මහරගම වීර මාවතේ නිවසක් තුළ හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ මව,පියා,දියණිය ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් පොලීසිය කියයි.
මහරගම පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් මත් කුඩු පැකට් කිරීමෙන් අනතුරුව ගල්කිස්ස බඩෝවිට ප්රදේහයේ පුද්ගලයෙකුට ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස බඩෝවිට ප්රදේහයේම පදිංචි එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්දෙගලයින් දෙදෙනකු බවත් මෙම සැකකරුවන් වයස අවුරුදු 55, 49, 32, 22 සහ 20 වයස්වල අය වන බවද පොලිසිය පවසයි
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ස්වයං රැකියාවක්වත් කරන්න දෙන්නේ නැහැ.
දැඩි දඬුවම් දිය යුතුයි.
මංගල සමරවීර ඇමැතිතුමාගේ ප්‍රකාශය නිසා කුඩු කාරයෝ නව පනක් ලබලා වගෙයි.
දේශපාලන අස්ථාවරභාවය, දුප්පත්කම සහ විරැකියාව... අපරාධ හා දඬුවම්...
තෝරු මෝරු අල්ලන්න පොඩි පොඩි හාල්මැස්සන් නිකන්ම නැති වෙලා යනවා එතකොට.
මොවුන්ටත් මරණ දඬුවම දෙන්න.
දේශපාලකයෝ, මහා සල්ලිකාරයෝ කිලෝවලින් කන්ටේනර් වෙනත් ක්‍රම මගින් රටට ගෙන්වන මත්ද්‍රව්‍ය සිල්ලර ක්‍රමයට බෙදන්නෙත් කුඩ්ඩො. පොලීසිය මහා ලොකුවට ඒ අයව අල්ලන් ප්‍රසිද්ධ වෙනවා.. හැබැයි ඒ හරහා මේ මත්ද්‍රව්‍ය ලබාදුන් කෙනාව හොයන්නේ නෑ. මරණ දඬුවම ලබාදුන්නත් මැරෙන්නේ මිලිග්‍රෑම් කාරයෝම තමයි.
එතකොට එර්දි කියන්නේ මිලිග්රෑම්කාරයින් නිසා මේ උදවිය නිදහස් කරන්න කියලද? තේරේවි තමන්ගේ කෙනෙකු කුඩු ගහන්න පටන් ගත්තොත් මිලි ග්‍රෑම් එකේ අරුමේ!