(චාපා මධුභාෂිණි සහ නිමල් ජයරත්න)

අපරාධ රැසකට සම්බන්ධ කියන හොර වෛද්‍යවරයකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙම සැකකරු පොළොන්නරුව දීපඋයන අසලදී  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ අංශයේ ප්‍රකාශකයෙක් පැවසිය.

සැකකාර වෛද්‍යවරයා   59 වැනි වියේ පසුවන අතර  කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු බව පොලිසිය පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත.