‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයේදී තමන් පැරදවීමට ක්‍රියා කළ අය සමග වැඩිපුර ක්‍රියාකරද්දී ඔහුගේ ජයග්‍රහණය සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා‘ යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිදුවන ඇතැම් දේ පිළිබඳව ප්‍රශ්න ද හිතාගැනීමටත් දරා ගැනීමටත් නොහැකි අවස්ථා තිබුණත් ජනපති තමන්ට ඡන්දය දුන් ලක්ෂ 63 කට ආසන්න ජනතාවට අසාධාරණයක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව අතර ප්‍රසාදයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඟේ එල්ලී, මහින්ද රාජපක්ෂ මහතාගේ නමත් විකුණා ජයග්‍රහණ ලබන්නට උත්සාහ කරන බවද මහ ඇමැතිවරයා කීවේය.
ඔවුන් කෙතරම් උත්සාහ කළත් දූෂිතයන් පාරම්පරික සොරුන් යළිත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව මේ වන විට පැහැදිලි තීන්දුවක් ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප - ඉෂංක සුනිමල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැඩරුවම තියෙන කොල්ලෙක් හිටියා. හැබැයී ඌ අබිං මුදලාලි කෙනෙක්ගේ පුතෙක්. (නදී)
රිමාන්ඩ් සිරගෙදරට යවන්න කියා උසාවිය තීන්දු කල බැසිල් අායිමත් මර්චන්ට් වාට්ටුවට ගිහින් තිබෙන්නේ. හරින් ඔබ කියන මේ ක්‍රියාකාරකම් නිසා වෙන්න ඕනේ එහෙනම් ? (නදී)
තමන් අඩි 6 ක් යට වළලා දැමීමට ක්‍රියා කළා යැයි තමා විසින්ම පවසන ලද පුද්ගලයා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡා සඳහා ගියේ තමන් ජනාධිපති පුටුවට ඔසවා තැබීමට ක්‍රියා කළ සියළු බලවේගයන්ගේ ජනමතය නොතකමිනි.(නදී)
ඔය පරණ / අලුත් දූෂිතයන් පාරම්පරික සොරුන් හිරේ දැම්මොත් නේද හොද ,ක්‍රියාවෙන් පෙන්නවන්න , පක්ෂ භේදයක් නැතිව හොරු අල්ලන්න. එතකොට ඡන්දය දුන් ලක්ෂ 63 කට විතරක් නොවේ රටේ හැමෝටම අසාධාරණයක් වෙන්නේ නෑ (බ)
ඉදිරි මැතිවරණයෙන් පස්සේ කොහොමත් මෙයාලගේ කෙලින් වෙන්න මයිල් ඉතුරු වෙන්නේ නැහැ (බ)
සිරිසේන මහත්තයෝ අපිට දුක අපේ ඡන්දෙ දුන්නේ මහින්දව පරදන්න මිස එයාව අගමැති කරවල දුෂිත පරීක්ෂණ නවතන්න නෙමෙයි (ම)
හොරකමට වැඩි ආයුෂ නැහැ මහත්තයෝ. හෙට අනිද්දා ඔය මහා ඇමතිකම ආයේ දෙන්න වේවි.(නදී) ..
බලය තිබෙනකොට මොළය නැහැ කියන්නේ මෙන්න මේ වගේ කතා ඇහෙනකොටයි. (නි)
නීල් ඒ වගේ මිනිස්සුන්ට අපහාස කරන්නේ බත් කන කවුරුහරි සත්තු (බ)
කළ වැරදි මතක්වීද - ඡන්දෙට බියවීද (බ)
ඔයාගේ අැගේ මයිල් කෙලින් වුනාට කමක් නෑ. අර මලයට ගහපු එකට විධිමත් පරීක්ෂණයක් පවත් වන්න කියන්න (බ)
ජනාධිපතිට ශ්‍රී ල නි ප යට ආවඩන්න කිසිම අයිතියක් නෑ. ජනාධිපති පත් උනේ සම්පූර්ණයෙන්ම එ ජා ප ඡන්ද වලින් (ම)
ඔවුන් කෙතරම් උත්සාහ කළත් දූෂිතයන් පාරම්පරික සොරුන් යළිත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව මේ වන විට පැහැදිලි තීන්දුවක් ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.මේ කියන්නේ සජිත් රනිල් ගැන වෙන්නැති (බ)
ඔය කේන්තිය සාධාරණ එකක් ,හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ලොක්කා (බ)
එතකොට දැන් ආණ්ඩුවේ ඉන්න දූෂිතයන් පාරම්පරික සොරුන්ද? (ම)
ඉංග්‍රිසි වෙදකමට නොගොස් සිංහල වෙදකමින් ඕක හොඳ කරගන්න හරීන් මහත්තය දන්නවා (ම)
කියල වැඩක් නැහැ සහෝදරයා ! මේවා දකිද්දී මම මටම ගහගන්න හිතෙනවා ඇත්තමයි , (ම)
තවම නැහැ .. ඔහොම යමු (නි)
ඒකත් එහෙම වෙලාද? (නි)
හොරකමට වැඩි ආයුෂ නැහැ මහත්තයෝ.ඔය කෙළින්වෙන මයිල් තව දින කීපයකින් හැලිලම යයිද කියලයි අපිට නම් බය (නි)
මොනව වෙයිද කියන්න දන්නේ නැහැ. .(ම)