(ගයාන් සූරියආරච්චි )

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු විසින් හලාවත කොළඹ මාර්ගයේ ගල් කන්ද ප්‍රදේශයේදී  වෙඩි තබා පලා ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තරුණයා එතනම මියගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා බෝල වලාන දෙසට පලාගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.