(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.

ඒ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන් බව කොමිසමේ ලේකම්වරයා කීය.
 සිල්වා මහතාට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත  අල්විස්  මහතාද කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විදේශගත වීම නිසා කොමිසමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමෙන් අනතුරුව එහි කටයුතු හෙට  (05) යළි ආරම්භ කෙරේ.