විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය කියයි.
පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ජනපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්ථාවට එක්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් ගත් ඉතාමත් ඉහල තීන්දුවක්. අතීතයේ ඔබ සැම මහජන සුභ සිද්දීන් සඳහා ගත්, තීන්දු තීරණවලට අනුගත නොවීමේ දඬුවම ඒ අය විඳ ගනීවි. ඒත් ඒ දඬුවම් උන් අපටත් බෙදාවී උන් සැප විඳ අවසන්. ඉතිරි උන දුක්ක න්දරාව අපට තමයි. (නදී)
බන්දුල මහත්තයා රට පටලවාගෙන. මම කතා කළේ හෙළ උරුමය ගැන. අනිත් එක එදා අගමැතිකම පුජා කලා නෙමෙයි. මහින්ද මහත්තයට නොදී ඉන්න බැරි වුනා. ඔබ තුමා ලංකාව වටේ රවුමක් ගිහිල්ල බලන්න කොච්චර වැඩ කරලා තියනවද මේ මනුස්සය කියලා. චන්ද්‍රිකා නෝනා අවුරුදු 11 ට මේ කරපු තරමෙන් අබ ඇටයක දෙයක් කරේ නැහැ. චන්ද්‍රිකා නෝනත් පක්ෂේ මහ ලේකම් කමට ඡන්දෙ දුන්නේ එස්.බී.ට. (නදී)
අපේ රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාවේ ගත් මෙම තීරණය අගේ කලයුතුය. (අ)
හොඳ තීරණයක් (අ)
ඔබ ගත් තීරණය ගොඩක් හොඳයි. (ර)
ජීවන්,ඔයා තණකොලද කන්නේ? (ස)
මේ රට බේරගන්න තියෙන අවසාන අවස්ථාව. ජීවන්ට ඔල්මොරොන්දන්. . පරණ මීටරයක් හදන්න ගිය වියදම රුපියල් ලක්ෂ දෙසීයක්. දිනපතා දන්සල් දෙන්නේ කාගෙ සල්ලිද ? මෙහෙම තව දුරටත් යන්න දුන්නොතින් මේ රට ටියුනීසියාවක් වෙනවා. (නදී)
පතිරණ, අන්තිම අවස්ථාවෙන් ජනාදිපති රට බේරගත්ත. ඉතහාසය අමතක කරලා කතා එපා. කොහොම උනත් හෙළ උරුමය කල මේ ක්‍රියාවට පස්සේ ඒ ගොල්ලන්ට පසු තැවෙන්න වෙනවා. (ර)
අහෝ! හෙළ උරුමය, කුමක්ද මේ කරගත්තේ? (නදී)
ගම්මන්පිල මහත්තයා, ඔතන ඉන්න සේර්මලටම හොඳ අරමුණක් තියන අය වග අපි දන්නවා. එ්ත් මෛත්‍රී මහත්තයට හොරු, කුපාඩි ටිකකුත් කර තියන් ගෙනියන්න වෙනවා. මහින්ද මහත්තයට උනා වගේ. එදාට මොකද අපි කරන්නේ. අනික රනිල් ඔයාල බලාපොරොත්තු වෙන ගමන යන්න දෙන්නේ නැහැ. ඔයාලට ඒ ගැටේට අහුවෙන්නම් වෙනවා. ගම්මන්පිල මහත්තය ඔබතුමා ඔලුව පාවිච්චි කරන්න එදාට. (නදී)
ජීවන් මහත්තයෝ, ඔය දන්නවද අද ලංකාවේ අදායමෙන් 102% අපි ණයයි කියලා. (ර)
ජීවන්, පැත්තක හිටපු ජනපදනමක් නැති නායකයෙක් හැටියට ලිව්වේ චම්පික ගැනනම් මේ කමෙන්ට් එක ජනාධිපති දැක්කත් කම්පා වේවි. ගියපාර මහින්ද චින්තනය හදන්න උපරිම දායකත්වය දුන්නු චම්පික හැකියාවක් තිබෙන අතලොස්සෙන් එක්කෙනෙක්. (බ)
ඔබ තුමාලා රට වෙනුවෙන් ගත් මේ නිර්භීත ක්‍රියාදාමයට අපගේ උන්සුම් සුභ පැතුම්. (නදී)
කෝ කෝ කෝ මේ ෆයිල් ? (නදී)
ජීවන් මහත්තයෝ මම මේකට අදහස් දැම්මේ නැහැ..(අ)
හොද තීරණයක්. (ර)
මහින්ද මහත්තයෝ පැත්තක හිටපු ජන පදනමක් නැති මහත්තුරුන්ට ඇමතිකම් දීල ඔය කොරගත්ත මැදා. තුන්වැනි පදවි ප්‍රාප්තියේදීවත් මේ වගේ වැඩ නොකර ඉමු. (නදී)
ඔක්කොමලගේ සහයෝගය අරගෙන මැති ඇමතිකම් කියක් දෙන්න වෙයිද? (නදී)
දෙසැම්බර් 8 වෙනිදා ඉඳන් ඔබ තුමන්ලා සියලු දෙනා ප්‍රවේශම් වෙන්න. යන යකා යන්නෙ කොරහත් බිඳ ගෙන (නදී)
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ (නදී)
ඔබ ගත් තීරණය ගොඩක් හොදයි මොකද පවතින රජය විසින් ඔබ පක්ෂයේ යෝජනාවලට යහපත් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. (ර)
ඔබ ගත් තීරණය ගොඩක් හොඳයි. මොකද පවතින රජය විසින් ඔබ පක්ෂයේ යෝජනාවලට යහපත් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. මෙතැනින්ම නිගමනය කරන්න පුළුවන් රජයේ ස්ථාවරය කුමක්ද කියලා (නදී)
වැරදි තීරණයක්. ජාතික හෙළ උරුමය මිරිගුවක් පස්සේ දුවන්න පටන් අරන්. බලන් ඉන්න මේන් කියල දෙයි මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වුන දේවල්. (නදී)
ඔව් ඔබලා මෙතෙක් කල් අරගත් තීරණය ඉතා වැදගත් එකක්. මම කවදත් හෙළ උරුමය විශ්වාස කළා. (නදී)
රට වගේද ඩොලර් කුට්ටි..! (නදී)
බොදු බල සේනාව එක්ක සාපේක්ෂව බලන කල දෙපැත්තේම කරුණු කාරනා වලට සවන් දී එලඹිය හැකි හොඳම නිගමනයකට එලඹීම අගය කල යුතුයි. (නදී)
ජයවේවා, ජයවේවා ඔහොම යන් , දැන් ඉතින් මෛත්‍රී මැතිදුගේ විජයග්‍රහණය වළකාලන්නට සක්කරයටවත් නොහැකිය. (නදී)
කවුද මේ පිට කොන්දක් නැති කෙනා? බන්දුල පෙරේරා කියල දාන සමහර අදහස් එකකට එකක් පරස් පරයි. කවුරු උනත් මේ වරද නිවැරදි කර ගන්න. මෙහි අදහස් දැක්වීම නිදහස් විය යුතුයි. නියම බන්දුල පෙරේරා මහතා එක්ක අපි නිතරම මත ගැටුම් ඇති කර ගන්නවා. ඒක අපිට දැනුමත්, වින්දනයත් ගෙන දෙනවා. කරුණාකර විකාර කරලා එය නැති කරන්න එපා. (ර)
ජීවන් ඔය දන්නවද මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි මහින්ද රාජපක්ස මහතාට අගමැති කම පුජා කලේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුන අගමැති කම තමයි එතුමා එදා මහින්ද රාජපක්ෂට දෙන්න කියල කිව්වේ. එ්ක නිසා නොදන්නා දේවල් කතා නොකර ඉන්නවා නම් තමයි හොඳ (නදී)
හෙට අනිද්දා මෛත්‍රීපාල මහත්තයාත් මාධ්‍ය හමුවක් තියලා කියාවි මගේ ඡන්දය පොදු අපේක්‍ෂකයට දෙන්න තීරණය කලා කියලා.(නදී)
පක්ෂයේ නමත් කැවා. (අ)
අදහස් දමද්දී එක නම තිබෙන බොහෝ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම පෙරේරලා... (නි)
රැකගත් රට නැවතත් කොටි කටට ඔප්පුවකින් ලියා දෙන කණ්ඩායමට එක් වෙනවද ? (නදී)