හීරෝ නීරෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රදීප් මහේෂ් ලියනගේ
ප්‍රදීප් මහේෂ් ලියනගේ විසින් ප්‍රථම වරට තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ හීරෝ නීරෝ ළමා චිත්‍රපටය මේ දිනවල TLමණ්ඩලයේ සිනමා ශාලා 28 ක තිරගත වේ. ළමා චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ වත්මන් තතු පිළිබඳවයි අද කතාබහ දිග හැරෙනුයේ.
චිත්‍රපටයේ නවතම තත්ත්වය පිළිබඳව මුලින්ම පැවසුවොත්?
නොවැම්බර් මස 11 වැනිදා සිට TL මණ්ඩලයේ සිනමා ශාලා 28ක තිරගත වෙන්න පටන් ගත්තා. මේ වෙනකොට හොඳ මට්ටමේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙනවා. නමුත් පාසල් විභාග නිසා යම් ගැටලුවක් තිබුණත් මේ වනවිට එය සමතයකට පත්වී තිබෙනවා. දැනට ප්‍රතිචාර පැත්තෙන් නම් බොහෝදෙනෙක් කියපු කාරණය තමයි ළමයින්ට වැඩිය බල්ලාගේ චරිතයට තමයි ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිපුර යොමුවෙලා තිබෙන්නේ. දරුවන් හා සතුන් අතර තිබෙන සෙනෙහස ගැන කියන්න තමයි මේ චිත්‍රපටය යොදා ගන්නේ. ඒ ගැන තිබුණු ප්‍රතිචාර නම් හිතුවට වැඩිය හොඳ වුණා. ආරම්භයේදී නම් හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියල. සත්තු ගැන චිත්‍රපට කරල තිබුණට තනි සතෙක් ගැන මූලික කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක් ලෙසිනුත් මේ පිළිබඳ ප්‍රතිචාර සොයා ගැනීමේ උවමනාවක් තිබුණා. ඒ පැත්තෙන් නම් හොඳ ප්‍රතිචාර තිබුණා.
අනිත් පැතිවලින් ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියනව නම්?
දැන් චිත්‍රපටියක් කරනවට වැඩිය අමාරුයි තිරගත කරන්න. ඒකට සෑහෙන්න කාලයක් යන හින්දා එයින් තමා ගොඩක්ම පාඩු වෙන්නේ. වෙන රටවල්වල වගේ ක්‍රමවේදයක් තිබුණනම් සෑහෙන්න වටිනවා. අපේ රටේ තියෙන්නේ තිරගත වෙන දවස ලැබෙනවා kill date (ඉවත් කෙරෙන දවසත්) එකත් එක්ක. එයින් නිෂ්පාදකවරයාට තමයි වැඩිම පාඩුව තියෙන්නේ. අධ්‍යක්ෂකවරයාටත් ඒ වේදනාව තිබෙනවා. කාලයක් තිස්සෙ තිරගත නොකර ඉඳලා ඉක්මනට ඉවත් කළාම තියෙන පාඩුව දැනෙනවා. සිංහල සිනමාවේ තමයි මේ තත්ත්වය තියෙන්නේ. නිෂ්පාදකවරු ඕනතරම් ඉන්නවා. චිත්‍රපට සඳහා හරි පිළිවෙළක් ලැබුණොත් හොඳ සිනමාවකට අපිට යන්න පුළුවන් වෙයි
මේ චිත්‍රපටය නිර්මාණය කළේ කොයි කාලෙද?
2012දී තමයි නිර්මාණය කළේ. අවුරුදු දෙකකින්වත් චිත්‍රපටයක් තිරගත කරන්න ලැබෙනවා නම් ඔවුන්ට තව නිර්මාණයක් කරන්න පුළුවන්නේ.
මේ තත්ත්වය හැමෝටම පොදුයිද?
මෑත කාලයේ හැම කෙනෙකුටම වගේ අත්දකින්න වෙන සංසිද්ධියක්. සමහරු අවුරුදු 10 ක් විතර පෝලිමෙත් ඉන්නවා. සමහර චිත්‍රපට නිර්මාණය කළාම ඔවුන්ගේ නම නිසා වෙන්න ඇති ඉක්මනට තිරගත වෙනවා. මෙය මගේ පළමුවැනි චිත්‍රපටය. මීට පෙර චිත්‍රපට 39ක සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තිබෙනවා. මගේ ගුරුතුමා සහ ගුරුතුමිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය. මගේ මුල්ම සහාය අධ්‍යක්ෂණය තමයි %ලොකු දුව^ චිත්‍රපටය. එහි දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයා ලෙසයි කටයුතු කළේ. චිත්‍රපට නිෂ්පාදකවරයාගේ පැත්තෙන් මෙය කර්මාන්තයක් වුණත් අධ්‍යක්ෂකවරයාගේ පැත්තෙන් මෙය කලා කටයුත්තක්. අනිත් කාරණය තමයි අද ළමා චිත්‍රපට හැදෙන්නේ වැඩිහිටියන්ගේ කෝණයෙන් බලලයි. මම බැලුවේ ළමයින්ගෙ පැත්ත. ළමයා හිතන විදියට චිත්‍රපට හදල නෑ. එයත් අභියෝගයක් වුණා. මෙය කොයි විදියට පිළිගනීද යන්න පිළිබඳ. වැඩිහිටියෝ තමයි ළමා චිත්‍රපටවල පාදකවෙලා ඉන්නෙ. නමුත් ළමයි අට දෙනෙක් සහ බල්ලෙක් තමයි අපේ චිත්‍රපටයේ මූලික භූමිකා රඟන්නේ.
චිත්‍රපටය මේ ආ දුර සාර්ථකයි කියල හිතෙනවද?
ඇත්තටම කියනව නම් මේ යන්නෙ දෙවෙනි සතිය. දෙවැනි සතිය වෙද්දි වැස්ස තිබිලත් විභාග හා දහම්පාසල් විභාග තිබිලත් සතුටු වෙන්න පුළුවන් ප්‍රතිචාර තිබෙනවා. මේ දේවල් ආවෙ නැති කාලෙක ආව නම් මීට වඩා ප්‍රතිචාර ලබන්න තිබුණා. අපට ලැබුණු කාලය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. විභාග තියෙන කාලෙක ළමයින්ට එළියට එන්න දෙන්නෙ නෑනේ. ළමා චිත්‍රපටයක් නිසා මෙයට අභියෝග රැසක් තිබෙනවා. වෙන තේමාවක් වුණා නම් මෙයට ගැටලුවක් වෙන්නෙ නෑ. නමුත් මේ වෙනකොට ලැබිල තිබෙන ආදායමත් එක්ක බැලුවාම සතුටු වෙන්න පුළුවන්.
මේ චිත්‍රපටය සාම්ප්‍රදායික රැල්ලේ ළමා චිත්‍රපටයක් යැයි චෝදනා කළොත්?
බොහොම ස්තුතියි ඒක ඇහුවට. එයට පිළිතුර තමයි මේ චිත්‍රපටය සාම්ප්‍රදායික ගතියෙන් මිදෙන්නෙ අපි කොයි වෙලාවකවත් දුප්පත්කම නොවිකිණූ නිසයි. දුප්පත් ළමයි මෙහි නෑ. අපේ චිත්‍රපටවල ගොඩක්ම කතා කරන්නෙ දුප්පත්කමනේ. මෙහි ඉන්නෙ අපි පුංචි කාලෙ ඉඳපු හොඳ ගුණයහපත් දරුවෝ. ඔවුන් වැරදි රාමුවට ගේන්නෙ යහපත් දේවල් පෙන්නන්නෙ නැතිකමින්. අපි යොදා ගත්තේ මහල් නිවාස සංකීර්ණයක ඉන්න ළමයින් පිරිසක්. ඔවුන් පිළිබඳව තියෙන්නේ එතරම් හොඳ ආකල්පයක් නෙවෙයි. බොහෝ වෙලාවට ජාත්‍යන්තර පාසල්වලට යන ළමයි ළඟ සාරධර්ම නැහැ යැයි පැවසුවාට එහෙම නෙවෙයි. බල්ලා පවා සාමාන්‍ය බල්ලෙක් තමයි යොදා ගත්තෙ සහ සාමාන්‍ය ජීවිතය ගතකරන දරුවන් තමයි ගත්තෙ. සාම්ප්‍රදානුකූල රාමුවෙන් මිදී ඇත්තටම දරුවො කවුද කියනෙක මූලික කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය කළේ.
මෙතැනින් එහාට මොන වගේ පියවරක්ද තබන්නේ?
සාමාන්‍යයෙන් චිත්‍රපටයක් කරල අවසන් වුණාම කියනවා අපි තව චිත්‍රපටයක් කරනවා කියා. චිත්‍රපටයක් කරන්න නම් අදහසක් තිබෙනවා. නමුත් ඉක්මනටම චිත්‍රපටයක් කරන්න ලෑස්ති නැහැ. ලබන අවුරුද්දේ මැද වෙද්දි අලුත් කටයුත්තක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. එයත් ළමයින්ගේම පැත්තෙන් හිතපු නිර්මාණයක්. ළමයින් දිහා බලලා චිත්‍රපට හැදුවොත් අනෙක් අධ්‍යක්ෂකවරුත් ළමයින් දිහා බලලා චිත්‍රපට කරන්න පුරුදු වෙයි. ලෝකේ අනිත් රටවල බොහෝ චිත්‍රපට තියෙන්නේ ළමයින්ගේ ඇසෙනුයි. ඉදිරියට සත්‍ය කතාවක් ඇසුරෙන් ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරන්නයි මගේ බලාපොරොත්තුව. 2017 මැද භාගය වන විට එය කරන්න පුළුවන් වෙයි කියා හිතනවා.
සටහන ඉඳුනිල් සින්දු
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ළමයි අටයි, එක බල්ලයි - හීරෝ නීරෝ