හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට ආණ්ඩුවේ ඇතැම් නායකයන් ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවත් ෆයිල් පරීක්ෂා කරන අය ළඟ වගේම තමන් ළඟත් ඒවා ඇති බවත් කිසිවකුට පැන යාමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොදෙන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මාලඹේ බස් නැවතුම්පොළ අසල පැවැති ජන හමුවකදී පැවසීය.
‘ජනතාව හංසයා දිනෙව්වා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා කියලත් කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ. හංසයා රෑට රෑට මඩේ ළගින තාරාවෙක් වෙලා‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වින්සන්ට් මහත්තය කියපු දේට ඇදුනු ඉල ඇට ටික කෙලින් වුනා. ස්තුතියි ඒකට . මොන්ටිසෝරි තර්කනේ ඔබ තුමා දාන්නේ..කරුණා අම්මාන්ව කොළඹ ගෙනත් ආරක්ෂාව දුන්නේ කවුද.. සතුරා මිතුරෙක් කියන යුධ න්‍යාය ඔබ තුමා අහල තියෙනවද? අපේ හමුදාවන් යුධ ජයග්‍රහණයේදී ඔහුගෙන් ප්‍රයෝජන ගත්ත.අද සොමවංශල යම් නිදහසක් විදිනවද කරුණ විදින්නෙත් ඒ නිදහසම තමයි..ඔහු ඒ වෙනුවෙන් මිලක් ගෙවල ඒ නිදහස ගත්තේ,,සොමවංශල වගේ පිනට නෙමෙයි. ජනතා විමක්ති පෙරමුණ ගැන අපිට කියා දෙන්න ඔබ තුමා තවම ලාබාල වැඩියි මහත්තයෝ..විශේෂයෙන් දැන් ඉන්න දවසින් දවස පක්ෂය වලපල්ලට අරින මේ සෝබන නායකයෝ ගැන (බ)
මඩේ ලගින තාරාවන් නාවන්න ගියෙත් ඌරු දලෙන් ගජමුතු ගන්න ගියෙත් චපල එජාපය සමග සිරි යහනේ සැතපුනෙත් ජවිපෙමයි ඒ හින්දයි රටම කියන්නේ ඇමරිකන් පිලේ ජවිපෙ කියලා (බ)
ලංකාව පුරාවට හොඳ උගත් වැදගත් අපේක්ෂකයින් ඉදිරිපත් කළොත් ඔබලාට ආණ්ඩුවක් පිහුටුවා ගත හැකියි. එතනෝල්, කුඩු ඇතුළු අපරාධකාරයින් පිටු දකිමු. හොරු අල්ලමු. (බ)
කාලෙන් කාලෙට එක එක්කෙනාට කඩේ ගිහින් ඊට පස්සේ ගිරිය පුප්පගන කගහනවා එයාල හොඳ නැහැලු. අපිට දුක කියන්නේ අපි කරපු දේවල් වගේ. ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම නැතුව දේශපාලනය කරා නම් මීට වඩා හොඳ අනාගතයක් තියනවා (හේ)
මඩේ ළගින තාරාවෙක් බව දැන දැන මොකද ගිහින් හංසයාට අතගහැව්වේ දැන් ලජ්ජා නැතුව එනවා කියවන්න. යන්න මහත්තයෝ යන්න අපි අහුවෙයි ඔව්වට (ම)
ජනතාවගේ ඊළඟ බලාපොරොත්තුව ඔබතුමන්ලා බවට සැක නැත. (ම)
ජනතා විමුක්ති පෙරමුණ කියන කතා මම හිතන්නේ දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. (ම)
විහිලු කරනවා කිව්වට ඔහොමත් විහිලු කරනවද ඩයස් මහත්තයෝ..ඇදුනු ඉල ඇට ටික කෙලින් කරගන්න තව කතාවක් ඔබ තුමාට කියන්නම වෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ නිරුවත හෙළිවන ආසන්නතම සිදුවීම නන්දන ගුණතිලක අවසානයේ නැවතුනු තැන..88/89 තරුණ සංහාරය දුටු එයට මැදි වුනු, තමනායකයින්ට අත්වුණු ඉරණම දැක්ක විප්ලවකාරයෙක්ගේ අවසාන නවාතැන ඒ මිනිමරු දේශපාලනයේ නිවහනමනම් අද මේ ඉන්න හොරිකඩ නායකයින්ගේ හෙට දවස ගැන කවර කතාද? (බ)
ඔබතුමා තමා එ ජා පෙ එක්ක සැතපිලා මඩ නාගත්තේ. (බ)
පිවිතුරු යහපාල , පිලිප් නැවතුනේ කොහිද? එන් එම් ,පීටර් කෙනමන් නැවතුනේ කොහිද? (බ)
අවුරුදු 45 ක් වෙච්ච පක්ෂයක් මෙයාටත් වෙන්නේ සෝමවංස වගේ මොනවහරි කියව කියව ඉදල බඩගොස්තරේ හොයාගෙන පැන්සන් යන එකතමයි. (බ)
මෙවැනි මනෝරාජික, ප්‍රයෝගික නොවන , උගත් නමුත් බුද්ධිහීන නායකයෙකු ජවිපෙ ඉතිහාසයේ ඉඳල නෑ. මෙවර මේ අයට තිබුණු ආසන ගානවත් ලැබේද කියල සැක හිතෙනවා . 2004 කෘෂි ඇමැතිවෙලා කරපු කෙරුවාව රටම දැක්ක . මේ වෙන මොකුත් නෙවේ එජපෙ එක්ක ඩීල් දාන තැනට පක්ෂය තල්ලු කරපු , අවස්ථාවාදී නායකයා (බ)
මහින්ද පැරැද්දුවේ ඔයා නම් යහපාලනය කරපු විනාශ වලට සම්පුර්න වගකීම ඔයා බාරගන්න ඕනේ .ඇමරිකාව ප්‍රකාශ කළා. ලංකාවේ පාලනය වෙනස් කලේ ඇමරිකාව කියා. ඉන්දියාව උදව් කළා කිව දැන් ඔය බයිලා කියවනවා. ලංකාවේ වමාංශික ව්‍යාපාරයේ අවසන් ඝාතකයා ඔබවේ (බ)
හරි අපි ජේ වී පී එක මිනී මැරුවා කියමුකෝ. ඒ 88.89 කාලෙනේ. දැන් ඊට පස්සේ ආණ්ඩු කරපු අය මිනී මැරලම නෑ. සතයක් හොරකම් කරල නෑ. හොරු නැති කරන්නේ කොහොමද හොරුන්ටමනේ මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නේ. උන්ටමයි හුරේ දාන්නේ (බ)
මේ රටේ අනාගතයයි. තට්ටු මාරුවට අවුරුදු 67ක්ම යට කළ යතාර්ථයක් තුළ ජනතාවට ඇති එකම විකල්පය ජ.වී.පෙ. පමණි. තමන්ගේ වර්ධනයට සාපේක්ෂව රට වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළ ජවිපෙ රටේ ඒකීය භාවයත් අඛණ්ඩ බවත් රැක ගන්න ඉතිහාසයේ කළ කැප කිරීම්,පරිත්‍යාග ව්‍යාජ වෙස් ගත් බොරු දේශප්‍රේ -මියන්ට හා මෙතෙක් රට කර වූ පාලකයන්ට රෙදි නැතිව කඩේ යන අවස්ථාවාදී බත් බලයන්ට නොපෙනුනාට නොදැනුනාට යමක් කමක් කියවා බලා තේරුම් ගත හැකි යට ගැටළුවක් නොවෙයි...(බ)
පිවිතුරු යහපාල, ඩයස් මහතාගේ ප්‍රකාශය සාමාන්‍ය පුරවැසියෙකුගේ අදහසක් පමණි.එය බොහෝදෙනාට පිළිගත හැකිය. එය කෙනෙකුගේ ඉල ඇට හෝ ඇද කරගැනීමටවත් කෙලින්කර ගැනීමටවත් හේතු වන්නේනම් ඔහු ප්‍රතිකාර ගත යුතු මානසික තත්ත්වයක පසුවන අයකු වන්නට පුළුවන. ඒ වගේම ඔබතුමා වැදනමස්කාර කරන ඔබේ උතුමාණෝ ළඟ ඇමති කමක් දැරූ කරුණා දේවදුතයා අවසානයේ වැඩසිටියේ කොතනද යන්න ඔබතුමාට අමතකවිද?අප වැද නමස්කාර කරන බොහෝ අය මිනීමරුවන් බව හඳුනා නොගෙන පුද පුජා පවත්වන බවද අප තේරුම් ගත යුතුය.(බ)
ඉතිහාසයේ ලේ තැවරුණු අත් ඇතුව හිටපු අය වත්මන් ජනාධිපති වරයාව විවේචනය කරන්නේ ශුද්ධ වන්තයෙක් වගේනේ.(බ)
අනේ මගේ කට , දැන් මෙයා කඩේ යන්නේ කාටද ඊළඟට(බ)
කරන්න පුළුවන් දෙයක් කියන්න මහත්තයෝ. සීනුව දැන් ගොන්කරත්යට බදින්න හොදම වෙලාව (බ)
අනේ මෙයාලගේ දේශපාලනය ගැන මොනවා කියන්නද ? කිසිම හිරිකිතයක් නැතිව ඩයස්පෝරාව එක්ක සන්ධාන ගතවෙලා හංසයා දිනවන්න වැඩ කලේ , මහින්ද හොද නැතිනම් නිකන් ඉන්න ඕනේ , වෙනම රාජ්‍යක් ඉල්ලන , මේ රටේ ඉන්නේ මිනීමරුවෝ කියමින් ලෝකය වටේ මේ රටේ නම කතාකරමින් ඉන්න ද්‍රවිඩ සංවිදානය හා ඩයස්පෝරාව එක්ක මෙයාලා හිටගත්තේ ඇදුම් ඇදගෙනද ? (බ)
අනේ මෙයාල ගේ ජාත්‍යාලය , අපි දන්නේ නැද්ද මෙයාල බඩගෝස්තරවාදී දේශපාලනය , එජාප , ශ්‍රී ලනිප නම් කොහොමත් බඩගෝස්තරවාදී බව පිළිගත් කරුණක් , නමුත් මෙයාල රට ට බොරු චිත්‍රයක් මවා පාල එයා ලා ගේ පාර හදා ගන්න අසාර්ථක උත්සයක යෙදෙනවා , මෙයාලා අද වෙනකන් ජාතියෙන් සමාව ගත්තද 1987-89 කරපු දේපොළ හා මිනිස් ජිවිත හානි වලට ? මෙයාලා කොහොමද ඩයස්පෝරාව එක්ක මහින්ද ව එලවන්න එකට හිට ගත්තේ ? මහින්ද හොද නැතිනම් මෙයා ලා වෙනම ඉල්ලන්න තිබුනා නැතිනම් ස්වාධීනව ඉන්න තිබුනා , කොහොමද ශේප් න්‍යාය , මහින්දට විරුද්ධව කරන්න පුළුවන් හැම දේම කළා , හැබැයි මෛත්‍රී වෙනුවෙන් ස්ටේජ් නැග්ගේ නැහැ , මොකද ජාම බේර ගන්න , නම බේර ගන්න , මෙන්න මෙයාලගේ දේශපාලන දර්ශනය (බ)
ජවිපෙ ආණ්ඩුවකට වෙලාව හරි. (බ)
ජේවීපී එක නැත්තටම නැතිකළා මෙන්න මේ වැඩබැරි ටාසන් මෙසැරේ බලාගන්න පුළුවන් මේ නායකය යටතේ ජේවීපී එකට අරන්දෙන අාසන ගාන දිහා බලල .මම හිතන්නේ විජේවීර සහෝදරයාගෙන් පස්සේ ජේවීපී කොදුනාරටිය වෙලා තිබුනේ විමල් කියලයි ,විමල් ගියදා ඉදල ජේවීපී එක වට්ටිඅම්මා කෙනෙක් වීම විතරයි (බ)
හංසයා ඉතිහාසයේ දෙපාරක්ම මඩේ දැම්මේ මෙයාල. මෙයාට සාමාන්‍ය මනුස්සයකු තරම් වත් දේශපාලන දැනුම නැහැ. ඉදිරි දැක්කම නැහැ. ජනවාරි 8 කලින් මම හිතපු දේ. මේ අය දැන් කියවනවා. මෙහෙම අයටද ජනතාව ඡන්දය දෙන්නේ.එක එකාට කඩේ යනවා.(බ)
නිදහස ලත් දවස සිට අප මාරුවෙන් මාරුවට මෙම එ.ජා.ප.හා ශ්‍රී.ල.නි.ප.යන පක්ෂ බලය දී අප රැවටී ඇත දැන් වෙනත් විකල්පයක් ගෙන මෙම දේශපලුවන්ගෙන් රට බේරාගත යුතුය(බ)
මෙදා මගේ ඡන්දය සෝමවංස අමරවංශට (නදී)
බම්බුව. මෙයාලා ඔක්කොම විදෙස් මුදල් මත යැපෙන දේශපාලන කාක්කෝ. වචන ලස්සනයි. ඒත් වැඩ බොහොම කැතැයි. හරියට යූඇන්පිය වගේ. ධර්මිෂ්ඨ පාලනයක් කියා ඇතිකළේ තනිකරම අධර්මිෂ්ඨ පාලන ක්‍රමයක්. නැති බැරි අය ඇතිහැකි අය කරනවා කියා දුප්පත් කම වැඩිකර පොහොසතුන් හා පාතාලය ඇතිහැකි අය කළා. මේ අයත් ඒ වගේ. කටේ බුදුරැස් ඒත් බොක්කෙ දඩමස්. (බ)
බොහෝදෙනාගේ අදහස් දකින විට මට ඇතිවෙන එකම ප්‍රශ්නය, මොන දේශපාලන පක්ෂයක් බලයට පැමිණීමෙන්ද රටේ වංචාව දුෂණය ඉවත් කරන්නේ? නිතරම බලය ලබා ගන්නා ප්‍රධාන පක්ෂ දෙකෙන් නම් මේ වෙනකම් එය ඉටුවී නොමැත. (බ)
ඉස්සර තිබුනේ වාමාංශික පක්ෂවල චීන පිල , මාවෝ පිල වගේ පිල්. අනුර කුමාරලා ප්‍රථම වතාවට ජවිපෙ ඇමෙරිකානු පිල බිහිකළා. වම දකුණ මතකතියාගන්න බැරිනම් අඩුගානේ බත්කන අත සහ පස්ස හෝදන අත කියල මතකතියාගන්න. ඔහෙලා වම දකුණ පටලවාගෙන. (බ)
කුමාරගේ කණ්ඩායම හෙවත් ජවිපෙ විනාශ කළ කණ්ඩායම දැන් කියනවා පහුගිය ආණ්ඩුව පැරැද්දුවේ එයාල කියල . නමුත් ලෝකේ අනිත් බලවත් රටවල් කියනවා ඒගොල්ල මහින්දව පැරැද්දුව කියල. එකෙන් තේරුම් යන්නේ ඔවුන් අධිරජ්‍යවාදී වාමාංශික බලවේගයක් බවයි. පුහ් පුහ් අපේ කරුමෙට රටට පහල වුන රතු අලි හෙවත් අපේ රටේ තරුණ පරපුර රවටන බඩගෝස්තරය රැකගන්න අවස්ථාවදියෝ (බ)
දිසානායක හරියට හරි. හොරුන්ට හුරේ දාලා ඡන්දෙ දීල ඊට පස්සේ අය්යෝ හොරකම් කරනවා කියල කෑගහනවා. (බ)
අබේරත්න...ලංකාවේ මිනිස්සු ගොන් කියාද කියන්නේ. සීනුව ඒ ගොන් කරත්තෙට බැඳලා ගොඩක් කල්. තාම ගොන්කම ගිහින් නෑ.. (බ)
ඔයගොල්ලෝ මඩට ඇදලා දාපු හංසයා නේද තාරාවෙක් වෙලා ගොඩට ඇවිත් තියෙන්නේ.කී පාරක් හන්සයාව මඩට දැම්මාද?(ම)
දුෂිතයන්ට දඩුවම් දෙනු (බ)
ඉතිහාසයේ හැම අවස්ථාවකම ජේ වී පී කටයුතු කරලා තියෙන්නේ දුර්වල නායකයෙක් හදන්න සහයෝගය දී අස්ථාවරත්වය තුළ මනෝරාජික සිහින දැකීම. සිහින බොඳ වීමේ ප්‍රමාණයට සැහැසි වීම. දේශපාලනය තුළ හරි වගකීමක් ගන්න බැරි බව ඉතිහාසය තුළ හැම සහයෝගී ව්‍යාපාරයකින්ම පෙන්නුම් කරලා තියෙනවා. පව් අහිංසක තරුණ කොටසක් හැමවිටම රැවටෙනවා.(ම)
හොඳට හිතල කෙනෙක් පත්කර ගන්න. (අ)
දේශපාලනය නොදන්නම කණ්ඩායම තමයි මේ (බ)
සම්පත් වන්නිආරච්චි, ඔබ හරියට හරි. (නි)
වින්සන්ට් මහත්තය කියපු දේට ඇදුනු ඉල ඇට ටික කෙලින් වුණා.ස්තුතියි ඒකට . මොන්ටිසෝරි තර්කනේ ඔබ තුමා දාන්නේ..කරුණා අම්මාන්ව කොළඹ ගෙනත් ආරක්ෂාව දුන්නේ කවුද.. සතුරාගේ සතුරා මිතුරෙක් කියන යුධ න්‍යාය ඔබ තුමා අහල තියෙනවද? අපේ හමුදාවන් යුධ ජයග්‍රහණයේදී ඔහුගෙන් ප්‍රයෝජන ගත්ත.අද සොමවංසල යම් නිදහසක් විදිනවද කරුණ විදින්නෙත් ඒ නිදහසම තමයි. ඔහු ඒ වෙනුවෙන් මිලක් ගෙවල ඒ නිදහස ගත්තේ,,සොමවංශල වගේ පිනට නෙමෙයි. ජනතා විමක්ති පෙරමුණ ගැන අපිට කියා දෙන්න ඔබ තුමා තවම ලාබාල වැඩයි මහත්තයෝ..විශේෂයෙන් දැන් ඉන්න දවසින් දවස පක්ෂය වලපල්ලට අරින මේ සෝබන නායකයෝ ගැන. (අ)
මේ අය කියන කතා වැඩිය ගණන් ගන්න එපා . (හේ)
අනුර මහත්තයෝ, නිපුණතා ඇති තුන් ලක්ෂ හැටදාහට, රැකියා තුන් ලක්ෂ හැට දාහක් හදන හැටිත් පොඩ්ඩක් කියන්නකෝ.(ම)
කියන කතා ඇත්ත වුණත් කරන කෙරුවාව සමාජවාදී ද ධනවාදී ද කියලා හිතාගන්න බැරි න්‍යාය පත්‍රයක් මේ අයට තියෙන්නේ. (ම)
අපි දන්නවා ඔබතුමාලා ඡන්දේ ලංවෙන කොට පුල්ලි මාරු කරනවා කියලා (ම)
ඔය බයිලා කියලා ඔය ගොල්ලන් හංසයාට කඩේ ගිහින් රට අවුල් කරපු පාපයෙන් මිදෙන්න බැහැ. අපි නම් ඔය ටික ඡන්දෙට කලින් ඉදලම දැනගෙන හිටියා . (බ)
පුදුම සෙනගක්නේ ඉන්නේ .මේ පාර නම් ජවිපෙ එක බහුතරය ගනී වගේ (බ)
ඔයකියන් හංසයා හරි , තාරාව හරි හැදුවේ අපිද ? අද මඩේ ලගින්නේ හංසයෙක් හදපු හින්දනේ තොපේ දේසපාලනේ ත් එච්චර් තමයි. දැන් මොන කිවවත් නුඹලා කරපු බලු වැඩේ අපි දන්නවා. රනිල් ට කඩේ ගියා (බ)