ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කළ බවත්, එහි ලකුණ දියමන්තිය බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එසැණට කීවේය.
ජාතික හෙළ උරුමයේ ලාංඡනය ලෙස කලින් තිබුණේ හක්ගෙඩියයි.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවක දී ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේ පක්ෂයේ නම හා ලාංඡනය ගැන තවම ස්ථිර තීරණයකට පැමිණ නැති බවයි.
විමල් ගීගනගේ මහතාගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ලංඡනය මල් පොහොට්ටුව ලෙස ද, ආචාර්ය ඒ සී විග්නේෂ්වරන්ගේ අකිල ඉලංකෙයි ද්‍රවිඩ මහා සභා පක්ෂයේ ලාංඡනය ලෙස තිබූ දොඩම් ගෙඩිය ඉවත් කර නැව ලෙස ද, එක්සත් මහජන පක්ෂයේ ලාංඡනය මාළුවා ඉවත් කර ජංගම දුරකතනය ලෙස ද වෙනස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
දැන් එන්නකෝ තනියම. තම තමන්ට තම තමන්ගේ තරම බලාගන්න පුලුවන් (නදී)
සමහරුන්ට නම් නියම දඬුවම ලැබුනා (නි)
රටම එක මතයක මහින්ද පිල.(හේ)
අනේ මෙයාලා ගැන මොකට කියනවද ? මෙයාලට උනේ නියම වැඩක්. (නදී)
මෙයාලාට ජන පදනමක් නැහැ .මහජනයා නිවැරදි තීරණයක් ගනීවි මෙයාල ගැන (ම)
හෙළ උරුමය කියන්නේ සිංහලයාගේ කරමතින් ඇවිත් සිංහල ජාතිය වෙනුවෙන් කිසිවක් නොකළ පක්ෂයක් .(ම)
සුළුජාතිවාදී පක්ෂස කරන්නේ හැමදාම දිනන පැත්තට ගිහින් හොඳම ඇමතිකම් අරගෙන තමන්ගේ මිනිසුන්ට සළකන එක. ඒක නිසා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම සිංහලයාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම රණවක මහතතයලා ලොකු ලොකු තියරි ගෙනාවා මිසක් සිංහල අපිට කළ දෙයක් නැහැ (නි)
දැන් ඉතින් කරන්න වෙන දෙයක් නැහැනේ (නි)
මේ සංජය,චතූ, ඔය කට්ටිය මැරිලා ඉපදිලාද? (නි)
එදත් අදත් කවදත් කළේ එකම දේ තමයි ඉතින් (නි)
මොන ළකුණින් ආවත් මහජන මතය වෙනස් වෙන්නේ නැහැ (නි)
ඔක්කොම හැලුවට පස්සේ නමයි ලකුණයි විතරක් නොහලා තියාගෙන මොනවා කරන්නද? අනික හක්ගෙඩිය වගේ දේශීය සංකේතයක් එයාලට නොගැළපෙන බව තේරුම්ගෙන තිබීමත් දියමන්ති සළකුණ හරියටම ගැළපෙන බව තේරුම්ගෙන සිටීමත් සතුටකි. (නි)
ඒ ලකුණ නම් හොඳයි තමයි (නි)
මීටවඩා හොඳ ලකුණක් තිබුණේ නැද්ද? (නි)
මෙයාලට වෙන නමක් ඇත්තෙම නැද්ද? (නි)
හෙළ උරුමයට මම වතාවක් ඡන්දය දුන්නා. නමුත් අපේ ප්‍රාදේශීය නායකයන් කියපු දේවල් දැනගත් නිසා ඔවුන්ට ඡන්දය දීම නැවැත්තුවා.මම රටට ආදරය කරන අයගෙන් ඉල්ලා සිටින්නේ හෙළ උරුම නායකයන්ගේ කතා වලට රැවටෙන්න එපා, ඔවුන්ගේ ක්‍රියාවන් බලන්න කියලා (නි)
හොඳ තීරණයක්. (නදී)
අවස්ථාවාදී පිස්සු පුසෝ, මෙයාලට කව්ද ඡන්දෙ දෙන්නේ? (නදී)
ඔයාලා කවුරුත් හෙළ උරුමයට ඡන්දය දුන්න කට්ටිය වෙන්න බැහැ. පදනම ගැන පස්සේ දැනගන්න පුළුවන් (නි)
මෙයාලට කවුද ඡන්දෙ දෙන්නේ?අපි නම් නැහැ (නි)
මෙයාලා සිංහල ජාතිය ගැන බොරුවට කිව්වේ ඡන්ද පදනමක් හදාගන්න පමණක් බව දැන් පැහැදිලි (ම)