IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ළඳක වෙස්වලාගෙන මල් පෝච්චි හොරකමේ

හිස ආවරණය කරගනිමින් මුහුණේ සායම්ද තවරාගත් කාන්තාවක් (33) රාත්‍රී කාලයේ නිවෙස්වල මල් පෝච්චි සොරකම් කරමින් යද්දී මහනුවර, දවුලගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාර්සලයක් හා පොහොර මල්ලක් අතැතිව සිටි එම කාන්තාව බූවැලිකඩ පොල්වත්තතැන්න ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලදාරින්ගේ යතුරු පැදියේ ආලෝකයට සැඟවීමට උත්සාහගත් අවස්ථාවේදී ඇය හඳුනාගැනීමට පොලිස් නිලධාරිනියක් රැගෙන විත් සෝදිසි කොට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

විවාහක කතක් වන ඇයගේ සැමියාද රැකියාවක් කරන අතර ඇය අත හා අසල තිබූ මලුවල නිවෙස්වලින් සොරකම් කළ මල් බඳුන් 10 ක් තිබූ බවත් ඇය මෙවැනි සොරකමක් සිදු කරන්නේ ඇයිදැයි පොලිසියටද ගැටළුවක්වී ඇතැයි කියති.

CIMG2567 CIMG2568 CIMG2569

 

 



අදහස් (0)

ළඳක වෙස්වලාගෙන මල් පෝච්චි හොරකමේ

කරු Thursday, 23 April 2015 11:18 AM

අමුතුම ගෑණු ඉන්නේ අද කාලේ. (ස)

:       0       0

අජන්ත Thursday, 23 April 2015 11:56 AM

මෙයාට මානසික ලෙඩක් තියෙන්නත් පුළුවන්. දඬුවම් දීම හොඳ නැහැ (නි)

:       0       0

විකී Thursday, 23 April 2015 08:24 AM

හැකිනම් අවවාද කොට, අත්හැරීම අගනේය..(ත)

:       0       0

ඉෂානි Thursday, 23 April 2015 01:57 PM

ඔවු, ඇත්තටම මෙයාට ඇත්තෙ මානසික ලෙඩක්, දඬුවම් දෙන්න කලින් මානසික පරීක්ෂණයක් කරන එක තමා හොඳ. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 09:08 AM

ලදක් ...ලදක්...ලස්සන මල් සොරකමක් (ස)

:       0       0

සමන්ති Thursday, 23 April 2015 02:18 PM

මෙය කරලා තියෙන්නේ හිස් පොච්චිවලට පොහොර පුරවා මල් ගස් හිටවා දීමයි . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site