IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හර්ෂදේවගේ අලුත් වැඩක් ළඟදීම

2016-04-28-ent-46

2016-04-28-ent-45ඩබ්ලිව්.ඩී. ආරියසිංහගේ පුත් හර්ෂදේව ආරියසිංහ මේ දිනවල සිය අලුත්ම ගී නිර්මාණයට සූදානමින් සිටියි. අතිශය ජනප්‍රිය ගීතයක් හා මියුසික් වීඩියෝවක් වූ "නොබලා මා දිහා" ගීතයේ මෙල් වර්ෂන් ගීතය ගායනා කරමින් බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් හර්ෂදේව "සාරවිට" අප සමගින් සිය ඉදිරි කලා කටයුතු මෙසේ පැවසීය.

"නොබලා මා දිහා^ ගීතය මගේ තුන්වැනි ගීතය. මේක ලිව්වේ සජිත් වී චතුරංග. මියුසික් කළේ කපිල්. මේ ගීතයට අදටත් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. කොටින්ම කිව්වොත් මගේ සංගීත ජීවිතෙ ලොකු වෙනසක් මේ ගීතය ජනප්‍රිය වීමත් සමග ඇති වුණා. ඒ වගේම තමයි මේ ගීතයේ මෙල් වර්ෂන් ගීතයට සමාන ජනප්‍රියත්වයක් ෆිමෙල් වර්ෂන් එකටත් ලැබිලා තියෙනවා. මට දැනගන්න ලැබුණා. මේ ගීතයේ තනුවට බංග්ලාදේශයෙනුත් ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඔවුනුත් මෙල් හා ෆි මෙල් වර්ෂන් දෙකකට තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව ඉන්දියාවෙත් මේ ගීතයට අනු නිර්මාණයක් කරන්න යනවා කියලා තොරුතුරු ලැබෙනවා. "නොබලා මා දිහා" ගීතය මගේ තුන්වැනි ගීතය හා තුන්වැනි මියුසික් වීඩියෝව. මීට කලින් මම මගෙ සියාගේ ගීතයක් වුණ "දසබලධාරි" ගීතයට රීමෙක් ගීතයක් හා මියුසික් වීඩියෝවක් කළා. ඊට පස්සෙ "සංතාපයෙන්" කියලා ගීතයක් හා එයට මියුසික් වීඩියෝවක් කළා. නමුත්, විශාල රසික පිරිසක් මාව හඳුනා ගත්තෙ "නොබලා මා දිහා" බලා ගීතයෙන්. මේ ගීතය අදටත් ජනප්‍රිය වෙලා තියෙන නිසා අලුත් වැඩකට පසුගිය කාලෙ යොමු වුණේ නැහැ. ඒත්, තවත් මාසයකින් දෙකකින් අලුත් වැඩක් කරන්න සැලසුම් කරලා තියෙනවා."

 

 



අදහස් (0)

හර්ෂදේවගේ අලුත් වැඩක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 86 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site