ශ්රී ලංකාවේ ප්‍රථම වරට පාසල් ළමෝ දොලොස් දෙනෙක් දින 14ක තවකාලික පැවිද්ද ලදහ.
අනුරාධපුර කුරුන්දන්කුලම තිසරණ විවේකාශ්‍රමයේ විහාරාධිපති උඩුගම සාරානන්ද හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.
ශ්රී ලංකාවේ ප්‍රථම වරට පාසල් ළමෝ දොලොස් දෙනෙක් දින 14ක තවකාලික පැවිද්ද ලදහ.
අනුරාධපුර කුරුන්දන්කුලම තිසරණ විවේකාශ්‍රමයේ විහාරාධිපති උඩුගම සාරානන්ද හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ගේ උණුසුම තවමත් උවමනා මෙවැනි වයසේ ළමයි මහන කරවීමෙන් වෙන්නේ පව් වැඩක්. දෙමව්පියෝ හිතනවා ඇති ඒ පිනෙන් ගොඩ වෙන්න. ළමයින්ටත් ඕක හරියට තේරෙන්නේ නෑ මොකද හැමෝම බොරුවට හරි වදිනවනේ. මම ලංකදිපයේම ලිපියක දැක්ක පොඩි කාලේ දෙමාපිය රැකවරණය උණුසුම නොලබා හැදෙන ළමයි විවිද අපචාර වලට යොමු වනවා කියල. විශේෂයෙන්ම සමලිංගික කටයුතු, විවිද අස්වාබවික වැඩ. ටිරාන්ගේ අදහසට එකඟයි. (නදී)
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! (නදී)
වැඩිහිටියටත් බැරිද දන්නේ නැහැ ! මටත් ලොකු ආසාවක් තියෙනවා ටික කලකට මහන වෙන්න ! බමුණු , තාවකාලික පැවිද්ද සියමේ , බුරුමේ, ලාඔසේ , කම්බෝදියාවේ වගේ හැම රටකම තියෙනවා මේ හැම රටක්ම ථෙරවාදී රටවල් අපිට විතරයි තාවකාලික පැවිද්ද තිබුනේ නැත්තේ , මේක ඉතාම හොඳ දෙයක් , සියමේ තාවකාලික පැවිද්ද රජ කමටත් සුදුසු දෙයක් වෙනවා (නදී)
අද අවුරුදු 12 කියන්නේ හොදින් යම්දෙයක් වටහ ගත හැකි වයසක්. දින 14ක් තුල මේ දරුවන්ට ලැබෙන හික්මීම සහ බෝසත් ශික්ෂණය ගිහි ජීවිතය හෝ පැවිදි ජීවිතය සාර්ථක කර ගැන්මට හේතු වනවා නොඅනුමානයී (නදී)
අකමැති උදවිය නිකන් ඉඳල කැමති උදවියට මහණ දම් පුරන්න ඉඩ දෙන එක තමයි හොඳ (නදී)
සැබවින්ම මෙය අග්‍රගණ්‍ය සමාජ සත්කාරයකි.. බෞද්ධ රටක් ලෙස මේ තබන ලද ඉදිරි පියවර පිළිබද ව ආඩම්බර වෙන්නෙමු(දිල්)
ටිරාන් ලංකාවේ නොවේද ඉන්නේ. එතකොට ළමා නිවාස මුවාවෙන් තියන සත්ව ගොවිපලවල්, හාම්පුතාලගේ ගෙවල්වල බර අදින දරුවන්, හෝටල්වල, ගරාජ්වල ,පොලවල්වල, මංමාවත්වල, පදික වේදිකාවල, හිංසනය නොවේද විඳින්නේ. පාසල් අවට කුඩු,පෙති,බාබුල්,කාරුංක,බෙහෙත් පැණි, පුද්ගලික පන්ති අවට මුඩුක්කු වගේ ඉටිකොළ කබානා කව්ද ඒවාට කතාකරන්නේ. ඒවාට කතාකරපු ගුරුවරු කී දෙනෙක් ගුටි කෑවද, හිංසාවට ලක් උනාද .?දරුවන් හොඳට නරකට යොමුවෙන්න තියන වයස. උචිත ක්‍රියාවක්. සැමට සම්බුදු සරණයි (නදී)
ඉතා හොද ක්‍රමයක්. අපේ දරුවන්ගේ දහම් පාසැල් අධ්‍යාපනය වගේම වසර දෙක තුනක් මහණ දම් පුරන්න අවස්ථාව දුන්නොත් ඉදිරි පරපුරේ යම්කිසි හොද විනයක් සහ සදාචාරයක් ගොඩ නැගෙනු නොවනු මානයි. තායිලන්තයේ බුරුමේ ටිබෙටයේ මේ ක්‍රමය හොදින් සිද්ද වෙනවා සමාජයේ යහපත් පිරිසක් බිහිවේවි. (නදී)
මේක තායිලන්තයේ, බුරුමේ සහ බංගලිදේශයේ තියෙනවා. ගොඩක් හොඳ දෙයක් මොකද ටික දවසකට හරි මෙහෙම ඉන්න එක හොඳයි (නදී)
එක දවසකටවත් සංවරව ඉන්න බැරි සමහරු මේ පුවතට කලබලවෙලා. තාවකාලික කියන්නේ සදාකාලික නෙමෙයි. මෙහි තිබෙන වැරැද්ද මොකද්ද ටිරාන්? (නි)
මට මෙවැනි අවස්ථාවක් ලැබුනේ නැහැනේ. වැඩිහිටියන්ට මෙවැනි අවස්ථාවක් ලැබෙනවා නම් මමත් කැමතියි. අපේ නෝනාගේනුත් බාධාවක් වෙන එකක් නැහැ. එයත් පිනට දහමට බොහොම ලැදියි. (නදී)
මැටිපහනගේ ඔලුවේ මැටිද දන්නේ නැහැ තියෙන්නේ? දරුවන් සංවරව, නිදහස් සාමකාමී, ආගමික පරිසරයක ධාවනකාරී වටපිටාවෙන් මිදී සන්සුන්ව සිටින එක මොනතරම් හොඳද? ගොඩක් දරුවන් දැන් බුද්ධිමත්. ඔවුන් මෙයට කැමති නිසානේ දෙමාපියන් යොමුකරලා තියෙන්නේ. පින්වන්ත දරුවන්. පවුකාරයින්ට මේක තේරුම් ගන්න අමාරුයි. අවුරුදු 10ක මගේ පුතාත් සිල්ගන්න හරි කැමතියි. (නි)
විකාර පුවත් අතර සිත නිවෙන පුවතක්. (නදී)
තාවකාලික පැවිද්දට අකමැති අය ටිකක් හිතලා බලන්න අපි පාසැල් යන කාලේ සිල් සමාදන් උන දවසේ කොච්චර නම් සංවරව එදා දවස ගෙව්වාද කියලා. ඒ අට සිල්. සාමණේර සීලය ඊටත් වැඩියි. සිල්පද ආරක්ෂා කරමින් දවස් දාහතරක් ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ කොපමන කුසල් කන්දරාවක් රැස් කර ගන්න පුලුවන් පිංකමක්ද. රටේ දවසකට වන අපරාධ කන්දරාව දැක්කාම මේ වගේ බෝසත් වැඩ දැකලා සාදූ සාදූ කියලා අනුමෝදම් වෙමූ. (නදී)
මේ දරුවන් මහන උනේ මොකටද කියලවත් දන්නවද ? (නදී)
නොදරුවන් මහන කරන එක මහා පව් නේද? (නදී)
ඔව් ඒ ගත කරන ටික දවසට සිත කය වචනය කියන තුන් දොර සංවර කරගන්න. ඊට පස්සේ ඒ ගැන හිතක් තිබුනොත් මුලු ජීවිතයම සංවර වෙයි (නදී)
ඉතා උතුම් සත් ක්‍රියාවක්.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!(හේ)
තාවකාලික පැවිද්ද කියන්නේ මොකක්ද ? (හේ)
ජීවිතයේ ටික කාලයක් හෝ පැවිදිව සිටීම වටිනවා. බුරුමයේ මේ සම්ප්‍රදාය තිබෙන බව මම අසා තිබෙනවා. (හේ)
හැබැයි මෙය සිදුවිය යුත්තේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසේදී .(හේ)
ඔබගේ නෙතින් ගිලිහෙන කදුළු කැටයක් ගානේ ...අදිටන් කරගනු මැන ..ඔබ කෙතරම් පින්කර ඇතිද යනවග...... මෙවන් උතුම් පුතෙක් මෙලොවට බිහිකරන්නට ...(බ)
බමුණුගේ මතය මමත් අනුමත කරනවා. (නදී)
මේවාට තමයි කියන්නෙ ළමා හිංසනය කියලා. මේවාට කවුරුත් කතා කරන්නෙ නැත්තේ ඇයි ? (නදී)
ඉතා හොඳ ක්‍රියාවක්. මේ දරුවන් අවුරුදු 10-12 වයස් වෙන අය. මේ අයට යමක් තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්නේ.(නදී)
මම අවුරුදු 19 ක තරුණියක්... මටත් තාවකාලිකව පැවිදිවීමට අවශ්‍යයි. සිත සන්සුන් කරගැනීමට අවශ්‍යයි. උපස්ථාන කිරීමට, පින් රැස් කිරීමට, දුක අවබෝධ කර ගැනීමට උපකාර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තාවකාලික පැවිදි මෙහෙණි ආරාම සොයා බැලුවත් මට තවම සොයා ගැනීමට නොහැකි වුණා. හැකිනම් උපකාර බලාපොරොත්තු වෙමි.