විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් පැවැත්වීමට තිබූ කොළොන්නාව උමගිලිය වේදිකාවට ටී 56 ගිනි අවි උපයෝගී කරගෙන වෙඩි ප්‍රහාර 30 ක් පමණ එල්ල කර ඇති අතර හිස් උණ්ඩ 17ක් සොයා ගෙන ඇතැයිද පොලිසිය කියයි.
සැකකරුවන් ජීප් රථ දෙකකින් හා වෑන් රථයකින් පැමිණ ඇතැයිද අලුයම 12.45ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති අතර වේදිකාව ඉදිකරමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයිද කියති.
එහි ආරක්ෂාවට සිටි වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් කණ්ඩායම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පොලිසිය රාජකාරිය පැහැර හැර ඇති බවට ඔප්පු වුවහොත් ඔවුනට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයෙන් පිටත්ව ගොස් සුළු මොහොතකින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපට යහ පාලනයක් ඕන නැද්ද ? (නදී)
ලොකුවටම පරාදයි සුවර් (නදී)
මා සිතන්නේ කොලොන්නාවට අරක් ගත් කුඩු ඇමති කෙනෙක්ගේ වැඩක් මේක. පරාජයෙන් වියරුව ඔවුන් මත් වී කරනා දේවල් (නදී)
අනේ අපේ මෝඩ හරකුනේ. (නදී)
අපේ මිනිස්සු මේ තරම් මෝඩද ? ඔය කව්රුත් කරන්නේ තමන්ටම තමයි (නදී)
බන්දුල අංතට්ටුව පටලවා ගෙන ඇත. (නදී)
මොලේ කලඳක් නැති ගොනෙක් උනත් දන්නවා මේ වගෙ වැඩක් කලොත් ආණ්ඩුවට ඇගිල්ල දික් වෙන බව. එහෙම දැන දැන මේ වගේ කරන්නේ නෑ මොන ගොනෙක් වත්. මේවා උන්ගෙම ප්ලෑන්. මේවට චූන් වෙන හරක් ඉන්නව කියලා දේශපාලුවො දන්නවා. මේ කොමෙන්ට් දැක්කම එ්ක හොඳට තෙරෙනවා. (නදී)
එන්නකෝ ඡන්දෙ ගන්න (නදී)
මහින්දට ජය වේවා කියන අය මේවට මොනාද දාන්න කියන්නේ (නදී)
ගොනාගල මහත්තයෝ, මේක ඒ අය කරපු දෙයක් නිසා තමා පොලිසියෙන් කටයුතු නොකළේ. ආරක්ෂාවක් නුදුන්නේ, මේක විරුද්ද පක්ෂෙන් කළා නම් දැනටම ඔවුන් අල්ලා නීතියේ ඉදිරියේ. නමටම සරිලන ප්‍රතිචාරයක් ඔබගෙන් (නදී)
ගේම් එක දුන්න කෙනා කුඩු රජෙක් වෙන්න ඇති. අවුලක් නැහැ රටේ වැඩි කොටස මෛත්‍රී එක්ක. මෛත්‍රීගේ ජයග්‍රහනය ස්ථීරයි. (නදී)
මේක ඒ අයම කරගත්ත වැඩක් තේරෙන්නේ නැත්ද ? හරියට රාජකාරි කරන්නේ නැත්තේ එ්කයි (නදී)
ගෝනාගල චුන්වී, " චුන් පාන් " කතා කියයි. (නදී)
පරාජය දැකලා මෙහෙම නම් පැරදුනාට පස්සේ මේ මිනිස්සු මොනවා කරයිද කියලා හිතාගන්න බැහැ. (නදී)
දෙන්නකෝ ඡන්දේ (අ)
ගෝනාගල, නිකම් බබා වෙන්න එපා. එහෙනම් ඔය අනිත් පැත්තට යන්න හදපු ගිය අයගේ කටිනුත් දැනට තිබෙන තර්ජන ගැන පිටවෙන්නේ බොරුද ? අපි දකුණේ මිනිස්සු. අපේ සීයල කියල තියනවා කාගේ කාගේත් පවුල් පසුබිම. (නදී)
ගෝනාගල ඔයාගේ අං තට්ටුවේ අං කීයක් තියනවද කියල අපි දැන ගන්න කැමතියි. (නදී)
මොන පරික්සනද තවත් පැහැදිලිවම ඔප්පුවෙලා තියනවනේ (අ)
පරාජයේ වියරුව (බ)
ප්‍රචන්ඩත්වයේ තරම.(හේ)
අපට ඕනේ මෛත්‍රී පාලනයක් (නදී)
මේ ලක්ෂණ අනුව පෙනෙන්නේ මහින්ද මහත්තයා පරදින්න යනවා වගෙයි, එකයි මැරබලය රජකරන්නේ. (අ)
ඔහොම යන්. ඔහොම යන්. යකාට බය නං සොහොනේ ගෙවල් හදනවද? කුමාර් කියපු කතාව හරි. ආණ්ඩුව ගෙදර යන්න බඩු පැක් කරනවා. (අ)
අනේ පව් අන්තිමට පොලිසියේ අහිංසකයින්ට තමා ගෙදර යන්න වෙන්නේ. (අ)