ඇමරිකාවේ නාවික හමුදාවේ කැප්ටන්වරයකු ලෙස සේවය කරන බැද්දගාන පදිංචි ශ්‍රී ලාංකිකයකුගේ දුව පැහැරගන්නා බවට තර්ජනය කළ අයකු අඹතලේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම දියණියගේ මවට දුරකථන ඇමතුම් ලබාදී පැහැරගන්නා බවට තර්ජනය කර ඇති බවට සැකපිට ඔහු සතුව තිබූ ජංගම දුරකථනය හා සිම්පතද පොලිස් භාරයට ගෙන ඇත.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් කළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයා සොයාගෙන ඇති අතර ඔහු ඕපනායක පදිංචි සැටලිම් බාස් කෙනකු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමියා නිතර ගෙදර නැති නම් සමහර කාන්තාවන් තමන්ගේ සහ පවුලේ අයගේ අනාරක්ෂිත බව ගැන වාගේ වගක් නැහැ. සැමියා එවන සල්ලි ගැනයි , තමන් තනියම නිවසේ ඉන්න එක ගැනයි තැන නොතැන නොබලා දොඩවනවා. ඒ මදිවාට පිටස්තර පුද්ගලයන් ගෙදර එක එක වැඩ කරවා ගන්න කිසිම සෙවිල්ලක් නැතිව ගන්නවා. මේකත් එහෙම තත්ත්වයක ප්‍රතිපලයක් විය හැකියි .(ම)
ඇමරිකන් නාවික හමුදාවට සම්බන්ධනම් ඇමරිකාවේ ගිහින් පදිංචි වුණා නම් ඉවරනේ. මෙහෙ ඉන්නේ ඔත්තු බලන්න වෙන්න ඇති. (බ)
අනේ යන්න ශාන මහත්තයෝ යන්න. අද කාලේ සැටලින් බාස් කෙනෙක් අල්ල ගන්න කොච්චර අමාරුද? මේගොල්ලෝ ආයුද පෙන්නන්න එක්ක ගියහම ඔයාද සැටලින් බාස් වෙන්නේ .(අ)
මෙදා පාර නම් වැරදි මනුස්සයට තමයි තර්ජනේ කරලා තියෙන්නේ. (අ)
ඉස්සර තමන්ගේ තරහකාරයෙක් නම් කුඩු පැකට් එකක් ඔහුගේ වාහනයට හෝ ගමන් මල්ලට දාලා අවුරුදු ගණන් හිරේට යවනවා. පොලිසියත් මේ වැඩේ කරනවා. මෑත යුගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් රජයේ දේපල ගත්තා කියල පොදු දේපළ පනත යටතේ තමන්ට අවනත නැති උදවිය අත් අඩංගුවට අරගත්තේ ඇප ඉල්ලන්න නොහැකි වෙන්නට. මේ බාස් සමහරවිට තමන්ට ලැබෙන්න තිබුන මුදල නොදුන් නිසා දුරකතනයෙන් බනින්න ඇති. පිටරට ඉන්න මහත්තයා තමන්ගේ සල්ලි සහ තනතුරේ හයියත්, ඉංග්‍රීසි භාෂාවෙන් පොලිසියේ ලොක්කට කතාකලාමත් පොඩි මිනිස්සුන්ට මේ වගේ දරුණු නඩුවලට පටලවනවා. ඉතින් මේවා ගැන හරියටම නොදැන ආයුධ පෙන්නන්න අරන් යන්නත් යෝජනා කරන අය ඉන්න රටක් මේක. මෙවැනි උප්පරවැට්ටි දමමින් සමාජය පාදඩ කරණයෙන් තමන් කරන වැරදි කවදාහරි ඒ සමාජයේ ඉන්න තම දරුවට, සහෝදරයට නෑදෑයට නොකළ වරදකට හිරබත් කන්නට හෝ මියයන්නට වෙනබව නොදැනීම අවාසනාවකි. එබැවින් සමාජය යහපත් කරන්නට තම තමන් තනි තනිව හෝ යමක් කරන්නට උත්සාහ කරන්න. (නදී)
කරුණාකර මේ වගේ අයව ආයුද පෙන්වන්න එක්ක යන්න. මොකද වසර කීපයක් හිරේට ගියත් ඇවිත් ආයේ කරන්නේ මේකමයි මෙයාලට හොද නරක කියා දෙන්න බැ (අ)
අපෝ, මේ අය ගැන නම් කතාකරල වැඩක් නැහැ ඔක්කොම එකයි (අ)
ශාන්ගේ අදහස ඉතාම හොදා(නදී)
මටත් මෙහා සමාන දෙයක් සිදුවුණා නමුත් පොලිසියෙන් වැඩේ ඔච්චර දුරට ගෙන ගියේ නැහැ , මොකද අපි සමාන්‍ය මිනිස්සු නිසා .(අ)
ආයුධ පෙන්නන්ඩ අරං යන එක දැන් කෙරෙන්නේ නැහැ නේද ? (නදී)