‘අද ලංකාවේ හුළඟටත් වැට් අය කරනවා. මම ගෙනාවා හුලං පුරවන ආයතනයක බිල්පතක්.මේ බිල් පතේ සියයට පහළොවක් වැට් බදු අරන්. වැට් බද්දෙන් ජනතාව පීඩනයකට පත් වෙලා.’යැයි පාරිලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්ෂයේ අද (13) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඡන්දෙ දීපු අය නැහැ. (ර)
මහින්දට විශ්‍රාම සුවයෙන් බණක් භාවනාවක් කරගෙන ඉන්නට නොදි ඔහුව ජනාධිපති කරන්න දගලන මොවුන් විශාල වශයෙන් ජනතා මුදල් මංකොල්ල කෑ අය බව ජනතාව දනියි. (බ)
ජය වේවා ඒකාබද්ද විපක්ෂයට. (ර)
අද පෙට්‍රල් ඩීසල් කොච්චර අඩුද .එ්කෙන් වියදම අඩුවුනාද (බ)
තමුන්ගේ පක්ෂේ බෙදෙද්දී අනුන්ගේ පක්ෂ වලට කඩේ යන්නේ ඇයි ? (බ)
පැනමාවෙන් ලඟදි ගෙනෙන හංගපු ඒවා රුපියල් 2500 ට වැඩිනම් වැට් ගහන්නම කියන්න ඕනි. බන්දුල ඇමති තුමා කියපු විදියට පවුලක් මාසයක් ජීවත් වෙන සල්ලි ටිකත් අරගෙන ගිහින් හංගලානේ. (බ)
අර 2500න් ජීවත් වුනෙත් වැට් නැතුව නේ නේද? (ර)
සමහරු ඉස්සර මිනිසුන්ට කියලා දුන්නේ 2500කින් දවසක් කාලා ඉතුරු හරියට හුළං ගහගන්න කියලනේ (නි)
අනේ මේ අය ගොරකා දඩමස් කරන්න පුළුවන් අය බව ප්‍රකටනේ. කොහෙද සුළඟට බදු අයකරලා තියෙන්නේ? ඔයාලගෙ කාලේ බදු අයකරපු විදියයි දැන් කරගෙන යන ආකාරයයි සසඳන්න (නි)
ඔහොම යං තවම තේරුනේ නැහැ අපේ මිනිස්සුන්ට. (ර)
අනේ මමත් බලන් හිටියා අලුත් කාර් එකක් ගන්න. (ර)
ඒ කියන්නේ දැන් 2500 කින් ජීවත් වෙන්න බැරිද? එහෙනම් තව රුපියල් 300ක් වත් ඕනවේවි නේද ආර්ථික ඔස්තාර් තුමා? (බ)
අරුණ, ලක්ෂ 62 ට බනින්න එපා. ඔයයි මෝඩ. කලින් මිනිස්සු තවත් හිටියා නම් මේ රට තවත් අගාධයටම යනවා. ණය බරින් මිරිකෙනවා. (නි)
වැට් නම් වැඩියි තමයි.(හේ)
ඔය කතා කරන අයත් එකයි.(හේ)
එ්කනේ කියන්නේ 2500න් කාලා බීලා ළමයි ටිකත් ස්කූල් වෑන් එකට පටවලා ඒ අයගේ ඉස්කෝලේ ඩෙස්ක් බැංකු වලටත් ගෙවලා,ටියුෂන් ගාස්තුත් ගෙවලා බයිසිකලේට පෙට්‍රලුත් ගහගෙන වේගයෙන් ගෙදර ඇවිල්ලා ටිවි එකත් බලාගෙන ජොලියේ හිටපු කාලය මතක්වෙනකොට ඔබගේ නෑයින්ව අනිවාර්යයෙන්ම මතක් වෙනවා.(හේ)
අපි කරගත් ගත් මෝඩ තකතීරු වැඩ වලට බෙහෙත් නෑ.(හේ)
අසාධාරණය කියන්නෙ පෞද්ගලික රෝහල් ගාස්තුත් වැට් බද්දට අහුවෙලා. හරිනම් රජය කළයුත්තේ පෞද්ගලික රෝහල් වලට යන අයට ඒ අයගේ ආදායම් තත්වය බලා යම් සහනයක් සැළසීමයි. නැත්නම් ඒ අයත් රජයේ රෝහල් වලට ආවොත් ඒ සම්පූර්ණ වියදමත් දැරිය යුත්තේ රජයම නේද? (නි)
බන්දුල මහත්තයලා ආණ්ඩුව කරන කාලේ 25% ක වැට් බද්දක් අයකළා. එ්ක දැන් අමතක වෙලා. නින්දෙන් නැගිටලා වගේ බෙරිහන් දෙනවා. යහපාලනය වරද්දා ගත්තේ එම බද්ද සම්පුර්ණයෙන් ඉවත් කළනිසයි. දැන් මේ ආණ්ඩුව 15% ක් වැට් බද්ද නැවත දැම්මට පස්සේ එ්කටයි මේ කෑගහන්නේ. හැබැයි ඒගොල්ලන්ට වඩා 10% ක් අඩුයි කියලා කියන්නේ නැහැ. (නි)
ඇයි මේ ආර්ථික ඔස්තාර්ලා දන්නෙ නැද්ද වැට් එකට එකතුකළ අගය මතයි බද්ද තීරණය වන්නේ කියලා (නි)
මෙයාලටත් අඩු කරන්න තිබුනනේ ළමයින්ගෙන් ගත් මුදල් එහෙම. දැන් තමා අනුකම්පාව ඇතිවෙලා තියෙන්නේ (නි)
අනේ මෙයාලගේ අනුකම්පාව! (නි)
හුළං කියලා එකක් විකුණන්නේ නැහැ. මං හිතන්නේ මේ ඔක්සිජන් පුරවන තැනක් වෙන්න ඇති. වැඩිය ගණන් ගන්න එපා විශේෂයෙන් මෙයාලා මැයි දිනෙනේ පස්සේ කියන කතා. බදු ප්‍රතිශතය හදනකොට විකුණන භාණ්ඩයට අගයක් තියෙනවා නම් බදු ප්‍රතිශතය අනුව බදු වලට අගයක් එනවා (නි)
මේ අය හිතාගෙන ඉන්නේ කටින් හුළං පිඹලා හුළං පුරවනවා කියලද? හුළං ගහන කොම්ප්‍රෙෂර් එක වැඩ කරන්නේ විදුලියෙන් (නි)
අරුණ, මං මේ හවුල් ආණ්ඩුවට මේ රට අද වැටීතියෙන ආගාධයෙන් ගොඩගන්න පුළුවන් කියලා විශ්වා කරන කෙනෙක් නොවෙයි. එහෙත් ඔයා මහින්ද යනකොට තිබ්බ බඩුමිලත් දැන් වැට් ගහපු බඩු මිලත් සංසන්දනය කරලා ලැයිස්තුවක් හදලා පෙන්නන්න කොපමණකින් බඩුමිල වැඩි කරලද කියලා. (නි)
ජීවන වියදම වැට් නිසා වැඩි වුනේ 2500 4%x2500 = 2,600.00 දක්වා පමණි, මේ මොනවද දොඩවන්නේ ? ආණ්ඩුව රු 10,000 කින් පඩි වැඩි කළේ (බ)
අනේ මෙතුමා මොනවද මේ කියන්නේ? (නි)
ඔහෙලගෙ කාලෙ අපි මොනම බද්දක්වත් ගෙව්වේ නෑනෙ අම්මප. එකනේ අපිට 2500 න් කීයක් හරි ඉතුරු කරගෙන පැනමාවලට යවන්නත් පුළුවන් වුනේ. (බ)
අජිත් කරුණාරත්න මහත්තයෝ, කිසිම දවසක 25% වැට් බද්දක් ලංකාවේ තිබුනේ නැහැ. අනිත් එක, 11% තිබුණු බද්ද මේ රජය 15% කරන ගමන්, කලින් තිබුණු අත්හැර දැමුණු ලැයිස්තුවෙන් සමහර ඒවටත් බද්දට යටත් කළා. (නි)
අනේ අම්මපා! යහපාලනය පොඩි මිනිහා කොහොමහරි කබලෙන් ළිපටම තල්ලු කළා. (නි)
මොකෝ මෙයා හුළං ගහගෙන, පිම්බිලා කොහේ යන්නද හදන්නේ? මේගොල්ලන්ට හුළං ගහන්න තවමත් ඇම්බැට්ටයෝ මේ රටේ ඉන්නවානේ !!!! (නි)
මෙයා දන්නේ නැහැ වගෙයි වාහන වලට ගහන නයිට්‍රජන් සහ සාමාන්‍ය හුළං වල වෙනස. (නි)
ඔයාලත් එකයි, මෙයාලත් එකයි බලනකොට (නි)
මේ රටේ මෝඩයන්ට වැට් නෙමෙයි කුළුගෙඩියෙන් ඔලුවට ගැහුවත් තේරෙනවනම් ලක්ෂ 62 කක් රට නගා සිටුවපු නායකයට එරෙහි වෙයිද? අනේ තව වැට් ගහන්න මෝඩයන්ට! (බ)
එක කාලෙකදී එයාලා මෙයාලට බොලේ පාස්කරනවා. තව කාලයකදී මෙයාලා එයාලට බොලේ පාස් කරනවා. ඕකනේ වුණේ හැමදාමත්. (නි)
2500/= කින් මාසයක් කෑම කන්න පුළුවන් කීවේ මීට වසර කිහිපයකට පෙර නෙ ඔබතුමා. හැබෑටම දැන් මාසයක් කෑම කන්න දළ වශයෙන් කීයක් විතර වියදම් වෙයිද මන්ත්‍රී තුමා ? (බ)
දේශපාලකයි කල් පවතින මෝඩ කතා කීමෙන් වැළකිය යුතුය. උදා: කිලිනොච්චි-මැදවච්චි, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්, 2500යේ කතාව ආදී. (බ)
මොකක්ද අප්පේ මෙතුමාගේ මේ හුළං කතාව?? (නි)
විපක්ෂ ඒකාබද්ධයට අපේ ආචාරය! ජය වේවා!
මේ වගේ අය රට පාලනය කළ නිසා තමයි අද ජනතවට විඳවන්න වෙලා තියෙන්නේ. රටේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වැටුප 50%කින් කප්පාදු කළයුතුය (නි)