ෆුල් ෆේස් හෙල්මට් නීතීය අද (02) සිට බල පැවැත්වෙන නමුත් නීතීය අකුරටම ක්‍රියාත්මක නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එවැනි හෙල්මට් පැළැද යන යතුරුපැදිකරුවන්ට දින කිහිපයක් අවවාද කරන බවත් අවශ්‍ය වුහොත් දඩ කොළ ද නිකුත් කරන බත්ව ඔහු පවසයි.
අද යතුරු පැදිකරුවන් බොහෝ දෙනෙක් වෙනත් හෙල්මට් පැළැද ගමන් බිමන් ගිය බව පෙනිණි.
ෆුල් ෆේස් හෙල්මට් පැළැද සිටි යතුරු පැදිකරුවන් නවතා පොලීසිය උපදෙස් දෙන අයුරු දැක ගැනීමට හැකි විය.
යුද සමයේ වරින්වර හෙල්මට් නීතීය ඉවත් කැරිණි.
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව මාතර තරුණ බෞද්ධ සංගමය මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කැර ඇත.හෙල්මටයක් නොමැතිව යතුරු පැදියක් පදවන්නකුට රුපියල් 500ක දඩ කොළයක් නිකුත් කැරේ.
එවැනි පුද්ගලයකුට උසාවියේ නඩුවක් පැවැරිමෙන් පසු දඩය රුපියල් 2500 දක්වා වැඩි වීමට ඉඩ ඇතැයි පොලීසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල්ෆේස් හෙල්මට් හින්දා කොල්ලකෑම් වැඩිවෙනවා නම් මාර්ග අනතුරු නවත්වන්න වාහන ධාවනයත් නතර කළයුතුයි. (නි)
බලන්න මෙතන පෙන්නනවා ෆුල් ෆේස් හෙල්මෙට් එක ගලවලා වෙනත් හෙල්මට් එකක් දාලා යන්න කියලා. එ්කෙන් වෙන්නේ තවත් අනතුරු වලට මුහුණ දෙන එක විතරයි. කලින් මේ නිතිය ගේන්න ඉස්සෙල්ල හොඳ මෙල්මට් එකක් පාරිබෝගිකයන්ට හඳුන්වල දෙන්න ඕනේ. ආරක්ෂාව අතින් හොඳ දෙයක් හැටියට. නැතිව එක එක මන්ද මානසිකත්වයෙන් පෙලෙන මිනිසුන්ගේ ආශාවන් ඉෂ්ට කරන්න සමස්ත තරුණ පරපුර අනතුරේ දාන එකද පොලිසියේ රාජකාරිය? තවත් මෝඩ වැඩ නොකරන ලෙසට පොලිසියෙන් ඉල්ල සිටිනවා. මිනිහෙක් මලහම එ්කේ වගකීම පොලිසිය බාර ගන්නවද ? (ස)
සම්පත්ගේ මොළය තියෙන්නේ කොහෙද? (නි)
සම්පත් මගේ ළඟ හිටියා නම් හොඳට කියාදෙනවා මම අමතක නොවෙන්න (නි)
මට සෙට් උනානම් ඔලුවට හෙල්මට් එක දම්මලා බයික් එකේ වාඩි කරවලා කියලා දෙන්නේ. (ස)
සම්පත් කාර් එකක යන උම්බෑ කියන සතා වගේ පේන්නෙ.එයාලට තියන ආරකෂාවක් බයිසිකලේ යන අයට නෑනේ. (ස)
ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යනගමන් කාටහරි වෙඩි නියන්නත් පුළුවන්. ගෑනු ළමයින්ගේ මාල කඩන්නත් පුළුවන්. රණවකගේ අදහස වැරදියි. සම්පූර්නයෙන්ම තහනම් කළ යුතුය. (ස)
අපි ඉල්ලන්න අපේ ආරක්ෂාව. ගෑනු ලම්යින්ගේ මාල කඩන එක ඔපෙන් ෆේස් හෙල්ම්මේට් එකක් දාලා ලේන්සුවකින් මුහුණ අවරණය කරලා කරන්න පුළුවන්. කියනවනම් තර්ක ගොඩක් කියන්න පුළුවන්. (ර)
මේ හෙල්මට් විකිණීම තමන්ගේ රැකියාව ලෙස කරන මිනිසුන් මේ ගෙනාපු හෙල්මට් නැවත විකුනන්නේ හෝ නැවත එම හෙල්මට් විකිනීමට ඇති මාර්ගය ඇහිරෙනවා. එතකොට ඒ මිනිසුන්ගේ රැකියාව කඩාගෙන වැටෙනවා. ඒ වගේම අනතුරු වෙලා කීදෙනෙකුට මරුවා තුරුලට යන්න වෙයිද දන්නේ නැහැ. අනික මිනිස්සු සල්ලි දීලා ගත්තු හෙල්මට් දුම් අල්ල අල්ල ගෙදර තියන් ඉන්නද? (ර)
සම්පුර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෝ වෙනත් හෙල්මට් පැලඳ සිටිය යුත්තේ යතුරු පැදියේ ගමකරන විට පමණි. නතරකල වහාම හිස් ආවරණ ඉවත්කල යුතුය. කිසියම් ආයතනයකට හිස් වැසුම් පැළඳ ඇතුල් වීමට තැත්කිරීමේදී ආරක්ෂක අංශ වලට තම බලය පාවිච්චිකර වැලැක්වීමට නොහැකිනම් වෙඩි තැබීමට අවසර දිය යුතුය. මහමග හෙල්මට් පැළඳ ඇවිදින අය අල්ලා දඩ ගැසීම හෝ නීති මගින් කටයුතු කල යුතුය. හෙල්මට් දමාගෙන යතුරු පැදි වල යෑම අනිවාර්ය කල යුතුය. (ස)
රණවක නිවැරදි ..දුක ඉතින් ලොකු මොළවලට තේරේන්නේ නෑනේ.ප්‍රාෙයා්ගික නිති ලොකු පිටු වල ඉන්න අය ගන්න ගියාම මෙහෙම වෙනවා.(ම)