IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ළිඳට පැන නංගී බේරාගනී

අඩි 70 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගනිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත් විය. නැඟනිය ළිඳට වැටී පළමුවරට උඩට මතු වන විටම ඇය බේරා ගැනීමට මේ පුංචි විරයට හැකි විය. මෙම කතාව ඇසෙනුයේ හලාවත අතුවන ගමෙනි. සිංහල අවුරුදු දා නාන්ට ළිඟට ගිය අචිනි ධනංජය දැරිය ද ඇය බේරා ගැනීමට ළිඳ බට නිපුන් ධනංජය ද දිවි බේරා ගත්තේ මහා හාස්කමකින් යැයි වැඩි හිටියෝ කියති. මේ දෙදෙනාගේ පියා අජිත් පුෂ්ප කුමාර මහතා (42) පෞද්ගලික බස් සේවකයෙකි. ඔවුන්ගේ මව දයානි අමරසේනයි. ඔවුනට දරුවෝ තිදෙනෙකි. වැඩිමහල් පුත් නිපුන් මහගම මහවිදුහලේ නවවැනි පෙළේ උගනී. අවුරුදු දා මව අවුරුදුදට සූදානම්වෙමින් සිටියායා. පියා සිය මෝටර් සයිකලයෙන් වෙළෙඳ පොළට ගියේය. දරු තිදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ. අචිනි ළිඳට ගියාය. ඇය නාමින් සිටියදී ළිඳට වැටුණාය. නිපුන් ඒ බව දුටුවේය. ඔහු කෑ ගැසුවේය. නංගී ළිඳට වැටුණු බව කියා මුළු වැර යොදා කෑ ගැසුවේය. ඒ සමගම ළිඳේ කඹය අසල ගසක ගැට ගැසුවේය. කඹේ දිගේ වහා ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළඳට වැටුණු නංගි ගිලෙමින් සිටි බව ඔහු දැක්කේය. ඒත් ඔහු කලබල වූයේ නැත. නංගී වැරේන් අල්ලා ගත්තේය. දෙන්නාම කඹේ එල්ලී සිටියහ. ඒ සියල්ලටම මිනිත්තු 10ක් පමණ ගතවන්නට ඇත. නංගී බේරාගතත් කඹය දිගේ ගොඩට ගන්නා සැටි නිපුන්ට ප්‍රශ්නයක් විය. ළිඳට බසින්නට පෙර ඔහුගේ කෑගැසීම ඇසුණු නෑයෝත් අවට වැසියෝ ඒ වන විට ළිඳ වටේ රැස්ව සිටියහ. නංගී ගොඩ ගන්නා හැටි නිපුන්ට කියා දුන්නේ ළිඳ ළඟට දුව ආ අතුවන නිමල්සිරි හේරත් මහතාය. නංගීගේ ඉන වටේ කඹය  ඔතා ගැට ගසන ලෙස ඔහු නිපුන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහු කඹය නංගිගේ ඉන වටේ බැන්දේය. නිපුන් ද දෑතින්ම කඹයේ එල්ලුනේය.  ළිං ගැට්ටේ සිටි ගැමියේ අඟළෙන් අඟට කඹය අදිමින දෙදෙනා ගොඩට ගත්තේය. වෙළෙඳ පොලට ගිය නිපුන්ගේ පියා ගෙදර එන විට දරුදෙන්නා ළිඳ ඇතුළේය. කළු ගලෙන් බැඳ ඇති මේ ළිඳට මෑතදී කිසිවකු බැස නැත. වසර කිහිපයකට සැරයක් ළිඳ ඉසින නමුත් ළිඳට බැස වැඩි වේලාවක් සිටිය නොහැකි බව නිපුන්ගේ පියා පවසයි. හුස්ම ගැනීමට  ඇති අපහසුව ඊට හේතුවයි. ගොඩට ගත් වහාම අචිනි හලාවත රෝහලට රැගෙන යනු ලැබීය. වතුර ටිකක් පෙවී තිබු ඇය ප්‍රතිකාර ලබා ඊයේ (16) රෝහලෙන් පිටවී ගියාය.  



අදහස් (0)

ළිඳට පැන නංගී බේරාගනී

ජනක Monday, 23 April 2012 03:57 PM

කොහොමද ටිකිරි මොළේ!

:       0       0

ලක්මිණි Friday, 06 July 2012 05:20 PM

නියමයි මල්ලි.ඔයා විශිෂ්ඨයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site