රජය රටින් සහල් ආනයනය කර අඩු මිලට අලෙවි කලොත් ඉතිරි සහල් මෝල් ටිකත් වැසී යනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය කියයි.
සංගමයේ උප සභාපති ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවසුයේ දැනට පොළොන්නරුවේ වී මෝල් වලින් සියයට 85 ක් වැසී ඇති බවයි.
අපි කිසිම කෙනෙක් වී තොග සඟවාගෙන නෑ.මහා පරිමාණයෙන් හාල් යොදාගෙන බීර නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු නිසයි මේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ.
මේ විදියට රටින් සහල් ගෙන්වලා අඩු මිලට අලෙවි කලොත් අපි නිෂ්පාදනය කරන සහල් වලට මිලක් නැතිව යාවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු ආරච්චිට ලෙඩක් (නදී)
සමන්ති නියම කතාව. (ස)
ඒක වෙන්නැති සිරිසේන මහතා කිවුවෙ චන්ද්‍රිකා තරම් හාල්මෝල් හිමියන්ට කවුරුත් සහන දීලා නෑ කියලා. (අ)
පොහොර සහනාධාරයේ වාසිය ලබන්නේ ගොවියන් හෝ පාරිභෝගිකයන් නොවේ. මුදලාලිලා ටික. ඒ අය හිතන්නේ ඒ අය විතරක් කෑවම ඇති කියල. (අ)
එතනෝල්, කුඩු, ගංජා, කසල තේ, ඊළඟට බියර් ?? ආශ්චර්යයට වැඩි දුරක් නැහැ.(නදී)
හොරා දැන, දැන උන්ව අාරක්‍ෂා කරන්නෙ කවුද? (නදී)
මොකද එතනෝල් ගෙනාපුවා ඉවර වෙලාද. (නදී)
එතකොට මෛත්‍රී පාලනයේත් පවුල් ගස් තියෙන බවයි පේන්නේ. මල්ලිත් කියල තියෙන්නේ එයා එක මහා පරිණාම හාල් ව්‍යාපාරිකයෙක් විතරයි කියලා. බලනකොට තුනෙන් එකක් මෛත්‍රී පවුලේ. රාජපක්ෂ පවුල බිඳලා මෛත්‍රී පවුල ආවම ඉඟුරු දීල මිරිස් ගත්ත කියල අායිමත් කියතැහැකි. ඔක්කොම එකයි. වෙස් මුණු බැඳලා තමා පටන් ගන්නේ. (නදී)
බමුණු අපේ ගෙදර පරණ වංගෙඩියක් තියෙනවා ඇවිල්ලා අරන් යන්න. (නදී)
අපිට ආදරේට දේශපාලනය කරපු කෙනෙක් ඉන්නවද 1978 න් පස්සේ? ගෙවල් වතුපිට උගස් කරලා දේශපාලනය කළ කෙනෙක් හොයලා දෙන්න (නදී)
බමුණු අයියට නියම වැඩක් තියෙනවා මෝල්ගහ ගැන. (ස)
මතට තිත කියමින් කරනුයේ බතට තිත වගේ (නදී)
දුප්පත් අපි ගැන බලන්න එපා බඩ වාදගන්න (අ)
සිරිසේන මහතා කිවුවනේ චන්ද්‍රිකා තරම් හාල්මෝල් හිමියන්ට කවුරුත් සහන දීලා නෑ කියල, මන් මේ බල ඉන්නේ සිරිසේන මහතා තරම් පරණ කල පවූ වලට සහන දීපු කෙනෙක් නැහැ කියන දිනේ එනකම්. (අ)
සිංහල හාලේ බත් පොල් සම්බෝලයි කා බඩගිනි නිවා ගනු ලබන අප ලක්වැසි අසරණ ජනතාවට බීර පෙවීමට තැත්කරන ජගතා කව්දකියා ගරු ජනාධිපතිතුමා වහාම ජනතාවට හෙළිකල යුතුය.(ම)
මේ අර මහින්ද මහත්තයට පෙලපාලිගිය මන්ත්‍රී තුමාගෙ එක්කනෙ. ජයවේවා මේව තමයි අපට ඕනේ. දේශීය දේ දැනගන්න. ඔන්න අපේ සහලේ වටිනාකම. බොදුබලේ සළක්නනෙ මේකට තමා. (ස)
දැන් ඔය බීර හදන තැනට බලෙන් හාල් ටික අරගෙන යනවද? දන්නේ නැති නිසයි ඇහුවේ (නදී)
හල මෝල් හිමියන්ගේ සංගමේ සබාපති හැංගිලා-උප සබාපති කතා කරන්නේ-සභාපති මෛත්රිගේ සහෝදරයෙක් නිසාද?මෛත්රිත් බබා පාට් දානවා.සහෝදරයෝ හාල් මාෆියාව රන් කරනවා. (ස)
යකෝ! මේක මාර වැඩක් නේ. අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. ඉතින් දෙයියනේ රටට අවශ්‍ය තරම් වී නිෂ්පාදනය වෙන්නෙත් නැතිකොට කවුද මේ, අපේ බත් වනසලා බීර හදන්නේ. මුන්ට ගහන්න ඕනේ හතරමං හන්දියක තියල "මතට තිත" කියන්නේ මේවා කරන එකටද ? (ස)
මේ ව්‍යාපාර ටිකෙන් ටික දියුණු වූ ඒවායි. අනෙක් අය ව්‍යාපාර කරන එක වැරදිද? (නි)
මතට තිත..? (ර)
ඔන්න බොලේ ඇත්ත එළිවෙලා. (අ)
බත් කමුද?? බියර් බොමුද?? (අ)
දැන් සිදුවන්නේ සිංහල හාලේ බත් පොල් සම්බෝල එක්ක කා බඩගිනි නිවාගත් අපේ දුප්පත් අහිංසක ජනයාට බඩගින්නට බීර බොන්නටද? (නි)
අපි හිතුවා ඕවා ඔහොම වෙයි කියලා (නි)
මේකට වගකියන්න ඕනෑ කෙනාගේ ෆයිල් එක නැද්ද කා ළගවත්? (නි)
රටේ වැසියන්ගේ ප්‍රධාන ආහාරය නිෂ්පාදනය ,බෙදාහැරීම, වගේ සරල දෙයක් වත් කළමනාකරණය කරගන්න බැරි පාලකයෝ ඉන්න රටක් මේක. (ර)
අපි ගන්නා සුළු වැටුප මෝල් හිමියන්ට දී උඩබලාගෙන ඉන්න අපිට බැහැ. (නි)
බත් කමුද? බියර් බොමුද? බියර් බී බත් කමු. එහෙම නේද සිද්ධවෙන්න ඕනෑ? (නි)
එහෙනම් අපි බීර බොමුකෝ! (නි)
අපිට අඩුමිලට සහල් ලැබෙනවානම් හාල් මෝල් වැසුනට කමක් නැත. (ර)
බමුණුආරච්චි , ගෙදර වී කොටන වංගෙඩියක් නැද්ද? (නි)
අපට අඩු මිලට සහල් ලැබෙනවා නම් සහල් මෝල් වැසුනට කමක් නැත. මොකද අපි ගන්න සුළු වැටුප සහල් වලටම වියදම් කිරීමට බැරිනිසා. බීරත් පිටරටින් ගෙන්වා දෙනවා නම් බොහොම හොඳයි.(හේ)
අනේ මන්දා?(හේ)
ගෙදර වංගෙඩිය නැහැ. මෝල්ගහ විතරයි තියන්නේ. ඒකත් දැන් පරණයි (නි)
දකුණු පළාතේ අපිට වී මෝල් ගැටලුවක් නැහැ. ගෙදර ලග මෝලෙන් වී ටික කොට ගන්නවා. පොළොන්නරුවේ වී රජ නිසා ලංකාවම අමාරුවේ වැටුන හැටි දැන් තේරෙනවා ඇති. මෛත්‍රී පාලනයකින් මොකෙන් මොකක් වෙයිද කියල දැන් පේනවා ඇති. (ස)
එතකොට මේකට අදාළ කෙනා ?(දිල්)
පිඅරටකින් හෝ වෙනයම් නිෂ්පාදනයක් සමග තරග කරන්නට බැරි රටේ නිෂ්පාදන ජනතාවට බරක් නිසා එය ඉවත් කර හෝ මහජනතාවට සහනය සලසා දිය යුතුය.(ස)
සහල් වතුරේ දමා පැල වීමට හැර එම වතුරෙන් බීර දෙවනුව වියළා වෙළඳ පලට ප්‍රෝටීන් නම් නැහැ එතනෝල් වලට වඩා හොඳ නැතිද (ස)
තිතට මත (නදී)
අනේ බීර කම්පැනිනම් වහන්න එපා.(හේ)
එහෙම නම් බීර කම්හල වසා දැමීය යුතුයි. මත්වීමට වඩා මිනිසුන්ට අවශ්‍ය කුසට ආහාරයකි. තොග වෙළදුන් ගේ සහභාගිත්වයෙන් ද වෙළද පොලේ සහල් මිල ඉහළ යාමට කරුණු තුඩු දුන් බව රටම දන්නා ප්‍රසිද්ධ රහසකි. (දිල්)