IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


හීලෑ අලි ඇතුන් රකින්න නව නීති

හීලෑ අලින්ගෙන් වැඩ ගැනීමේ දී කොටන් ඇදීම ඇතුළු බර වැඩවලට යෙදවීම වළක්වාලමින් දැඩි නීති ගෙන ඒමට කැබනට් අනුමැතිය ලැබී ඇතැයි වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

හීලෑ අලිනට සිදුවන හානි වැළැක්වීම එහි අරමුණවී තිබේ. බුදු දහමට අනුකූලව එසේ අලි හිමිකරුවන්ට නව නීති රෙගුලාසි සහ දැඩි කොන්දේසි පැනවීමට පියවරගෙන ඇත.

මේ සතුන් නීතියෙන් ආරක්ෂා කළද ඇතැම් සත්ත්ව හිමිකරුවන්ගෙන් උනුනට හිංසා සිදුවන බව කියති.

එම නව නීති අනුව වයස අවුරුදු 10ට අඩු අලින් වැඩට යොදා ගැනීමත් අවුරුදු 5ට අඩු අලි පැටවුන් හා මවු ඇතින්නියන් පෙරහරවල් සඳහා යොදා ගැනීම සපුරා තහනම් වේ.  

ඔවුන් රැක බලා ගැනීමේ දී ද අනුගමනය කළ යුතු නව කොන්දේසි 41ක් යෝජනා කැර ඇති අතර දිනපතා ආහාරයට සතුන්ට නැවුම් පළතුරු, කොළ හා එළවළු ලබාදීම ද ඊට අයත්වේ.

හිමිකරුවන් විසින් දිනපතා අලින් කිලෝ මීටර් 5කට නොඅඩු දුර ප්‍රමාණයක් ඇවිද්දවීම ද සතුන්ට දෛනිකව පැය දෙක හමාරක් නෑමේ අවස්ථාව ද ලබා දිය යුතුය. අලි ඇතුන් චිත්‍රපට නිෂ්පාදන කටයුතුවලදී යොදාගැනීම සම්බන්ධයෙන් ද කොන්දේසි පැනවීමට බලාපොරොත්තුවන බව වනජීවී ඇමැතිවරයා කීය.

කැමරා ඉදිරියේ අලි ඇතුන් ගැටුමට යොමු කිරීම, ප්‍රබල ආලෝක ධාරා යොමු කිරීම ඔවුන් අසල ගිනිකෙළි දැල්වීම ආදිය තහනම්වේ.

මෙම නීති කඩකරන අලි හිමිකරුවන්ගේ හිමිකම් බලපත් අහෝසි කිරීමටත් තුන් අවුරුදු සිර දඬුවමකට යටත් කිරීමටත් කටයුතු යොදා ඇත. පසුගිය සමයේ 40කට වැඩි අලි ඇතුන් ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානවලින් සොරකම් කරගෙන ගොස් සුරතලයට ඇති කරන බවට තොරතුරු වාර්තා විය. ආසියාවේ අලි ඇතුන් සම්බන්ධ විශේෂඥයකු වන ජයන්ත ජයවර්ධන මහතා කියා සිටියේ නව නීති රෙගුලාසි කැමැත්තෙන් බාරගන්නා බවයි.

‘මෙම නීති රෙගුලාසි නිවැරදි තීරණයක්. නමුත් එක් එක් සතුන්ට ලබාදෙන ආහාරවල තත්ත්වය හා ප්‍රමාණය ආදී දේ සම්බන්ධයෙන් ඒක ගැටලුවක් විය හැකියි.‘ යැයි ඔහු පැවසීය.

3 4

5 67 9



අදහස් (0)

හීලෑ අලි ඇතුන් රකින්න නව නීති

සෑම් Thursday, 24 November 2016 09:43 AM

එතකොට අර සංචාරකයින් පිට මත රැගෙන යන අලින් ගැන අමතක වෙලාද ?? අමතක කරලද ?? (බ)

:       0       1

පිටබැද්දර Thursday, 24 November 2016 10:56 AM

බොහොම හොඳ නීති පද්ධතියක් ජයවේවා (ම)

:       0       0

බණ්ඩාර Thursday, 24 November 2016 11:29 AM

මෙතුමා නේද අලින්ට හදපු කිරිබත් කාලා තිබුනේ...(බ)

:       0       0

කුමාර් Thursday, 24 November 2016 12:36 PM

නීතිය ක්‍රියාත්මක වුනොත් මේක හොඳ වැඩක්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site