ඉකුත් අඟහරුවාදා (23) හාලිඇළ පොලිස් මුර පොළ අසලදී එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි කළ සිද්ධියට විරෝධය දක්වා අද (25) හාලි ඇළ ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමේදී එජාප මන්ත්‍රීවරු හය දෙනෙකු කළු පටි පැළඳ සභාවට ආහ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නව ගුණවැල් පැළද සිටියහ.
විපක්ෂ නායක කාදර් රාසීක් ,මන්ත්‍රීවරුන් වන සරත් හෙන්නායක,ඉනෝක ලක්මාල් දේශප්‍රිය,කරුණාතිලක ප්‍රියන්ත,උපාලි වසන්ත,එස් සුදාගර් මෙම විරෝධයට එක්ව සිටියහ.
ඔවුහු විරෝධතා පෝස්ටර් ඔසවමින් පොලිස් මුර පොළ අසල ද උද්ඝෝෂණයක් පැවැත්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd