හංවැල්ල නගරයේ කඩ පෙළක පෙර දින රාතී‍්‍ර හදිසියේ ඇතිවූ ගින්නකින් ස්වර්ණාභරණ අලෙවි සලක් සහ රෙදි පිළි අලෙවි සලක් සම්පූර්ණයෙන්ම දැවී අළුවී ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය සැකකරයි.
පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අසල පිහිටි කර්මාන්ත ශාලාවල තිබූ ජල බවුසර් රැගෙන විත් ගින්න පැතිරීම පාලනය කිරීමට කටයුතු කර ඇත. ගින්නෙන් විනාශ වූ දේපලවල වටිනාකම මෙතෙක් ගනන් බලා නොමැති බව ද හංවැල්ල පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කඩසාප්පු වල ගිනිගැනීම් හරි වැඩියි මේ දවස් වල (නි)
හංවැල්ලේ තියෙන්නේ සිංහල කඩ අතේ ඇඟිලි ගානට. (නදී)
හංවැල්ල පොලිසියට සහ ප්‍රදේශ වාසීන්ට ස්තුතිය පුදකරමු. (දිල්)