හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත්තේය. දීපන් නම් ප්‍රංශ ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහු මේ රන් සම්මානය දිනාගත්තේය. ප්‍රංශයේ ජනාදරයට පාත්‍රවූ චිත්‍රපට අධ්‍යක්ෂ ජකාස් අඩියාඩ් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. අන්තෝනිදාස් ජේසුදාසන් යුද සමයේ ශ්‍රී ලංකාවේ ළමා සෙබලකුගේ චරිතය රඟපෑවේය. ඔහු ද තරුණියක ද නව හැවිරිදි දැරියක ද එක් පවුලක සාමාජිකයන් බව පෙන්වමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ප්‍රංශයට ආහ. පැරිසිය අසළ පහසුකම් අඩු නිවාස පෙළක පදිංචියට ගිය දීපන් තමා සමග සිටි දෙදෙනා මත්කුඩු කල්ලිවල නිරන්තර ගැටුම් වලින් ද ප්‍රදේශාධිපත්‍යයෙන් ද බේරා ගැනීමට ඔහු සටන් බිම අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඇත.
මෙය එම සම්මාන උළෙලේ ඉහළම සම්මානයයි.
අන්තෝනිදාසන් වයස 16 සිට කොටි සටන්කරුවෙක් විය. ශ්‍රී ලංකාවේ භියකරු තුන් වසරකට පසුව ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1993 දී ප්‍රංශයට යාමට පෙර ඔහු තායිලන්තයට පැමිණියේය. ප්‍රංශයේ දී ඔහුට දේශපාලන රැකවරණ ලැබිණි. කෑන් චිත්‍රපට උළෙලේ ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් මධ්‍යයේ ඔහු වාර්තා කරුවන්ට පැවසුවේ දීපන් චරිතයේ සියයට 50ක් තම කතාව බවයි.
‘‘ මම ප්‍රංශයට ආවේ හොර ගමන් බලපත්‍රයකින්. එහෙම එකක් විතරයි මට හොයා ගන්න පුළුවන් වුණේ. එංගලන්තයට කැනඩාවට පනින්න හොර ගමන් බලපත්‍රයක් හොයාගන්න බැරිවුණා.‘‘ යැයි අන්තෝනිදාස් කීවේය.
ප්‍රංශ බස ඉගෙනීම හරි අමාරු වූ බව ද ඔහු කීවේය. නිෂ්පාදක අඩියාඩ් සමග කෑන් වේදිකාවට ගොඩවුණු ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට යළි යෑම භයානක බවයි. ‘‘2009 යුද්ධය නිල වශයෙන් අවසන් වුණා. අදත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පහර දෙනවා. රජයෙන් යුද සිර කරුවන් කී දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි අපි අදත් දන්නේ නැහැ. අපට සැබැ තොරතුරු නැහැ. ප්‍රංශයේ දී මුදල් සෙවිය හැකි ඕනෑම වැඩක් කරමින් ඔහු කෙටි කතා නාට්‍ය නවකතා ආදිය ලියූ බව කියයි. ඒ කතාවලට ඔහුගේ අත්දැකීම් පාදක වී ඇත.
අදියාද්ගේ චිත්‍රපටයේ රඟපෑමට පෙර අන්තෝනිදාසන් ප්‍රංශයේ දෙමළ කොටින්ගේ විදි නාට්‍යයවල ප්‍රචාරක නළුවෙක් විය.
‘‘රඟපෑම අමාරුයි. ඒත් ජොලි වැඩක් “ යැයි ඔහු කියයි.
ශ්‍රී ලංකාව ගැන ඔහුගේ මිළඟ පොත ලබන ජූලි මාසයේ දී නිකුත් වීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ළමා සොල්දාදුවෙක් හැටියට බඳවා ගත්තේ ශ්‍රීලංකා හමුදාවද? තවමත් ලංකාවට යන්න බයයි කියන්නේ. චැනල් 4 එකේ ජොබ් එකක් දුන්නනම් හරි (බ)
පසුගිය ඉරිදා ප්‍රංශයේ කෑන්ස් නගරයේ අවසාන වුනු මෙම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ලෝකයේ හැමරටකින්ම උසස් ගණයේ නිර්මාණ ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවට මෙවැනි ලෝක සම්මානයක් ලැබීම ගැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මා අතිශය සතුටට පත්වෙනවා. ඉතාම තරඟකාරී තත්වයක් යටතේ, අතිදක්ෂ විනිසුරු මඬුල්ලක් මගින් ලෝකයේ උසස්ම චිත්‍රපට තෝරා ගැනීම ඒ අයගේ වගකීමක් බව රහසක් නොවේ. ඔවුන් දේශපාලන, ආගමික, වාර්ගික අර්බුධ වැනි දේවල් අළලා නිපදවන චිත්‍රපට තෝරා ගැනීම කරනවා, වැඩි වශයෙන්. ඇමරිකාවේ හොලිවුඩ් චිත්‍රපට උළෙලට නොදෙවැනි මෙම උළෙල බලාගැනීම සඳහා දහස් ගණන් ජනතාව, විශේෂයෙන් තරුණ තරුණියන්, මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කරන සම්මන්ත්‍රණ ශාලාව ඉදිරියේ එක්රැස්වී සිටිනවා. තමන් ප්‍රියකරන නළුනිළියන් දැක බලාගනිමටත්, පුළුවන් නම් ඔවුන් සමග පින්තුර වලට පෙනිසිටිමටත් ඔවුන් ඉතා ආශාකරනවා.සමහර අයගේ බලාපොරොත්තුව වන්නේ ඉදිරියේදී රිදී තිරයේ බැබලෙන නළුවෙක් හෝ නළුවෙක් වීමටයි. ඒ සඳහා ඔවුන් විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ නෙත්වලට පෙනීසිටීමට අති මහත් උත්සාහයක යෙදෙනවා. (බ)
පසුගියදා ප්‍රංශයේ කෑන්ස් නුවර අවසන් වුන ජ්‍යාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ඉහළම සම්මානය දිනාගත්, සුප්‍රකට ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂක ඔදියා නිෂ්පාදනය කල "දීපාන්" චිත්‍රපටයේ ප්‍රධාන නළු, හිටපු කොටි ත්‍රස්තවාදී ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් පුවත්පත් වාර්තා කරුවන්ට පැවසුවේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය නොවන බව සක්සුදක් සේ පැහැදිලි බව පේනවා. වසර ගණනක් ප්‍රංශයේ සිටි මේ නළුවාට මේ කතාව ලිය දුන්නේ කවුද? දැන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ වාර්ගික අර්බුදයක් නොවන බව අන්තෝනිදාස් ජේසුදාසන් නොදන්නවා විය හැක. යාපනේ පසුගිය දිනවල තිබුනේ සිංහල දෙමල ප්‍රශ්නයක් නොවන බව ඔහු දන්නේ නැද්ද? ඔහුම මෙසේ කියනවා : "අපට සැබැ තොරතුරු නැහැ". එක නම් සම්පුර්ණ ඇත්ත. (නදී)
ප්‍රංශයේ ජීවත්වෙන මට මේ කමෙන්ට් දුටු විට දුක හිතෙනවා අපේ මිනිස්සු මෙතරම්ම ජාතිවාදීද කියල හිතෙනවා. මොහු අපේ රටට ගෞරවයක් ඔහු දක්ෂයෙක් .තවත් කාරණයක් කියන්න තියනවා. මේ සම්මානය හිමි උනේ ඔහුට නෙමේ එ්ක හිමි උනේ අධක්ෂවරයාට.(නදී)
ඔන්න ඔහේ අපි සුබ පතමු! (නි)
මේ කතාව තුළත්, සිදුවීම තුළත් සටහන් වන්නේ ජාත්‍යයන්තර චිත්‍රපට උළෙලකදී ඉහළම සම්මානයක් ලැබුනා කියන අභිමානයට වඩා අතීතයේ සිට සහෝදරත්වයෙන් ජීවත් වූ ජන කොට්ටාශ දෙකක් බාහිර බලවේග වල සැඟවුණ න්‍යාය පත්‍රවල ගොදුරක් වීම පිළිබඳ ඛේදවාචකයක්. "දීපන්" මේ ක්‍රියාදාමයේ සංකේතයක්. සිනමා කලාව පිළිබඳ නම් දැරූ සිංහල කිහිප දෙනෙක්ද මේ සංවේදී මාතෘකාව පාදක කොටගෙන නිපදවූ චිත්‍රපටවලට ජාත්‍යන්තර සම්මාන ලැබීම අහඹුවක් නොවේ. පාවාදීම කළේ කවුද යන්න නොවෙයි වැදගත් වන්නේ පාවාදීම කළේ ඇයිද යන්නයි. ඊට ලැබෙන පිළිතුරට අනුව මෙය ඇත්තෙන්ම ආඩම්බර වියයුතු ජයග්‍රහණයක්ද නැත්නම් ලජ්ජා වියයුතු දෙයක්දැයි තීරණය වනු ඇත. අද අසරණවී ඇත්තේ මිනිසා පමණක් නොව ඔහුට ජීවය දුන් කලාවද ඊට ගොදුරුව ඇත. (නි)
මෙයාගේ ගොරහැඩි මුහුණ වගේමයි වචනත්. හොරෙන් රට පනින අය හැමදාම කියන්නේ ලංකාවේ ආරක්ෂාවක් නැහැ කියල. උන් බයයි ආපහු යවයි කියලා. කොහේ සම්මාන උළෙලක් තිබුනත්, සිංහල ජාතියට , සිංහල හමුදාවට හෝ බුදුදහමට නින්දාවක් වෙනවා නම් පිට රටවල් ඒකට සම්මාන දෙනවමයි. කොටියෙක් කට ඇරියට අපි චංචල විය යුතු නැහැ.(නදී)
නුඹ අපේ එකෙක්. ඔබට සුබ පැතුම්! (මව්බිමට ගරුකරපන් මල්ලි) (නි)
ප්‍රසාද්, ඔයාගේ ප්‍රතිචාරය හරි.පිටරට මිනිස්සු සම්මාන දෙන්නේ තවත් රටකට මඩගහන පින්තූරයකටම හැම වෙලාවේම. බලන්න ඉතිහාසේ අරගෙන.පහුගිය සම්මාන දුන්නේ මොන ආසියාතික පසුබිමක කතා වලටද කියලා. අපිට ලෝකෙම තියෙන්නේ මේ පුංචි රට, ඒක බේරගන්න එක කාගේත් යුතුකම කියලා හොඳට හිතට ගන්නේ නම් හොඳ වේවි. (නි)
සිංහලයාගේ විනාශයට වැඩකළ ළමා කොටියෙක් වුවත් දක්ෂතාවය අගය කළයුතුයි. එහෙත් මේ අවස්ථාවේත් දෙමළ ජාතිවාදී බව ඔහු ඉතා ඉහළින්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ කිසිවෙක් සියයට සියයක් විශ්වාස කළනොහැකි බවට.එය තමයි ඔහු තහවුරුකර ඇත්තේ. (නි)
මෙහි ඇති අදහස් වලින් පෙනෙනවා සමහරු කොතරම් ජාතිවාදීද කියලා (නි)
සිංහල ජාතියට, ශ්‍රී ලංකාවට පහරදෙන ඕනෑම කෙනෙකුට සම්මාන දෙන ජාත්‍යන්තරයක් අද තිබෙන්නේ.අපේ තානාපතිලත් මේවා ගැන ඇස් අරින්නේ නැතුව පාඩුවේ ඉන්නවා.ඒ රටට හොරෙන් ආ බව ප්‍රසිද්ධියේ කියපු එකට තවත් සම්මානයක් දෙන්න පුලුවන්. (නි)
සාමකාමී රටක ඉන්න හැමකෙනෙකුට ලංකාවට ආපසු යාමේදී සුරක්ෂිතතාවයක් තිබේද යන්න දෙවතාවක් සිතන්න වුණා, ජනවාරි 8ත කලින් නම්. දැන් නම් බොහෝ දුරට නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙත් පහුගිය පාලනය හදපු සමහර දුෂිත නිලධාරීන් තවම සම්පූර්ණයෙක් වෙනස්වෙලා නැහැ. එම නිලධාරීන් පුනරුත්තාපනයකට ලක්කළ යුතුයි රට සුරක්ෂිත වෙන්න නම්. දැනට නම් විශ්වාස කළහැක්කේ ජනපති සහ අගමැති දෙදෙනා පමණයි. (නි)
මගේ සුබ පැතුම් සහෝදරයාට! (නි)
චාමික මහත්තයෝ, කරුණාකරලා බටහිර රටකට වෙලා සුද්දන්ට කඹුර කඹුර උන්ගේ සපත්තු ලෙව කකා උපන් රටට ගරහමින් කළු සුද්දෙක් වෙලා තප්පුලන්නේ නැතුව ලංකාවට ගොඩ බැහැල බලන්න. 8 වෙනිදට කලින් ජිවත් උනාට වඩා වෙනස් විදියටද අද මේ රටේ මිනිස්සු ජිවත් වෙන්නේ කියලා. එදා නොතිබුණු අද තියෙන වෙනස මොකක්ද කියලා. සාමකාමී රටේ නීතියට ගරු කරන මිනිස්සුන්ට එදත් එකයි අදත් එකයි. එහෙම නැති මිනිස්සුන්ටනම් අද වෙනසක් පේනවා ඇති. ඒකනේ උසාවි වලට ගල් ගහන්නේ. (නදී)
ලංකාව පිළිබඳව මොහු කියල තියෙනදේ අමූලික බොරු හිරේ ඉන්න අය පිළිබඳ වාර්තා රාජ්‍ය නොවන සංවිධාන පවා දැනුවත්. ඒ අයත් ඒ ගැන සොයාබලකවා. සුඵ වාතීන්ට මෙහේ හිරිහැර නෑ සමගියෙන් ඵකට ජීවත් වෙනවා. මෙයාගෙ කොටි පුල්ලි සේදිලා නෑ තාමත්. මේ අවස්තාථාව තමාට ලැබුන ජනප්‍රියතාව ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයට බොරු ප්‍රචාරයට යොදාගන ඇත. ඵය මම තරයේ හෙලා දකිමි. (බ)
ලංකාවේ සැමදා ප්‍රශ්ණ තිබෙන බව ද මේ කියන්නේ ? (නදී)
ලංකාවේ සැමදා ප්‍රශ්න තිබෙන බවට මොවුන් කියන්නේ තවදුරටත් එම රටවල්වල රැඳීම සිටීමටත් ලංකාවෙන් ඔවුන්ට හිතවත් ආර්ථික සරණාගතයන් ඒ රටවල්වලට ගෙන්වා ගැනීමටත් බව රහසක් නොවේ, හොර ගමන් බලපත්‍රයෙන් ගියානම් ඔහු තවදුරටත් වැරදිකරුවෙක් නොවේද ?(නදී)
මේ හෙඩිම දැක්කම කියවන්න ගත්තේ හරිම ආසාවෙන්. කියෙව්වට පස්සේ චී කියල හිතුණා. සහජීවනය ගැන අපි කතා කලාට එයාලගේ වැඩ පිළිවෙල වෙනස් වෙලා නෑ.(නදී)
යහපාලලා වගෙ මිනිස්සුන්ට උත්තර දෙන්න වැයකරන කාලේ අපරාදේ. කවදාවත් ලිදෙන් ගොඩ එන්නවත් දාන් ඉන්න නිල් කන්නාඩිය ගලවන්න වත් උත්සහ ගන්නේ නෑ (බ)
ජාති වාදය අවුස්සලා තමන්ගේ වාසියට වැඩ කරන අය තාම පම්පෝරි ගහනවා. නැවත දේශපාලනයට එන්න හදනවා. අපි යහ පාලනයක් යටතේ ජාති වාදයට ඉඩ නොදිය යුතුයි. අපේ සුබ පැතුම් ඔබට. (නදී)
ප්‍රංශය එදත් කොටින්ට කඩේ ගියා. අදත් ඩයස්පෝරාවට කඩේ යනවා. එ්ක ගණන් ගන්න එපා. ලංකාවේ අායෙමත් ජාතිවාදීන්ට ඉඩක් ලැබෙන එකක් නැහැ.(නදී)
මගේ දෙමළ යාලුවෙක් පොලිස් නිලධාරියෙකුට ඉංග්‍රිසියෙන් කතා කළා කියලා යාපනේදි කනට ගහලා. යාළුවා සිංහල දන්නේ නෑ. මැලේසියාවේ ඉගෙන ගන්න ගිහින් ඉංග්‍රිසි නම් දන්නවා. ඉතින් එ් කාලේ කොහොම තියෙන්න ඇතිද ? (නදී)
මොක ද මේ හැමෝම ප්‍රංශේට, කැනඩාවට, එංගලන්තෙට ම යන්න හදන්නේ? එහෙ භාෂා ප්‍රශ්න, සංස්කෘති ප්‍රශ්නත් තියෙනවනේ. රැකවරණ හොයාගෙන ඉන්දියාවට (තමිල්නාඩුවට) යන එක ලේසි නේ ? මෙහෙ වගේ දෙමල භාෂාව කතාකරනවා, වැඩත් මෙහෙ වගේ. (බ)
දෙමළ විතරක් නෙමෙයි 88-89 කාලයේ සිංහල තරුණයොත් පිටරටවලට පැන්නා. එහෙ අනුකම්පාව ගන්න ලංකාව ගැන දහසක් දේ කිව්වා. ඒවත් රට පාවා දීම්ද? එහෙම නෙමෙයි නම් ඇයි දෙමළ අයට විතරක් බනින්නේ. මිනිස්සසුන්ට රතුපස්වල අමතකද? පීඩනයට එරෙහි වන විට වෙඩි තියන එක පාලකයාගේ හැටි. බුලට් එකට දෙමළ සිංහල බේදයක් නෑ. මිනිස්සු මේක තෙරුම් නොගන්න තාක් ඉන්නේ අඳුරේ. (බ)
මෙතන සමහර අය හරිම සාදාරන වාදියෝ කව්රු හරි සිංහල කම ගැන කතා කරපු ගමන් දඟලනවා. අන් රටවල්වල ඉන්න අය එහෙ වැඩක් බලාගෙන ඉන්න අපි ලංකාව හදා ගන්නම් (නදී)
ඔහුගේ කලා හැකියාව අගය කරමු (බ)
ලාංකිකයෙකු වෙලා ඉපදිලා ඒකේ ගුණයවත් තියන්නේ නැතුව ලංකාවට යන්න බැරි තත්වයක් තියන්නේ කියලා ලෝකය ඉදිරියේ කියලා, රට පාවාදුන් කෙනෙක් ලෝක සම්මාන උළෙලකදී කොයිතරම් ලොකු සම්මානයක් ගත්තත් ලාංකිකයෝ ව්දියට අපි කවදාවත් හදවතින් සතුටු වෙන්නේ නැහැ ඔහුගේ ජයග්‍රහණය ගැන. ඒ කුහකකමකට නොව මගේ රට පාවාදුන් දුකට සහ කළකිරීමටයි. (ස)
ශ්රී ලාංකිකයකු හැටියට අපි මොහුට අනුකම්පා කල යුතුයි. ඔහු මාධ්‍යට කියපු දේවල් වලින් මොනවගේ මානසික මට්ටමකින් ජිවත් උනාද කියන එක පැහැදිලියි. ඔහුට ඕනකරලා තියෙන්නේ කොහොමහරි ජිවත් වෙන්න. රඟපෑම ජොලියක් උනේ එකනේ. මේ තරම් වටිනා සම්මානයක් ලැබිලත් එකේ වටිනාකමවත් තේරෙන්නේ නෑ. මොන රටක උනත් සතියක් දෙකක් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් උනොත් ඒ රට ගැන හැඟීමක් අපිට ඇති වෙන්නේ. ළමා සොල්දාදුවෙක් උන මොහුට කොහොමද රට ගැන හැගීමක් එන්නේ. (ස)
රට පාවාදීලා මොන සම්මානය ගත්තත් වැඩක් නැහැ.ඩොලර් කන්දරාවට ඕනෑ වැඩක් කරනවා.ඔය රටවලුත් කොටියාට සහ ඒජන්තයන්ට උදව් කරන අයනේ. (නි)
පිවිතුරුගේ ලොක්කන් භුමි පුත්‍රයන්ද ? ජීවිතේට පිට රටකට ගිහිල්ල නැතිව මෙහෙම තප්පුලගෙන ඉන්න ඇති නේද ? ආයෙත් පටන් ගත්ත පිටරට ගිය මිනිස්සුන්ට දෙහි කපන්න. මෙහෙ ඉඳලත් රටට බරක් වෙලා රට කන ගොයියන් දැකල නැද්ද පිව්තුරු ? (බ)
මෙම සම්මානය දීලා තියෙන්නේ ෆිල්ම් එකට .. නළුවට නොවෙයි . හොඳම ෆිල්ම් එකට ... එක දෙන්නේ ෆිල්ම් එකේ නිෂ්පාදක ට ... (ම)
මුනෙන්ම කොටි පාටයි (නදී)
සුබ පතමුද ? එපාද? (නදී)
ඔය පිවිතුරු යහපාල කියන කෙනා ඔය තරමට රටට ආදරේ නම් ඇයි බැරි තමන්ගේ නමින් ලියන්න.බොරු නම් ගෙන පත්තර වලට ලියනවා.මුළු ලෝකෙම ඉන්න අය ලංකාවට ආවොත් කෝ ලංකාවට විදේශ විනිමය.පිට රට ඉන්න හැමෝම ලංකාවට එයාලගේ නෑදෑයන්ට මුදල් එනවා දහස් ගණන්.රටකට කොච්චර හොද දෙයක්ද එ්ක.මෝඩ කතා කියන්න එපා.ජාති වාදය අවුස්සන්න එපා (බ)
කොටියාගේ පුල්ලි මකන්න බැහැ. හම ගැහුවත් කොටියා කොටියාමයි (නි)
කොහෙද ලංකාවේ සුළු ජාතීන්ට ගහන්නේ? (නි)
අමතක කරලමු පැරණි කතා, එක්වමු ජාතික දියුණ පතා... සුබ පැතුම් මල්ලි! (නි)
ලාංකිකයෙකු වෙලා ඉපදිලා ඒකේ ගුණයවත් තියන්නේ නැතුව ලංකාවට යන්න බැරි තත්වයක් තියන්නේ කියලා ලෝකය ඉදිරියේ කියලා, රට පාවාදුන් කෙනෙක් ලෝක සම්මාන උළෙලකදී කොයිතරම් ලොකු සම්මානයක් ගත්තත් ලාංකිකයෝ ව්දියට අපි කවදාවත් හදවතින් සතුටු වෙන්නේ නැහැ ඔහුගේ ජයග්‍රහණය ගැන.ඒ කුහකකමකට නොව මගේ රට පාවාදුන් දුකට සහ කළකිරීමටයි. (නි)
නුඹගේ මතිමතාන්තර කුමක් වුවත් නුඹ ලංකාවේ මිනිහෙක්. එනිසා හරිම සතුටුයි. ජය ශ්‍රී ! (නි)
මේ සම්මානය ලැබුනේ ලංකාව ගැන බොරු කියා කියා කරන රගපෑමට මිස චිත්‍රපටයේ රග පෑමට නෙවෙයි නේද? අපි නොදන්නා සුද්දගේ සම්මාන...(බ)
නුඹ සිංහලද දෙමලද කියන එක නෙවෙයි වැදගත්.සත්‍යවාදියෙක් වෙයන්.එකයි මිනිස්කම.(කේ)
මොහුට කොටි සංවිධානයට බැදෙන්න ඇත්තේ විනෝදෙට නෙමේ.. ඒ කාලෙ උතුරේ මිනිස්සුන්ට තිබුනු පීඩනය දකුනට හිතාගන්න බෑ... අපි මොහුට සුභ පතමු.. (කේ)
තමන් ඉපදිනු රට එහෙම බාල්දු කරන්න එපා මල්ලි. ඔය වගේ තවත් දෙමල කීලක්ෂයක් සිංහල මිනිස්සු එක්ක ජීවත් වෙනවද මෙහෙ. කොහොම උනත් තවත් ඉදිරියට යන්න සුභ පැතුම්. (කේ)
අපේ රට පාවාදීලා ලෝකයෙන් අනුකම්පාව ලබාගන්න තිරිසන්නු (බ)
අනේ මන්දා මේවා ගැන මොනවා කියන්නද කියලා (නි)
තමන්ගේ වාසියට රට පාවාදෙන්න එපා (නි)
මොහු ඉස්සර කොටියකු වන්නට පුළුවන්. නමුත් ප්‍රංශයට ඇවිල්ලා කාලයක් නිසා ඔහුගේ එම අදහස් වෙනස් වී ඇති. මොකද ප්‍රංශය සෑම ජාතියකටම ආගමකටම එකට ජීවත්වන්න පුළුවන් රටක් නිසා.ඔහු නිසා ලංකාවේ නම මෙම උත්සවයේදී කියවීමෙන් ලංකාවට ප්‍රසිද්ධියක් ලැබුනා. (නි)
පිවිතුරු යහපාලට පිටරටකින් ස්ථිර පදිංචි විසා ප්‍රතික්ෂේප වුණ දවසේ ඉඳලා පිටරට ඉන්න ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් මතක් කරනවා. (ම)
ජාති ආගම් කුල කිය කියා තවත් කොතෙක් කල් මෙසේ කල් ගෙවන්නද? බෙදී වෛර නොකර එකතුවීම ගැන සිතමු. මේ වර්ගවාදය වසර දහස් ගණනාවක් පැරණිය. තවත් ඉදිරියට ගෙන නොයාමට අපි සියල්ලෝම වගබලා ගනිමු.ජය ශ්‍රී! (නි)
ප්‍රසාද් කියන දේ ඇත්ත (ම)
අද ලංකාවේ නියම තත්වය ගැන මුළු ලොවට කියන්න තමා රට රටවල් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාල තිබෙන්නේ නමුත් මේ අය තමන්ගේ රාජකාරිය අද වගේම මීට පෙරත් නොකළ නිසා තමා අපේ රට පිළිබද හොද පැහැදිලි කමක් නැති වෙලා මෙවැනි තැනක් අපට ලැබිල තියෙන්නේ (ම)
චමිල-පානදුර ඔයා හරි. (නදී)
කැලය මාරු උනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැ කියල කියන්නනේ ඕවට තමා.(නදී)
මවු බිම පාවා දෙනවා නේද? (නදී)
අවුලක් නැහැ, සුබ පතමු නේද? දැන් යහපාලනයනේ (නි)
මෙයා කොටි සංවිධානෙනුත් පැනලාද එතකොට ඔය ගිහින් තියෙන්නේ? (නි)
චමිල,මගේ හිතේ තිබුනදේම ඔබ ලියලා. ස්තූතියි! (නි)
මටත් හිතෙනවා සුබ පතන්න (නි)
අර කාන්තාව නම් නියමයි (නි)
නාමල් එයාලට විතරද පීඩනය තිබුනේ ....ඔයාලට තිබුනේ නැත්ද ?...දකුණට පීඩනය දෙද්දී ඔයා ඇතුළෙද හිටියේ කොහොමටත් ....සිංහල ජාතියටත් රටේ හමුදාවටත් මඩ ගහන ඔයවගේ චිත්‍රපට වලට බොහොම සම්මාන ලැබුන මීට පෙරත්....රට පාවා දිදී එහෙ හිටියේ නැත්නම් මෙහෙ එන්න වෙනවනේ ...එ්කතමා....ඉතින් කොහොමද උඹට සුබ පතන්නේ ...(බ)
යහපාලනේට ෂෝක් කොල්ල (බ)
කොහොමත් බටහිර රටවල් තෝරා බේරා සම්මාන දෙන්නේ ලංකාවේ සුළු ජාතින් හැමදාම තැලෙනවා කියන මාතෘකා තියන නිර්මාණ වලටම තමයි (බ)