සාරවිට තුළ ඉදිරිපත් කෙරෙන වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක් ලෙස හිලූෂ හේවාගම ගේ The Day හැඳින්විය හැක. එනිසාම එහි අදහස ඔබ ඉදිරියේ තැබීම අනුවණකාරී කටයුත්තක් ලෙස හැඟෙයි. මෙය සැබවින්ම වඩා ගැඹුරු කතාන්දරයක් ඉතා සරළ හැඟීමක් ලෙසින් ඔබේ සිතට ඔබ්බවන දක්ෂ අධ්‍යක්ෂක කටයුත්තක හැකියාවන් පෙන්වන්නකි. පශ්චාත් යුධවාදී වාතාවරණය සම්බන්ධයෙන් මෙතෙක් කතා නොකෙරුනු කතාබහක් පිළිඹිබු කරන මෙම නිර්මාණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂක හිලූෂ හේවාගමගේ ගේ අදහස මෙලෙස ඉදිරිපත් කරනවා.
“දකුණෙ කිරිබත් කාලා යුද්ධෙ ඉවරයි කියලා සැමරුවට ඇත්තටම යුද්ධෙ ඉවර නෑ සහ ඒකෙ පළවිපාක හැමෝගෙම ඔලුවෙ කැරකැවෙනවා කියන එක මෙතනින් පෙන්වනවා. මේ නිර්මාණයේ කතානායකයට පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්(Post Traumatic Stress Disorder) කියන මානසික රෝගය තියෙනවා. ඒක යුධ පරිසරයක හිටියම ඇතිවෙන තත්ත්වයක්. තමන් විසින්ම මනසින් සිටුවේෂන් එකක් හදාගෙන තමන්ම ඒකට මුහුණදෙන තත්ත්වයක් තමයි එතනදි වෙන්නෙ.”
රචනය සහ අධ්‍යක්ෂණය
- හිලූෂ හේවාගම
රංගනය
- ලහිරු ප්‍රමූ පෙරේරා
හිරන්‍යා හේවාගම
- අනුහස් දුලංග
කැමරා අධ්‍යක්ෂණය
- ලේඛා එදිරිසිංහ
සංස්කරණය/දෘෂ්‍ය ප්‍රයෝග/හඬ නිර්මාණ
- ඩැරන් මදසේකර
නිෂ්පාදන කළමනාකරු
- ලක්ෂිත පෙරේරා
කලා අධ්‍යක්ෂණය
- අජන්ත අලහකෝන්
සහය අධ්‍යක්ෂණය
- උදාර සිරිරුවන්
වේෂ නිරූපණය සහ ඇඳුම්
- සුදර්ෂ වැලිවත්ත
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd