හිස ආවරණය කරගනිමින් මුහුණේ සායම්ද තවරාගත් කාන්තාවක් (33) රාත්‍රී කාලයේ නිවෙස්වල මල් පෝච්චි සොරකම් කරමින් යද්දී මහනුවර, දවුලගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාර්සලයක් හා පොහොර මල්ලක් අතැතිව සිටි එම කාන්තාව බූවැලිකඩ පොල්වත්තතැන්න ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලදාරින්ගේ යතුරු පැදියේ ආලෝකයට සැඟවීමට උත්සාහගත් අවස්ථාවේදී ඇය හඳුනාගැනීමට පොලිස් නිලධාරිනියක් රැගෙන විත් සෝදිසි කොට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
විවාහක කතක් වන ඇයගේ සැමියාද රැකියාවක් කරන අතර ඇය අත හා අසල තිබූ මලුවල නිවෙස්වලින් සොරකම් කළ මල් බඳුන් 10 ක් තිබූ බවත් ඇය මෙවැනි සොරකමක් සිදු කරන්නේ ඇයිදැයි පොලිසියටද ගැටළුවක්වී ඇතැයි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුම ගෑණු ඉන්නේ අද කාලේ. (ස)
මෙයාට මානසික ලෙඩක් තියෙන්නත් පුළුවන්. දඬුවම් දීම හොඳ නැහැ (නි)
හැකිනම් අවවාද කොට, අත්හැරීම අගනේය..(ත)
ඔවු, ඇත්තටම මෙයාට ඇත්තෙ මානසික ලෙඩක්, දඬුවම් දෙන්න කලින් මානසික පරීක්ෂණයක් කරන එක තමා හොඳ. (ස)
ලදක් ...ලදක්...ලස්සන මල් සොරකමක් (ස)
මෙය කරලා තියෙන්නේ හිස් පොච්චිවලට පොහොර පුරවා මල් ගස් හිටවා දීමයි . (ස)