20161214Udesh-1අද නවක ගායකයන් බොහෝ ලෙස අලුත්ම ආකාරයේ ගීතයන් සමග ක්ෂේත්‍රයට පිවිසෙනු ලබයි. ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනගාගැනීමට ඔවුන් බොහෝ උත්සාහයන් ගනු ලබයි. එවැනි ගායකයෙකු ලෙස උදේශ් ආර්යන් හැඳින්විය හැකිය. නවමු සංකල්පයක් ඔස්සේ ගීතයක් නිර්මාණ කරමින් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඔහු තම ගීතය පිළිබඳව මෙසේ සඳහන් කළේය.

"මගේ නම උදේශ් ආර්යන්. සංගීතය පටන් ගෙන අවුරුදු 04ක් විතර වෙනවා. මම සිංදු කියන අතරේ සිංදු ලියෙනවා. ‘හුස්ම වැටෙනා තුරා’ ඒක තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝව. දැනට මම සිංදු 05ක් කියලා තියෙනවා. ‘පෙර දිනෙක’, ‘දැක ගන්න එක පාරක්’, ‘වෙන් වෙලා යන්න බෑ’, ‘සරාගී සිනා’, ‘ඔබේ සිනා මගේ’ යන ගීතයි. අද මං මේ ඉන්න තැනට එන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. මේ තැනට එන්න මගේ අම්මා, ෂෙනාල් මද්දුමගේ, චමත් සංගීත්, උදාර ප්‍රගීත්, සඳුන් පෙරේරා, සංජීව දිසානායක යන අය ඇතුළු ගොඩක් අය උදවු කළා. ඉතිං මගේ අලුත් ගීතයේ වීඩියෝව ළඟදීම බලාගන්න පුළුවන්. ‘හුස්ම වැටෙනා තුරා’ වීඩියෝව කළේ ශා විරාජ් විසිනි. ගොඩක් ලොකු සංකල්පයක් තියෙන ගීතයක්. අලුත්ම වැඩක්."

Artsit : Udesh aryan

Music : shenal maddumage

lyrics : hiran chinthaka

video : shaa productions (shaa viraj)

20161214Udesh-2 20161214Udesh-3 20161214Udesh-4