
(සුජිත් හේවාජුලිගේ)
බලශක්ති හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතාට ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව නොතීසි බාර දුන්නේය.
මෙසේ නොතිසි බාර දුන්නේ කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඔහු එම කොමිසම හමුවේ ඊයේ පෙනී සිටි අවස්ථාවේදීය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට සතියක පමණ කාලයක් හිමිවන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
යම් යම් සැකසහිත කරුණු නිරවුල් කරගැනීමට කොමිසම එමගින් බලාපොරොත්තු වෙයි.
ගල්අඟුරු අක්රමිකතා සම්බන්ධයෙන් නොතීසි ලත් පාර්ශවයට බලශක්ති හිටපු අමාත්ය ඉංජිනේරැ කුමාර ජයකොඩි මහතා ඇතුළු විසිදෙනෙක් ඇතුළත් වෙති.
මින් 18 දෙනකු දැනටමත් නිදහසට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
බලශක්ති අමාත්යාංශයේ හිටපු ලේකම්වරයෙකු තවමත් නිදහසට කරුණු ඉදිරිපත් කර නැතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග ප්රකාශ කළේය.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
මෙම කොම්ෂන් සභාවේ අවසාන වාර්තාව මෙම මස අග හෝ ලබන මස මුල ජනාධිපතිවරයාට බාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd