ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විදුහල සහ තෝලන්ගමුව ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දෙවැනි වරට පැවැත්වෙන සියනෑ කෝරළයේ මැදි මහ සටනේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල සියලූ දෙනා දැවී ලකුණු 205 ක් ලබා ගැනීමට සමත්විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරතවූ ගයාන් හංසකුමාර නොදැවී ලකුණු 100 ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය. පන්දු යැවීමේදී පුෂ්පකුමාර මඩුගල්ල සහ තුශාර සංජීව කඩුලූ 3 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් ගලහිටියාව මධ්‍ය විදුහල් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.
ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 205
(ගයාන් හංසකුමාර නොදැවී 100, රුවන්ත චතුරංග 39, පුෂ්පකුමාර මඩුගල්ල 44/3, තුශාර සංජීව 22/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd