හලාවත - අඹකදවිල ප්‍රදේශයේ මා දැල් හිමියෙකුට අද (5) අලුයම පරා මාළු කිලෝ ග්‍රෑම් 10,000 කට වැඩි ප්‍රමාණයක් හසුකරගැනීමට හැකිවී ඇත.
ප්‍රධාන මා දැලට අසුවූ පරා මාළු දැල ඉරා ගෙන පිටතට යාම හේතුවෙන් එම දැල වට කර තවත් දැල් කීපයක් යෙදීමට මා දැල් හිමියාට සිදුවී ඇත.කෙසේ වෙතත් අවසානයේ දැල් 06 කින් අල්ලා ගත් පරා මාළුන් ගොඩට ගන ඒමට පැය කීපයක් ගත වූ බවත් කියති.
හලාවත සහ තොඩුවාව ප්‍රදේශ වල මේ දිනවල පරා මාළු කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 250 ක් වන අතර කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 300 ක් පමණ වන බව ධීවරයෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවළු විතරක් කොහොමද කන්නේ ගණන් වල හැටියට? (නි)
ලෝකයක් හදන්න බැරිවුණත්, තමන් විසින් තමන්ව පාලනය කර මස් මාංශ භාවිතයෙන් ඉවත්වෙලා ඉන්නවා නම් හොඳයි (නි)
වෙළඳපොලට බලපැමක් වෙයිද (බ)
කරන කලට පව් මීරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඇඳින එපව් දුරලන උපදේසේ... නුදුන මැනවි තුන් දොර අවකාසේ.... කන්නන් මෙන් රස අඹ පල රිසිසේ.... මන්සන් තොස්කර කීම පල සෙත්සේ... දැන් දැන් එයි මරුවා පසුපස්සේ.... ඉන් පින්මය කටයුතු නම් දස්සේ.... (නි)
දමා තිබෙන අදහස් වලින්ම පේනවා මාළු ටිකක්වත් කාලා මොළය වර්ධනය වෙලා නැති බව. අපේ ධීවර ජනතාවට තව වැඩිපුර මාළු ලැබේවා!! (නි)
ඔය පින්වන්තයෝ ඉරටේ කාලා ඉස්සාව විසිකරනවද? කන්න පින තියනවා නම් ඉබ්බා ගෙට එනවා කිව්වලු. මාළු අහුවෙන එකත් වපර ඇහිනුයි බලන්නේ. (නි)
බටහිර රටවල්වල මේ නිසා දැන් 'මොක් මීට් සහ මොක් ෆිෂ්' ජනප්‍රියවේගෙන එනවා. සතුන්ටත් හානියක් නොවී රසට කන්න. (නි)
හුස්ම හිරවෙලා තමයි මාළු මැරෙන්නේ. ඕනෑම සතෙක් මැරෙනකොට දුක් විඳිනවා. ඉතින් ඒ මස් කන්නේ කොහොමද. මම නිර්මාංෂයි. හිතටත් ගතටත් හුඟක් හොඳයි. ලෙඩදුක්, අසනීප නැහැ. (නි)
අනේ! ලංකාවේ අයගේ අදහස් දැක්කහම තේරෙනවා ලංකාව ඔහොම තවම තියෙන්නේ මොකද කියලා. (නි)
මාළු ටිකක්වත් නොකන උපන් ගෙයි මෝඩයින්ගේ කුහකකම මේ දමා ඇති අදහස් වලින්ම පැහැදිලි වෙනවා. රටක් ජාතියක් වනසන්න මේ වගේ මෝඩයෝ කීපදෙනෙක් ඇති. අතට අහුවෙන මාළු නොකා ටින්කරලා පිටරටින් ගෙනෙන සැමන් හා ටින්කර තිබෙන තලගොයි මස් කා මොළය දියණුකර ගන්නකෝ. (නි)
සැමදා නියන් එකදා වැහි වලාවේ.(හේ)
අනේ අපේ අයගේ සත්ත්ව කරුණාව! (නි)
ඔය කියන මාළු කෑම පවක් නම් ,එළවලුත් ජීවිතයක් තමා... (නි)
ආදී කාලීන වනචාරී ගති වලින් කවදා මිනිසුන් නිදහස් වේවිද මිනිසුන්ට වගේම අනෙකුත් සතුන්ට ජීවත් වීමේ අයිතිය කවදා ලැබේවිද.(ම)
රසම මාලු තමයි බල මාලු (නි)
මාළු කන එකත් එපා වෙනවා දැක්කහම (ම)
ඔය කවුරු කොහොම කිවුවත් ඒ මිනිස්සු ජීවත්වෙන්නේ ඕකෙන් තමා. මේ රටේ ඉන්න මිනිස්සු හරියටම ආගම දහම අදහනවද කියලා ටිකක් හිතලා බැලුවොත් තමා හොඳ. රස කර කර කද්දී ඉතින් පව් පින් නැහැ. (නි)
මාළු මරණ එක එතකොට පව් නෙමේද ? නේපාලයේ සත්තු මරපු එක විතරද පව්? (ම)
කොහොම වුනත් අන්තිමට මුදලාලිලා කන්නේ අපේ මාළු! (අ)
සරත්, කන්නේ පුන්නක්කු වගේ!! (අ)
මාලු ටිකට අයිස් නොදා වැලි දැමීමෙන් කුණුවීම ඉක්මන් කරන බව අපේ ධීවරයෝ නොදන්නවා වගෙයි.දැනුවත් කළයුතුව ඇත (නි)
මළුන් තමා වැඩිම දුක් විඳලා මැරෙන්නේ හුස්මගන්න බැරුව (අ)
මලු මරණ එක හොඳ වැඩක් කියල මන් කියන්නේ නැ. සරත්ගේ චින්තනේට අනුව කියයි ප්‍රබකරන්ව මරපු එකත් පවු කියල. (අ)
ඔහොම කියන මහතුරුන්ට පරා පෙත්තක් බැදල සෝස් පිරිසියක් තියල අරව ගෙන් කාලක් තිබනම් සියලු පස්පව් අමතක වෙන හැටි බලන්න තිබ්බ (අ)
අපේ රටේ මිනිස්සුන්ට මෙච්චර සත්ව කරුණාවක් තියෙනවද?(හේ)
නේපාලයේ ලොකු භූමි කම්පාවක් ආවහම ඒ කලින් දවසේ හරක් මැරූ පවට කියලා අපේ උපාසක මහත්තුරු නෝනලා බොහොම වටින අදහස් පළකළා. බලාගෙන! මොන සතගේත් පණ එක වගේ වටිනවා. (නි)
කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්.(හේ)
දිලිප්ගේ කතාවනම් සහතික ඇත්ත.(හේ)
දිලිප්ගේ කතාවනම් සහතික ඇත්ත හිතද්දීත් බය හිතෙනවා මනුස්සයෙකුට මෙහෙම උනානම් කොහොමද..??? අනුන්ගේ ජීවිත තමාගේ කුස පුරවගන්න සහ සැපයට කාල සංසාරේ තවත් දිකරගන්නවා...(හේ)
මාළු කියන්නෙත් සත්ව කොට්ඨාශයක්. නමුත් මේ බෞද්ධ රටේ සත්තු මරණ ධීවර අමාත්‍යංශයක් තිබීම ගැන අපි දෙවරක් සිතන්න ඕනේ නේද? (බ)
හොදම කතාව යෝෂිත කියල තියෙනවා (ම)
මෙයින් ගම්‍ය වන එක දෙයක් ඇත. එනම් මේ මාළු කෑම වැරදිනම් ලෝකයේ පැවැත්මක් නැතිවෙයි. එනිසා මේවා මිනිසාගේ ජීවත්වීම සදහා ඇතිවූ බවයි පෙනී යන්නේ.(ම)
ඇත්තම තමයි.(හේ)
දැන් කවුරු මොන දේ කිව්වත් ඔය මාළු ටික නිකන් දිලා බලන්නකෝ එතකොට කා ගැනත් දැන ගන්න පුළුවන් වෙයි.(හේ)
ඇත්තටම මම නම් මාළු වලට වඩා මස් වලට ගොඩක් ආසයි. හැබැයි චිකන් වලට වඩා පොර්ක් හා බීෆ් ගොඩක් රහයි. (බ)
මම හිතන්නේ නැ මෙතෙන අදහස් දාපු අය මාළු නොකනවා කියලා. හිතට හොරෙන් බෙහෙත් බොනවා නේ. (බ)
එත් ඉතින් කොළඹ ඉන්න අපිට හලාවත ගානට මාළුෙ ලැබෙන්නේ නැහැ.(හේ)
නවෝද්, ඉඩිඅමීන් නම් කිවුවේ කාපු මස් වලින් රසම මස මිනීමස් කියල. පොඩි ට්‍රයි එකක් දීල බලන්නකෝ. (බ)
සරත් කන්නේ අලුත් මාළු. අතුල කන්නේ පුන්නක්කු (නි)
නැවතත් සුනාමියක්වත් එන ළකුණුද? (නි)
කන්න කීව්වට අපි මරන්න කීව්වද ? මේක පුදුම ලෝකයක්නේ .(හේ)
නවෝද් විතරයි අවංක අදහසක් දාල තියෙන්නේ .(හේ)
මේ වැහි කාලේ බෙහෙත් ගහලා මදුරුවෝ කෝටි ගණන් මරනවා. මදුරුවෙක් විද්දොත් උගේ මව්ගුණ කියලා තමයි මරන්නේ. වැඩේ වැරදුනොත් උගේ පස්සෙන් එළවාගෙන ගිහින් මරනවා. මම හිතන්නේ මේ මාළු ගැන දුක්වෙන අය එහෙම කරන්නේ නැතුව ඇති නේද? (නි)
මේ පැත්තේ මිනිස්සුන්ගේ පිනට මාළු ටිකක් වත් අහු වෙනවා. අපේ පැත්තේ ඉන්න උන්ගේ කටවල් වල මුලාවට මාළුත් නැහැ. හැමදාම කන්නේ අයිස් මාළු. (බ)
මෙතන අදහස් දාල තියන උපාසක මහත්වරු ගැන හිතනකොටත් දුක හිතෙනවා (බ)
සමහරුන්ට මස් මාළු කෑවහම ඇඟ කසලා පලු දානවා. මෙතන අදහස් දමා තිබෙන ගොඩක් අයට ඒ රෝගය තිබෙන බව පෙනෙනවා. රසවත් කෑමක් කන්නත් පින තියෙන්න ඕනෑ. (නි).
මෙතන අදහස් දමලා තියෙන්නේ සමහරු හරියට මාළුවෙක් දැකලාවත් නැහැ වගේ. (නි)