2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

සුනාමියදා ගාල්ලේදී සුනාමියට අසුවූ තරුණියකගෙන් මාලය කඩාගත් තැනැත්තාත්, සුනාමි ආධාර වංචාකළ ප්‍රභූවරුනුත් අතර වෙනසක් නැතැයිද එකම වෙනස එම තැනැත්තා හිරබත් කෑමත් සෙසු අය එළියේ සිටීමත් යැයි ඔහු කීවේය.

DSC03851

 

DSC03847