අන්තර් නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ  ගෝලයේ  සිට පැමිණෙන සුළං අභිසාරිවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඒ හේතුවෙන් මැයි හය වැනි දිනයෙන් පසු දිවයිනේ  වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. 

අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වළාකුලින් බරව පවතින අතර උදෑසන කාලයේ වැසි ඇති වේ. 

බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

උතුරු සහ උතුරු - මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට  තරමක තද සුළං ඇති විය හැකියි.