වතුර ලීටරයක් දැමිය හැකි විදුරු බෝතලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
“රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල බොහෝ සේවකයන් හිස් මත්පැන් බෝතල්වල බීමට වතුර රැගෙන එන බව සිදුකළ අධ්‍යයනකදී හෙළි වී ඇත. මෙය මත්පැන් පානය සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් මෙන්ම සමාජයට දෙන අහිතකර පුර්වාදර්ශයකි. එබැවින් මත්පැන් විරෝධි සංකේතයක් ද සමඟ මේ බෝතලය හඳුන්වා දීමට තිරණය කර ඇත.”
“මේ බෝතල රාජ්‍ය ආයතනවලට නොමිලේ බෙදාහරින අතර පෞද්ගලික අංශයෙන් බෝතලයක් සඳහා වැයවන වියදම පමණක් අය කෙරෙයි. එය ඉතා සුළු මුදලකි. ”
“ශ්‍රි ලංකා සමාගමක් චීනයෙන් බෝතල් ආනයනය කරයි. බෝතල් දස දහසක් ළඟදිම ආනයනය කෙරෙන අතර ඉන්පසු බෝතල් ලක්ෂයක් ආනයනය කැරේ.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊටවැඩිය හොඳ නැද්ද දැනට භාවිතා කරන බෝතල් වල තිබෙන ස්ටිකර ගලවා මත්පැන්විරෝධී සංකේතයක් සහිත ස්ටිකරයක් වැනි දෙයක් භාවිත කිරීම. සල්ලි ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. (නි)
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
ඇත්තටම හොඳයි (නි)
එක ඇත්ත රජයේ ආයතනවල වඩාත් කරන්නේ පුද්ගලික අපි එක මේසෙකින් අනිත් මේසෙට ෆයිල් එකක් ගෙනියන්නත් අපි යන්න ඕන එන වුණාට තම හැම පහසුකමක්ම ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉදලා (ම)
ඔලුවේ අමාරුවට කොන්දට බෙහෙත් බඳිනවා වගේ වැඩක් මේක (නි)
ඉතින් බාර් වහලා දාන්නකෝ. බීලා ගංගා වල නාන අය සහ බීලා වාහන පදවන අය නම් ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනෑ බරපතල වැඩ ඇතුව(නි)
ඉතාමත්ම අගය කළ යුතු ක්‍රියාවක්. මෙමගින් යම් පිටුවහලක් වේයැයි සිතමි. (ම)
මේ වැඩේ ගුණ අගුණ කෙසේ වෙතත්, මේ බෝතල් ලංකාවේ හදන්න බැරිද චීනෙන් ගෙන්නන්නේ නැතුව..... ලංකාවේ දැන් රාජ්‍ය අවශ්‍යතාවයකට බෝතලයක් වත් දේශීයව නිෂ්පාදනය කරගන්න බැරිද....... ? (බ)
බෝතලේ සුරතලේ නැති කලේ. (ස)
අනේ මේ ගොන්පාට් කවදා නතරවෙය්ද? ඔච්චර නරක නම් අරක්කු තහනම් කරන්නකෝ. ලංකාවෙ නිෂ්පාදනය වන සියළුම ඇල්කොහොල් සහ සියළුම බීම බෝතල් නිෂ්පාදනය වෙන්නේ ලංකාවෙම මිනිස්සුන්ගෙ අත්වලින් බව ඇමතිතුමා දන්නෙ නැතිද? (ස)
මොකක්ද මේ කරන්න යන්නේ.බොරු වැඩක්.ඔය බෝතලේ දුන්නා කියලා බොන අය බොන්නේ නැතුව ඉදීද?(හේ)
වතුර කියන්නෙ අපට නිරෝගි වෙන්ඩ තියෙන උතුම් ම සමපතක් අපේ අය වතුර බොන්නෑ වනෙ වෙන එවා ගාන්වා නේ (ම)
අපි පිටරටින් ගන්නේ ලංකාවෙම බෝතල් ෆැක්ටරි තියෙද්දි. ලංකාවට උවමනා බෝතල් සේරම හදන්නේ එතැනයි (බ)
චීනෙන් ගෙන්වන්න යන්නෙ මොකද දන්නෙ නැහැ (නි)
නිකන් ඔලුව කචල් වෙච්ච එක්කෙනෙක්ගේ වැඩක් මේක. (බ)
අදහස හොදයි. ඒත් චීනෙන්ම ගෙන්නන්න ඕනෙ නෑනෙ. මොකද්ද ඩීල් එක? (බ)
හිස් බෝතලයක් දෙන්නෙ නැතුව අඩු තරමින් කිතුල් පැණි සමඟ මේක දුන්නොත් නරකද ? (ස)
කමක් නෑ ඉතින් චීනෙට සල්ලි දෙන්නටත් ඕනිනේ ..(බ)
වැඩේ හොඳයි. ඒත් මොකටද චීනෙන් ගෙනෙන්නේ? ලංකාවේ හැදුවා නම් ඉවරනේ (නි)
බලාගෙන යනකොට චීනා නැත්නම් ශ්‍රී ලංකාවේ ජනතාව වතුර බීලත් ඉවරයි. දෙයියන්ගේ නාමෙට අපේ රටේ වීදුරු බෝතලයක් වත් හදාගන්න බැරිද ?(හේ)
හොඳව වැඩක් (ම)