
(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයට ලක්වු පාතාල සාමාජිකයකුගේ සහෝදරයාට සහ තවත් පුද්ගලයෙකුට මීට සුළු මොහොතකට පෙර හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප: බුද්ධික කුමාරසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බැලුවාම පොලීසියට, හමුදාවට වැඩිය තුවක්කු රටේ නිල නොලත් හමුදා සාමාජිකයින් ගාව තියෙනවානේ. බැරිද දන්නෑ ලබන වෙසක් උත්සවයට ප්‍රසිද්ධ ගිණිකෙළි සංදර්ශණයක් පවත්වන්න...
ඝාතනයට ලක්වූ පාතාල සාමාජිකයකුගේ සහෝදරයාට... කියලා පොලීසිය කියනවලු. කොහොමද පොලිසිය පූර්ව නඩු විභාග කරලා සැර බාල කරන විදිහ..?
බයිසිකල් තරගයක් හෝ මැරතන් එකක් තියනකොට පොලිසිය පාර හදලා දෙනවා. මට පෙනෙන විදිහට යුක්තිය මෙහෙයුමෙන් කළේත් ඒ වගේ දෙයක් වගේ. වැඩකට නැති හාල් කෑලි ටික අල්ලලා කූඩු කළා. දැන් පාතාලේ මහ අයට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන්. පාර හදලා දුන්නා.
මෙච්චර මේ පොලිසිය මෙහෙයුම් කරනකොට කොහොමද මේ තුවක්කුව අරන් ගිහින් වෙඩි තියන්නේ? එතකොට මේ "යුක්තිය" මෙහෙයුමට වැඩිය ප්‍රබලයි මේ "අයුක්තිය" මෙහෙයුම.
පෙරළීමක් සිද්ද වෙලා තියෙන්නේ...
යුක්තියේ බලපරාක්රමයටත් අහුවෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා එහෙනම්...!
කුඩු ගෙනෙන කවුරුවත් ඔය යුක්තියට අහුවුනේ නැහැනේ.. මුදුන් මුල සහ කඳ එහෙම්මම තියෙද්දී රිකිලි කඩලා වැඩක් නැහැ.. නඩු නිසා මාස තුනක් පාට් ටයිම් කෙරුවේ මහ පුටුවට බව බව දැන් පැහැදිලියි.. ලොවෙත්, ගෙනෙන එකෙක් නම් අල්ලන්නේ නැහැ.
පොලිස්පතිවරයාට මේ දේවල් පේන්නේ නැද්ද? කුඩු කාරයෝ නම් අල්ලනවා...
ඕක තමයි යුක්තිය.. රාජ්‍ය ආරක්ෂාව සහිතව පාතාලයේ රැඟුම්...!