IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


හොලිවුඩ් සුරූපිනියට රජ පවුලේ විරෝධය

2016-11-24-ent-92

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන හොලිවුඩ් නිළියන්ගෙන් තමන්ගේ රජ පවුල බේරාගැනීමේ මෙහෙයුමක වෙහෙසෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එයට හේතුව ඇගේ මුණුපුරු හැරී කුමරුගේ පෙම් සබඳතාව බවයි සඳහන් වන්නේ. එළිසබෙත් රැජනගේ මුණුපුරකු වන හැරී කුමරු හොලිවුඩ් නිළියක සමග පෙම් සබඳතාවකට මුලපුරනු ලැබූ පුවත පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවිවල නිරන්තරව වාර්තා වී තිබිණ. හැරී කුමරු සහ මෙගන් මාර්ක්ල් සමග ඇති සබඳතාවය දැන් බොහෝදෙනා දන්නා පුවතක් වී හමාරය.

කෙසේවුවද තවමත් මේ පෙම් සබඳතාව පිළිබඳව අදහස් දැක්වීමට හැරී කුමරුන් හෝ මෙගන් ඉදිරිපත් නොවූ බවද සඳහන් වෙයි. පැතිරී ගිය ආරංචිමාර්ග අනුව මහ රැජින මේ සම්බන්ධව නොසතුටු වන බව සඳහන්ය. මහ රැජින මෙම සම්බන්ධය වහාම නතර කර ලෙසද හැරී කුමරුට අණකර ඇතැයි සඳහන් වන අතර, හොලිවුඩ් නිළියක් තම පවුලට සම්බන්ධ වීම දැඩි සේ හෙළා දකින බවද ඇය ප්‍රකාශකර ඇත. හැරී කුමරුගේ නෑනා වන කේට් මිඩ්ල්ටන් කුමරියත් මේ සම්බන්ධයට එකසේ විරෝධය පළකර සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එපමණක් නොව හැරීගේ ඥාති සොයුරියක වන සමන්තා ග්‍රාන්ට්ද මෙයට විරුද්ධ බව සඳහන් වෙයි. ඔවුන් දෙදෙනාම කියා සිටින්නේ මෙගන් හැරී කුමරුට නොගැළපෙන බවයි.

 

2016-11-24-ent-93
2016-11-24-ent-94
2016-11-24-ent-91



අදහස් (0)

හොලිවුඩ් සුරූපිනියට රජ පවුලේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site