2004 බීඑල් 86 ලෙස ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ ආයතනයෙන් (නාසා) නම් කළ විශාල ග්‍රහවස්තුවක් (ඇස්ට්‍රොයිඩයක්) අද රාත්‍රී 9.40 ට (ග්‍රිනිච් වේලාවෙන් සවස 4.20ට) පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන්කරන බව නාසා ආයතනය පවසයි.
දුරේක්ෂයක් මගින් එය පහසුවෙන් නැරඹීය හැකි බවද කියති. මේ ග්‍රහ වස්තුව වටා චන්ද්‍රයකු ද ඇති බව තහවුරු කැරගෙන තිබේ. අඩි 980 ක විශ්කම්භයක් ඇති ඇස්ටරොයිඩය ඇමෙරිකාවට, යුරෝපයට හා අප්‍රිකාවට දර්ශනය වනු ඇති බව ද නාසා ආයතනයේ අදහසයි.
නාසා ආයතනය පවසන්නේ 2027 දක්වා දර්ශනය වන විශාලතම ඇස්ටරොයිඩය මෙය බවයි. එය අද ගමන් කරන්නේ පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් කිලෝ මීටර් ලක්ෂ 12 ගුණයක් ඈතිනි. මෙවැනි දුරකින් ඇදීයන බැවින් එම ග්‍රහවස්තුවෙන් පෘථිවියට බලපෑමක් නැත. මේ ඇස්ටරොයිඩය හඳුනාගත්තේ 2004 වර්ෂයේ ජනවාරි මාසයේ දී මෙක්සිකෝවේ නියර් අර්ත් නම් ඇස්ටරොයිඩ පර්යේෂණ ආයතනයකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුදුමයි දෙවියෝ මැව්වේ කව්ද කියල හිතද්දී (නදී)
ඉන්දියාවේ කී දෙනෙක් දිවිනසා ගනීවිද දන්නේ නැහැ මේක ඇඟේ හැපේවි කියලා (නි)
දෙවියන් වහන්සේ මැවූ ලෝකය හරිම පුදුමාකාරයි. අනේ මේවා කොහොම කළාද කියලා හිතාගන්නවත් බැහැ. (නි)
හිරාන්ලා වගේ උදවිය ගැන කණගාටු වෙනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ (නි)
එක කියන්න වෙන්නේ මෙහෙම. දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි අඳුර ළඟයි ආලෝකේ දුරයි (දිල්)
හිරාන් මහත්තයෝ, නොදන්නා නිසා අහන්නේ. ඇත්තටම මේවා මවලා තියන්නේ දෙවියෝමද? (නි)
මේවා මවපු දෙවියන් වහන්සේ හිටියේ කොහෙද ? (නදී)
හරියට මවල නැති නිසා මේවගේ සිදුවීම් විය හැක (නදී)
හිරාන්, විකාර නොකියා ඉන්න. (නි)
හිරාන්, ඔබට පිස්සුද? මනස්ගාත දොඩවන්නේ ඇයි? මේ අපි ඉන්නේ 21 වන ශතවර්ෂයේ (නි)