IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘හාල් අවුලට මුල බීර කම්හලක්‘

රජය රටින් සහල් ආනයනය කර  අඩු මිලට අලෙවි කලොත්  ඉතිරි   සහල් මෝල් ටිකත් වැසී යනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය කියයි.

සංගමයේ  උප  සභාපති  ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවකදී  පැවසුයේ දැනට පොළොන්නරුවේ  වී මෝල් වලින් සියයට 85 ක් වැසී ඇති බවයි.

අපි කිසිම කෙනෙක්  වී තොග සඟවාගෙන නෑ.මහා පරිමාණයෙන් හාල් යොදාගෙන බීර නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු නිසයි  මේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ.

මේ විදියට රටින් සහල් ගෙන්වලා අඩු මිලට අලෙවි කලොත් අපි නිෂ්පාදනය කරන සහල් වලට මිලක් නැතිව යාවි.

 

 

 

 



අදහස් (0)

‘හාල් අවුලට මුල බීර කම්හලක්‘

දසුන් Saturday, 29 November 2014 03:52 AM

බමුණු ආරච්චිට ලෙඩක් (නදී)

:       0       0

කල්පන Saturday, 29 November 2014 03:54 AM

සමන්ති නියම කතාව. (ස)

:       0       0

කසුන් සේනක Friday, 28 November 2014 12:26 PM

ඒක වෙන්නැති සිරිසේන මහතා කිවුවෙ චන්ද්‍රිකා තරම් හාල්මෝල් හිමියන්ට කවුරුත් සහන දීලා නෑ කියලා. (අ)

:       0       0

කමල් Friday, 28 November 2014 12:28 PM

පොහොර සහනාධාරයේ වාසිය ලබන්නේ ගොවියන් හෝ පාරිභෝගිකයන් නොවේ. මුදලාලිලා ටික. ඒ අය හිතන්නේ ඒ අය විතරක් කෑවම ඇති කියල. (අ)

:       0       0

සෑම් Friday, 28 November 2014 12:30 PM

එතනෝල්, කුඩු, ගංජා, කසල තේ, ඊළඟට බියර් ?? ආශ්චර්යයට වැඩි දුරක් නැහැ.(නදී)

:       0       0

අනුරාධ​ Friday, 28 November 2014 12:39 PM

හොරා දැන, දැන උන්ව අාරක්‍ෂා කරන්නෙ කවුද​? (නදී)

:       0       0

චින්තන Friday, 28 November 2014 12:40 PM

මොකද එතනෝල් ගෙනාපුවා ඉවර වෙලාද. (නදී)

:       0       0

දිනේෂ් Friday, 28 November 2014 12:44 PM

එතකොට මෛත්‍රී පාලනයේත් පවුල් ගස් තියෙන බවයි පේන්නේ. මල්ලිත් කියල තියෙන්නේ එයා එක මහා පරිණාම හාල් ව්‍යාපාරිකයෙක් විතරයි කියලා. බලනකොට තුනෙන් එකක් මෛත්‍රී පවුලේ. රාජපක්ෂ පවුල බිඳලා මෛත්‍රී පවුල ආවම ඉඟුරු දීල මිරිස් ගත්ත කියල අායිමත් කියතැහැකි. ඔක්කොම එකයි. වෙස් මුණු බැඳලා තමා පටන් ගන්නේ. (නදී)

:       0       0

සංගදාස Saturday, 29 November 2014 04:31 AM

බමුණු අපේ ගෙදර පරණ වංගෙඩියක් තියෙනවා ඇවිල්ලා අරන් යන්න. (නදී)

:       0       0

රොහාන් මෝතා Friday, 28 November 2014 01:02 PM

අපිට ආදරේට දේශපාලනය කරපු කෙනෙක් ඉන්නවද 1978 න් පස්සේ? ගෙවල් වතුපිට උගස් කරලා දේශපාලනය කළ කෙනෙක් හොයලා දෙන්න (නදී)

:       0       0

ටානියා Saturday, 29 November 2014 04:43 AM

බමුණු අයියට නියම වැඩක් තියෙනවා මෝල්ගහ ගැන. (ස)

:       0       0

කුමාර Friday, 28 November 2014 01:13 PM

මතට තිත කියමින් කරනුයේ බතට තිත වගේ (නදී)

:       0       0

ගුණසේකර Saturday, 29 November 2014 05:56 AM

දුප්පත් අපි ගැන බලන්න එපා බඩ වාදගන්න (අ)

:       0       0

අපොන්සු Saturday, 29 November 2014 05:58 AM

සිරිසේන මහතා කිවුවනේ චන්ද්‍රිකා තරම් හාල්මෝල් හිමියන්ට කවුරුත් සහන දීලා නෑ කියල, මන් මේ බල ඉන්නේ සිරිසේන මහතා තරම් පරණ කල පවූ වලට සහන දීපු කෙනෙක් නැහැ කියන දිනේ එනකම්. (අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 28 November 2014 06:03 PM

සිංහල හාලේ බත් පොල් සම්බෝලයි කා බඩගිනි නිවා ගනු ලබන අප ලක්වැසි අසරණ ජනතාවට බීර පෙවීමට තැත්කරන ජගතා කව්දකියා ගරු ජනාධිපතිතුමා වහාම ජනතාවට හෙළිකල යුතුය.(ම)

:       0       0

අමර Friday, 28 November 2014 06:26 PM

මේ අර මහින්ද මහත්තයට පෙලපාලිගිය මන්ත්‍රී තුමාගෙ එක්කනෙ. ජයවේවා මේව තමයි අපට ඕනේ. දේශීය දේ දැනගන්න. ඔන්න අපේ සහලේ වටිනාකම. බොදුබලේ සළක්නනෙ මේකට තමා. (ස)

:       0       0

ධනුෂ්ක Saturday, 29 November 2014 06:16 AM

දැන් ඔය බීර හදන තැනට බලෙන් හාල් ටික අරගෙන යනවද? දන්නේ නැති නිසයි ඇහුවේ (නදී)

:       0       0

දිලීප Friday, 28 November 2014 07:31 PM

හල මෝල් හිමියන්ගේ සංගමේ සබාපති හැංගිලා-උප සබාපති කතා කරන්නේ-සභාපති මෛත්රිගේ සහෝදරයෙක් නිසාද?මෛත්රිත් බබා පාට් දානවා.සහෝදරයෝ හාල් මාෆියාව රන් කරනවා. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 29 November 2014 07:10 AM

යකෝ! මේක මාර වැඩක් නේ. අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. ඉතින් දෙයියනේ රටට අවශ්‍ය තරම් වී නිෂ්පාදනය වෙන්නෙත් නැතිකොට කවුද මේ, අපේ බත් වනසලා බීර හදන්නේ. මුන්ට ගහන්න ඕනේ හතරමං හන්දියක තියල "මතට තිත" කියන්නේ මේවා කරන එකටද ? (ස)

:       0       0

සමන්ති Friday, 28 November 2014 09:05 PM

මේ ව්‍යාපාර ටිකෙන් ටික දියුණු වූ ඒවායි. අනෙක් අය ව්‍යාපාර කරන එක වැරදිද? (නි)

:       0       0

රත්න Friday, 28 November 2014 09:46 AM

මතට තිත..? (ර)

:       0       0

කැලුම් Friday, 28 November 2014 09:55 AM

ඔන්න බොලේ ඇත්ත එළිවෙලා. (අ)

:       0       0

මාටින් Friday, 28 November 2014 09:57 AM

බත් කමුද?? බියර් බොමුද?? (අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 28 November 2014 10:08 PM

දැන් සිදුවන්නේ සිංහල හාලේ බත් පොල් සම්බෝල එක්ක කා බඩගිනි නිවාගත් අපේ දුප්පත් අහිංසක ජනයාට බඩගින්නට බීර බොන්නටද? (නි)

:       0       0

වීරසිංහ Friday, 28 November 2014 10:59 PM

අපි හිතුවා ‍ඕවා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

ෆාරු Friday, 28 November 2014 11:44 PM

මේ‍කට වගකියන්න ඕනෑ කෙනාගේ ෆයිල් එක නැද්ද කා ළගවත්? (නි)

:       0       0

ජයත් Friday, 28 November 2014 10:25 AM

රටේ වැසියන්ගේ ප්‍රධාන ආහාරය නිෂ්පාදනය ,බෙදාහැරීම, වගේ සරල දෙයක් වත් කළමනාකරණය කරගන්න බැරි පාලකයෝ ඉන්න රටක් මේක. (ර)

:       0       0

බමුණු ආරච්චි Saturday, 29 November 2014 12:53 AM

අපි ගන්නා සුළු වැටුප මෝල් හිමියන්ට දී උඩබලාගෙන ඉන්න අපිට බැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 29 November 2014 12:55 AM

බත් කමුද? බියර් බොමුද? බියර් බී බත් කමු. එහෙම නේද සිද්ධවෙන්න ඕනෑ? (නි)

:       0       0

චානක Saturday, 29 November 2014 12:57 AM

එහෙනම් අපි බීර බොමුකෝ! (නි)

:       0       0

බමුණු Friday, 28 November 2014 10:57 AM

අපිට අඩුමිලට සහල් ලැබෙනවානම් හාල් මෝල් වැසුනට කමක් නැත. (ර)

:       0       0

සමන්ති Saturday, 29 November 2014 01:28 AM

බමුණුආරච්චි , ගෙදර වී කොටන වංගෙඩියක් නැද්ද? (නි)

:       0       0

බමුණු Friday, 28 November 2014 11:08 AM

අපට අඩු මිලට සහල් ලැබෙනවා නම් සහල් මෝල් වැසුනට කමක් නැත. මොකද අපි ගන්න සුළු වැටුප සහල් වලටම වියදම් කිරීමට බැරිනිසා. බීරත් පිටරටින් ගෙන්වා දෙනවා නම් බොහොම හොඳයි.(හේ)

:       0       0

දිනේෂ් Friday, 28 November 2014 11:08 AM

අනේ මන්දා?(හේ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 29 November 2014 01:45 AM

ගෙදර වංගෙඩිය නැහැ. මෝල්ගහ විතරයි තියන්නේ. ඒකත් දැන් පරණයි (නි)

:       0       0

මුණසිංහ Saturday, 29 November 2014 02:04 AM

දකුණු පළාතේ අපිට වී මෝල් ගැටලුවක් නැහැ. ගෙදර ලග මෝලෙන් වී ටික කොට ගන්නවා. පොළොන්නරුවේ වී රජ නිසා ලංකාවම අමාරුවේ වැටුන හැටි දැන් තේරෙනවා ඇති. මෛත්‍රී පාලනයකින් මොකෙන් මොකක් වෙයිද කියල දැන් පේනවා ඇති. (ස)

:       0       0

ජෙහාන් Friday, 28 November 2014 11:25 AM

එතකොට මේකට අදාළ කෙනා ?(දිල්)

:       0       0

ලලිත් Saturday, 29 November 2014 02:49 AM

පිඅරටකින් හෝ වෙනයම් නිෂ්පාදනයක් සමග තරග කරන්නට බැරි රටේ නිෂ්පාදන ජනතාවට බරක් නිසා එය ඉවත් කර හෝ මහජනතාවට සහනය සලසා දිය යුතුය.(ස)

:       0       0

අනුර ජොන්ස්ටන් Saturday, 29 November 2014 02:52 AM

සහල් වතුරේ දමා පැල වීමට හැර එම වතුරෙන් බීර දෙවනුව වියළා වෙළඳ පලට ප්‍රෝටීන් නම් නැහැ එතනෝල් වලට වඩා හොඳ නැතිද (ස)

:       0       0

සත්‍යපාල Friday, 28 November 2014 11:34 AM

තිතට මත (නදී)

:       0       0

උපුල් Saturday, 29 November 2014 12:38 PM

අනේ බීර කම්පැනිනම් වහන්න එපා.(හේ)

:       0       0

රූපසිංහ Friday, 28 November 2014 11:53 AM

එහෙම නම් බීර කම්හල වසා දැමීය යුතුයි. මත්වීමට වඩා මිනිසුන්ට අවශ්‍ය කුසට ආහාරයකි. තොග වෙළදුන් ගේ සහභාගිත්වයෙන් ද වෙළද පොලේ සහල් මිල ඉහළ යාමට කරුණු තුඩු දුන් බව රටම දන්නා ප්‍රසිද්ධ රහසකි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site