IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිස බිත්තියට සිරවී කම්කරුවා මරුට

(එන්.කේ.ඉන්ද්‍රවංශ සහ  ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස නගරයේ වෙළෙඳ ආයතනයකට යාබද පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙකු මතට වහලේ කොටසක් ඇදවැටී බිත්තියකට යට වී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කම්කරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පැරණි ගොඩනැගිලි ඉවත් කිරීමේ කුලී රැකියාවක නිරතවෙමින් සිටි බව කියන මාතර, කදිරත්තහේන 54 හැවිරිදි හේවා බැට්ටගේ රජිත් ප්‍රියන්ත නැමති සිව්දරු පියෙක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.

පැරණි ගොඩනැගිල්ලේ දෙවන මහලේ ක්‍රොන්ක්‍රීට් තට්ටුව ඉවත් කිරීම ආරම්භ කොට දෙදෙනකු ඉන් ඉහළ කොටසේ වැඩ කරමින් සිට ඇති අතරතුර තරප්පු පේළියේ සිටි මෙම පුුද්ගලයාගේ  හිස මතට එක්වරම යකඩ කොටසක් කඩා වැටි තිබේ.

අනතුරුව වහලයේ කොටසක් සහ බිත්තියක්ද කඩා වැවී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

හිස බිත්තියට සිරවී කම්කරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site