(යොහාන් භාසුර)
ළදරුවන්ට දියර ආහාර ලබාදීමේදී භාවිතා කරන ප්‍රමිතියෙන් තොග ප්ලාස්ටික් බෝතල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගැනීමට පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (14) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොලිකාබනේට්වලින් නිෂ්පාදිත ප්ලාස්ටික් කිරි බෝතල් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිනොවුණ ද වෙළෙඳපොලේ එවැනි නිෂ්පාදන තිබෙන බවත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා තාක්ෂණික ආයතනයට පහසුකම් තිබෙන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශය කියයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ළදරුවන්ට දියර ආහාර ලබාදීමේදීමට භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් ආනයනය කිරීමට ආයතන 18 ක් ලියාපදිංචි වී ඇති අතර එම ආයතන සඳහා පමණක් ආනයන අපනයන පාලක විසින් මෙරටට ඒවා ගෙන්වීමට අවසර ලබාදෙන බවත් ලියාපදිංචි වී නොමැති ආයතනවල නිෂ්පාදනවල සාම්පල් ලබාගැනීමට ඉදිරියේ කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණ ආයතනය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහ එම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සහ ආනයනය කර අලෙවිකරන පෞද්ගලික ආයතන යන පාර්ශව රැසකගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් අද පැවැත්විණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ළදරු කිරි බෝතල්වල ප්‍රමිතිය සොයයි