය ගෙන ඒමට ඩුබායි ගුවන් තොටුපල අවසර දුන්නේ කොහොමද? එරටින් මේවා මෙපමණ ප්‍රමාණයක් ගෙන ඒමට පුලුවන්ද?දන්නේ නැති නිසයි අහන්නේ (නි)
චන්දී, ඔයා ඉන්නේ මොන රටේද දන්නේ නැහැ. හැබැයි දැන් ලංකාවේ පලතුරු, එළවලු, බතල මඤ්ඤොක්කා ඕනෑතරම් සුපර්මාකට් වල තියෙනවා. (නි)
මම දන්නෙ නැති නිසයි අහන්නෙ මොහමඩ් ෆාරුක් මහත්මයා ඉන්නෙත් ඩුබායි වලද?(නදී)
යුරෝපේ ඉදලා ඩුබායි හරහා එන අයෙගේත් ගමන් මළු බලනවා නම්, පර්ස් බලනවා නම් මීට වඩා දේවල් සොයාගන්න පුළුවන්. මට ටැමිල් එක්කෙනෙක් කිවා සල්ලි අරන් යන්න දෙන්නේ ඩොලර් පන්දහසයි. ඒත් හංගගෙන ඕනතරම් අරන් යන්න පුලුවන් කියලා.(නදී)
දිසානායක, මැද පෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන්නන් සඳහා ගුවන් තොටුපොළේ ලබා දී ඇති සහනයන්ගෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි. මේ ලඳත් එහෙම කෙනෙක් . (නි)
මේ අදහස් දාන සමහරුන්ටත් සමහර දේවල් පෙනෙන්නේ නැහැ (නි)
මොන කුඩුද?දුන් කුඩුද? (නි)
මහත්වරුනි, මේ රේගුවේ වගේම අපේ රක්ෂනේ චෙක් කරන්ට ඉන්න අයත් මාර විදිහට ගසා කන්නේ. මගෙන් එක දවසක් රුපියල් දහ දාහක් ගත්තා. තව දවසක් පන්දහසක් ගත්තා. මින් පස්සේ මම හොයල බලනවා. රටට ඇත්ත හෙළි කරනවා. මට ආණ්ඩුවේ ලොක්කෙක් උදව් කරනවා කිව්වා රටට ඇත්ත එළි කරන්න. .කරුණාකරලා අපි එකතු වෙමු, උත්සහ කරමු. .අම්මේ,තාත්තේ,නංගියේ,මල්ලියේ,උපන්,නුපන්,දරුවනේ අපි රටට වැඩදායක දෙයක් කරමු,මියයමු.(නදී)
දැන් මේ රාජසන්තක කරන බඩු වලට මොකද වෙන්නේ? රේගුවේ නීතිය ක්‍රියාත්මක කරනවානම් කොහොමද ඔයාල තට්ටු ගෙවල් ගහන්නේ රේගුවේ වැඩට ඇවිල්ලා අවුරුද්ද යනකොට?(නදී)
ගෙනාපු එතනෝල් වලට මොකද කරේ ?
අන්න හරි. දැන් තමයි වෙලාව.,මමත් බලාගෙන හිටියේ. කුඩු ටොන්ගණන් දැන් රටට ගේනවා.යුද්දෙට වැඩිය භයානකයි මේක.ජාතියම වද වදවෙලා යයි.දැන් අපි හඩක් නගමු (නි)
දම්මික පෙරේරා ඔය නීති හොදයි ඔබලා වගේ අදිරාජ්‍යවාදී ගැත්තන්ට. සුවද විලුන් කොපමණ ගෙනාවත් ලංකාවේදී අලෙවි කෙරුවත් ඔබලාට තියන අමාරුව මොකක්ද? අර කුඩු කන්ටේනරය ගැන මේ වගේ අදහස් දැම්මේ නැත්තේ බයටද ? ඔහෙලටත් ඕනේ තැලෙන මිනිස්සුන්ව තලන්න.(නදී)
කොහෙද මහත්තයා රක්ෂණ නියෝජිත ආයතන තියන්නේ. ආණ්ඩුවේ බලපත්‍රරය අරගෙන මහජන මුදල් මංකොල්ල කන තැනක් ඒක. ඒ නිසා රක්ෂන සහතික අවශ්‍ය නැහැ.(නදී)
උස් තැන් දැක හැකිලෙන්නේ....මිටි තැන් දැක පුප්පන්නේ...නිවටුන් බව සිතමින්නේ......මගේ පුතා ලොකු වෙන්නේ...... (නි)
පත්මිණි අක්කේ, නරියෙක් විදිහට අවුරුදු 100 ක් ජීවත් වෙනවට වඩා 1 දවසක් ජීවත් නෙලා සිංහයෙක් වගේ මැරෙනවා එක නම්බුයි. චන්දි අක්කේ ඔයා දැකල තියනවා නේද අපේ ගුවන් තොටුපලේ විදේශ සේවා අංශයේ නිලදාරීන් කාක්කෝ වගේ මුල ඉදන් ගුවන් යානයට නගින කම් කරන්නේ මුදල් ගසා කන එක. බාගෙට මරල එන ශ්‍රමිකයන් මේ රටවල් වලදී හොදටම මරනවා. කොහෙන් ගියත් අහිංසක ජනතාව දුකට පත් වන වැඩ පිළිවෙලක් තමයි හැම ආණ්ඩුවක්ම කලේ ඉස්සරහට කරන්නෙත් ඒක. (නදී)
අපේ නිළධාරීන් හරි දක්ෂයි (නි)
පොඩි මිනිසුන්ගේ පොඩි දේවල් කොහොමත් ලොකුවට පේනවා (නි)
කන්ටේනර් ප්‍රශ්න ගැනත් සොයාබැලිය යුතුයි (නි)
නීති විරෝධී වැඩ අල්ලන එක හරිම හොදයි. හැමෝටම නිතිය ඔය වගේ ක්‍රියාත්මක කොරන්නේ නැති එක තමා කැත. වෙන රට වල ඔහොම නැහැ, නිතිය හැම එකාටම එක හා සමානයි (නි)
රේගු මල්ලි,එතනෝල් වල පින්තුරයක්වත් දාන්නකෝ (නි)
මාසෙට දෙකට රට ගිහින් එක අයව, රට යන අයව හොදින් පරීක්ෂා කළ යුතුයි (නි)
චන්දී, බොරු කියන්න එපා නෝනේ. ඔයාගේ පැකින් අවුල් ඇති. මමත් ඔය යස අගේට අන්නහි ගෙඩි 15ක් විතර ගෙනාවේ. ඊළඟ වතාවේ මම එන්නම් ඔයාට උදවු කරන්න. ඇත්තටම ඔය කුඩු ලොරියට මොකද වුණේ? (නි)
කවුද මාත් සමග ඔට්ටු අල්ලන්නේ මේක ගැන? (නි)