IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිල්ටන් හෝටලය ගන්න ආයෝජකයන් හතර දෙනෙක්

(අංජුල මහික වීරරත්න)

 කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර  මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට  ඉදිරිපත් වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා  පැවසීය. 

රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ නිල්ටන් හෝටලේ පෞද්ගලික ආයෝජනයකට ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා  නමුත් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය එහිදී අනිවාර්යෙන් ලැබිය යුතු බව පැවසීය.

රජය විසින් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ද නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.  



අදහස් (4)

හිල්ටන් හෝටලය ගන්න ආයෝජකයන් හතර දෙනෙක්

wedage Thursday, 07 March 2024 09:39 AM

මේ හෝටලයේ එක මහලක් අඩුවෙන් තමා හදලා තියෙන්නේ

:       3       9

Lalla Thursday, 07 March 2024 06:45 PM

මහල් සංඛ්‍යාව හරි. මහල්වල උස සුළු ප්‍රමාණයකින් අඩුකර ගොඩනැගීම නිසා මුලු උස මුල් සැලසුමේ හැටියට එක මහලක උසට සමාන උසකින් අඩුවෙලා..

:       0       0

ravin Thursday, 07 March 2024 10:26 AM

ඔය පනින්න හදන්නේ බලලා මල්ලෙන් එලියට .රාජ්‍ය දේපල එකිනෙකා පුද්ගලීකරණය කරනකොට 10% ලංකාවට ආදරෙයි

:       7       7

Prabha Thursday, 07 March 2024 07:07 PM

සංචාරක කර්මාන්තය නැවත පණගහන රටේ හෝටලයක් කරගන්න බැරි අයද මේ රට හදන්න ඉල්ලන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site