නිරුවත ගැන කථා කරන එක් ඇමැතිවරයෙක් නිරුවත් ශාස්ත්‍රවේදී එස්.බී.දිසානායක යැයිද අනෙකා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක විමල් වීරවංශ යැයිද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගෙලිඔය රැස්වීමේදී කීවාය.
‘‘මේ පැත්තෙ ඉන්නවා කාන්තාවන්ගෙ නිරුවත දකින්න කැමති ඇමැති කෙනෙක්. කොච්චරවත් ඒ ගැනමයි කථා කරන්නෙ. මේ රටේ ඉන්න උසස් අධ්‍යාපන ඇමැති. රටේ විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන්ට උපදෙස් දෙන, කථිකාචාර්යවරුන්ට උපදෙස් දෙන උසස් අධ්‍යාපනය කළමනාකරණය කරන ඇමැතිතුමා තමයි මේ ගැහැනුන්ගෙ නිරුවත බලන්න හදන්නෙ. ලැජ්ජයි මෙහෙම ඇමැතිවරු තමයි අධ්‍යාපනය බාරව ඉන්නේ‘‘
‘‘අනෙක් කෙනා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක විමල් වීරවංශ, ඇමරිකාවෙ ඉන්න බැරක් ඔබාමා කන්නෙ බොන්නෙ නැතිව මේ ලංකාව ගැන හොය හොය ඉන්න වෙන වැඩක් නැද්ද. ඒ ජනතාවට ලංකාව ගැන හොය හොයාද ඉන්න තියෙන්නේ. මේවා ඔක්කොම බොරු‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිරන්ති ඔය ටික ඔයාගේ අතිජාත මිත්‍රය බන්දුල පෙරේරාට කිව්වා නම් පංකාදුයි. (බ)
කතාවේ වැරැද්දකුත් නැහැ අප්පේ බලාගෙන යනකොට. මේක කියන්න වෙන කවුරුත් හිටියෙත් නැහැනේ? (නි)
මේ හැමෝම එකතු වෙලා අපිව මෝඩයට අන්දන්න හදනවද දන්නේ නෑ (දිල්)
ලංකාව කියන්නේ ඉතාමත් පුංචි ලස්සන රටක්.ඒ කාලේ සිට අද දක්වා ගරහන ගැරහිලි!! අපේ රටේ සෑහෙන ලොකු වටිනාකමක් තිබෙනවා.නැත්නම් මේ රටටම වින කටින්න හදන්නේ ඇයි? නමුත් පිටරැටියන්ට තිබෙන අගය අපේ රටේ රජකරන අයට තේරෙන්නේ නැද්ද? අපේ රටේ අයම කුළල් කාගන්නකොට තවත් මොන කතාද? ඇත්ත කතා කරලා බෙල්ල ගහලා ගියත් කමක් නැහැ. හිරුණිකා, සැළෙන්න එපා. (නි)
නවසීලන්තයේ දයා, ඉස්සෙල්ල එස් බි ඇමතිගේ කතාව අහල නිරුවත ගැන ඔයාගේ අර්ථ දැක්වීම කරන්නකෝ. (බ)
බලමුකෝ කාගේ කාගේත් කතා ජනවාරි වලින් පස්සේ (නි)
මම මේකට ලියන අයට කියන්නේ , තමන්ගේ දක්ෂකමින් හම්බු කරගෙන කාල බීල අනුන්ට කරදරයක් නැතුව තමන්ට කැමති කෙනෙකුට ඡන්දෙ දීල පාඩුවේ ඉන්න කියල (බ)
නිරුවත දැකීම යන්නට සිංහල භාෂාවේ නොයෙක් නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. හැබැයි හිරුණිකා හිතාගෙන ඉන්නේ එක් දෙයක් ගැන පමණි (නි)
කිව්ව කතාවේ වැරද්දක් නම් නෑ ඒත් ඔබ වැනි කෙනෙක් එහෙම දෙයක් කියයි කියල මා හිතුවේ නැහැ. (බ)
හිරුනිකා, ඔබ දේශපාලනයේ හය හතර නොදන්නා කෙනෙකි. ඒනිසා පියාට අපහාස නොකර පැත්තකට වන්න (නදී)
කාන්තාවන්ටත් ගරු නම්බු නාමයෙන් අමතන්න ඕනේ.(හේ)
හරිම එඩිතරයි නිර්භීතයි (නදී)
කවද හරි එස් බි ඇමතිතුමා නම් පාඩම් ඉගෙන ගන්නේ මේ රටේ බවලතුන්ගෙන්. (හේ)
කට හොඳ නැති ගෝලයන් නිසා ලොකු මහත්තය අමාරුවේ වැටෙන බව ඔය නැකත්කරුවෝ කිව්වේ නැද්ද මන්දා!(හේ)
පමණට වඩා කාටවත් කඩේ යන්න එපා. ටිකක් නිහඩව ඉදලා තව අත්දැකීම් ලබාගෙන පරිනත වෙලා කතාකරන්න පටන් ගන්න. මුරුංගා අතු හයිය නැහැ. (නදී)
ඇත්තටම දැන් මේ රටේ උසස් අධ්‍යාපනය නිරුවත් වෙලා වගේ තමයි තියෙන්නේ. (හේ)
කට හොඳ නැති නිසා අහිමි වෙන ඡන්ද ගැන තවම වගක්වත් නැහැ වගේ. . (හේ)
ඇත්තටම හොද කතාවක් හිරුනිකා.(හේ)
ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත.අනුන් ගැන හොයන්නේ නැතිව තමන් ගැන හෙව්වා නම් මොකද වෙන්නේ.(හේ)
හිරුණිකා කියන දේවල් මම නම් ඉහළින්ම පිළිගන්නවා (නි)
හරියටම හරි ඕක ලංකාවේ ඉන්න විද්වත්තු කියන අයට තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. (බ)
කාන්තාවන්ට නැහැදිච්ච කතා කියමින් ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදි එ්විනේ බවලතුන්ට පනාව දාගෙන . අපි දෙන්නම් ඡන්දේම ! (බ)
එක්කෙනකුට නම් පට්ටම දෙන්න පුළුවන්, අනිත් එක්කෙනා යන්තම් අපොස සාපෙනේ පාස්, ඉතින් එයාට කොහොමද අරවගේ වැදගත් පට්ටමක් දෙන්නේ. තව ටිකකක් හිතල බලන්න. (බ)
අපි මීටවඩා මට්ටමක හිරුණිකා තියලා තිබුණා (නි)
එස්.බී. ගැන නම් මම කතාකරන්න කැමති නැහැ (නි)
නියමයි. පටන් ගන්න කොටම ඔය මඩ ගොහොරුවටම පැනල තියෙන්නේ.(හේ)
අනේ ඔබයි මමයි දන්නා දේශපාලනය! (නි)
ඇමරිකන් කාරයෝ අභ්‍යවකාශය ජයගන්න වගේ නිශ්ඵල දේවලට කාලය වැයකලේ ඉස්සර. දැන් ඒ අය වැඩි කාලයක් වැය කරන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නයි ලංකාව අස්ථාවර කරන සැලසුම් හදන්නයි. (හේ)
බොහොම වැරදියි හිටපු නායිකාවකට ඒ කිව්ව කැත කතාව. (හේ)
අනේ හිරුණිකා! (නි)
බන්දුල පෙරේරා කාලෙකට පස්සේ දොරට වැඩලා වගෙයි (නි)
ඒ කතාව නම් සහතික ඇත්ත (දිල්)
ඒ දෙන්නම හොඳට කෙළෙහිගුණ දන්නා අය. අපි ඒක දන්නවා (නි)
සමහරු පමණට වඩා දන්නවා වැඩියි (නි)
සරත් පියසේන ඔය අවවාදය දුවලාට විතරක් නෙවෙයි සමහර දේශපාලක පුතාලටත් වලංගුයි නේද ? (නදී)
ඔයා නම් යකඩ ගැහැනියක්.(දිල්)
හිරුණිකා මැඩම්ගේ කටේ රත්තරන් දාන්න වටිනවා. මේ ඡන්ද කලේ අහපු මසුරන් කියමන ! (දිල්)
හිරුනිකා ඔබ වැදගත් අවංක ලක් දියණියක්, ඔබ පියාගේ ගෞරවය රැකගෙන ඔය ඉදිරිගමන යන්න, ඔබ රටට ආශීර්වාදයක්. (හේ)
ඒ දෙන්නම දැන් බයවෙලා ඇති (නි)
අපිටත් කියන්න තියෙන්නේ අනුන්ට පට්ටම් දෙන්න කලින් තමන්ගේ පට්ටම බලා ගන්න කියන එක තමයි..ඒකත් එක්ක 9 වෙනිදට හදහනත් බලව ගන්න එක හොදයි.. එදාට ඔය අනුකම්පා දේශපාලනේ ඇවරයි දැවරයි තුන්ඇවරයි. (බ)
බන්දුල පෙරේරා ඔයා හඳහන බලා ගන්න (බ)
බන්දුල පෙරේරාට මේ දවස් වල රාහු ලබලා තියෙන්නේ. රාහු අවුරුදු 18ක් ඇදගෙන යනවා.රාහු ලැබුවාට පස්සේ ඒ කෙනා පිස්සෙක් මෙන් හැසිරෙනවා.තමා කරන දේවල්,කියන කතා තමන්වත් දන්නේ නැහැ. (නි)
හිරුණිකා එක දවසකට රජයට සහාය දෙනවා. අනිත් දවසට මෛත්‍රීපාලට සහාය දෙනවා. ඒ වගේ අය කියන කිසිදෙයක් මම නම් ගණන් ගන්නේ නැහැ (නි)
උසස් අධ්‍යාපනයට පත් කරලා තියන කෙනා ඔය කට හින්ද ආණ්ඩුවේ බෝඩිමේ ඉන්නකොට බත් ඇද්දේ කඩේ යන උදවියද දන්නේ නැහැ. (බ)
බන්දුලගෙයි උසස් අධ්‍යාපන ඇමතිගෙයි හඳහන් දෙකම එකයිද කොහෙද ! (බ)
බන්දුල පෙරේරා, හදහන් බලපු ලොකු අයනම් මත්තලින් පැනල යනවලු. ඔබතුමාත් කොහෙහරි බෝක්කුවක්වත් හොයාගන්න දැන්මම. (බ)
බන්දුල බලන්න ඔයාගේ හඳහනේ උමතු යෝගයක් එහෙම තියනවද කියල ! (බ)
අපි 9 වෙනිදාට මෙතන එසැන පුවත් තීරයේ පොදු කවටයාත් මාරු කරනවා. සමහරුන්ට ඒකෙනුත් පාඩු වේවි. (බ)
මේවාට ලියන සීයට අනුනමයක්ම ඉන්නේ පිටරට කියලයි හිතෙන්නේ. ඔයාලා හිතන දේ නෙමෙයි මෙහෙ වෙන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂව පරදන්න ඔය කාටවත් බැහැ කියලයි මම කියන්නේ. (නි)
නියමයි හිරුණිකා නියමයි! (නි)
අපේ කාලේ වීරවරියකගේ සම්ප්‍රාප්තිය. ජය වේවා ඔබට! (නි)
සුබ පැතුම් හිරුණිකා! (නි)
එකපාරක් මේ පුද්ගලයා උසාවියෙන් දඩුවම් ලැබුවා කට නිසා. මේ පාර නම් කට නිසා ගැහැණුන්ගෙන් ගුටිකනවා කවදාහරි. (නි)
අපිට ගොඩක් ආඩම්බරයි.(හේ)
හිරුනික කෙලින් අදහස් ප්‍රකාශ කරන එකට මම ගරු කරනවා.(හේ)
වැඩේ කියන්නේ මෙච්චර කතා කියද්දීත් සමහරු සද්ද නොකර ඉන්නේ ඒවා අනුමත කරන නිසා නේද? (නි)
හිරුනිකා, කෙලින් අදහස් ප්‍රකාශ කරන එකට අපිට ගොඩක් ආඩම්බරයි. (ර)
සමහරුන්ට ඕනෑ කට හොඳ නැති, වැඩ පෙන්වන්න බැරි ඇමතිලා එක්ක ඉස්සරහට යන්න වුණත්, අනේ අපිට කරන්න දෙයක් නැහැ. මම නම් ඉන්නේ ලංකාවේ. (නි)
කොහොමටත් මිනිසුන්ගේ ස්වාධීන අදහස් දේශපාලන භේදයකින් තොරව පළකරන එකම පත්තරය මේකයි. ඒකයි අපි හැමෝම මෙතන ලියන්නේ. (නි)
කට ඇති ගිරවියක්. ආණ්ඩුවේ ඉන්න ගෑනු අැමැතිලට මේ මෙනවියගෙන් ආදර්ශයක් ගන්න පුළුවන් (බ)
බන්දුල කියන කෙනා වෙනත් සිද්ධියකදී වුණත් කතාකළේ බහුතර මතයට නොවෙයිනේ! (නි)
කවුරු දිනුවත් පැරදුනත් අපි අපේ දැනුමෙන්, මහන්සියෙන් හම්බකරගෙන කනවා. මේ ගොල්ලෝ මේ අපි වෙනුවෙන්ලු කැපවෙලා තියෙන්නේ. අනේ පව් අපි ගැන හිතන කට්ටිය. (නි)
අනේ හිරුණිකා, විමලේට නමක් තියෙනවනේ ' රාජවාචාල්ය ' කියල. (බ)
එක එක්කෙනාට පට්ටම් දුන්නත් තමන්ට උරුමයෙන් පැමිණි ව්‍යාපාර මොනවද කියලාවත් ගොඩක් අය දන්නේ නැහැ (නි)
නියම අදහස්! (නි)
හිරුනිකා කියන්නේ ඡන්ද මැෂිමක්. බලන්න අැයගේ දිස්ත්‍රික්කයේ ලබන ඡන්ද කොච්චරද කියලා. (නදී)
හිරුනිකා කුඩු මුදලාලිලාගෙන්, කැසිනෝ මුදලාලිලාගෙන් බේරිලා ආපු එකම අැයගේ ජිවිතයේ ලබපු ජයග්‍රහණයක්. (නදී)
ලඟදිම ඒ දෙන්නට යන එන මන් නැතිවෙනවා (නදී)
එ්ක තමයි රේණු, ඒ කාලේ , කිසිම වෘත්තීය ආදායම් මාර්ග හෝ පරම්පරාගත සල්ලි නොතිබුන පවුල් පිටින් දැන් උඩ ගිහින් ඉන්නේ කොහොමද කියල හොඳට හොයල බලන්න ඕනා. (නදී)
රේණු ඔයත් බන්දුල එක්ක ගිහින් "අර " කේන්දර උන්නාන්සේගෙන් ම කේන්දරේ බලා ගන්න එක හොඳයි වගේ. (නදී)
ලොවට පහල වූ දෙවන යකඩ ගැහැණිය හිරුනිකා (නදී)
උෂාන් කියන දේ හරියට හරි. මෙයාල මේ ජීවිත තර්ජන ඇති කරගන්නේ අපි දුක් විදිනවා බලන් ඉන්න බැරිකමටලු. අපිට හිනායනවා. (නදී)
හංසි ඔය වංචා කළු සල්ලි දුෂණ, එතනෝල් බ්‍රව්න් සුගර් ඒවා වැටෙන්නේ මොන ගොහොරුවකද අනේ (නදී)
ඔය කියන හැමෝම ගැන අපි හොඳට දන්නවා (නි)
ඔයා ගැන ඔක්කොටම කලින් කල්පනා කරන්න (නදී)
දයා -නිව්සිලන්ඩ්,ඔය අහලා නැතිවුණත් ලංකාවේ කාන්තාවන්ට හොඳට තේරෙනවා. (නි)
වැඩේ ඇත්ත නේන්නම් . මමත් අහලා තියෙනවා කරපු කතා.(හේ)
සුන්දර දේශපාලනයේ ඇඳී වත් නිරුවත් නොකර සංකර දේශපාලකයන් ඔවුන්ගේ ඇඳී වත් ගලවා ගත්තාට ජනතාවට ප්‍රශ්නයක් නැහැ . මන්දයත් රටේ දරුවන්ට හෙට දවසේදී දේශපාලනය කරන්නත් සදාචාරවත් රටක් ඉතිරිවිය යුතු නිසා. (හේ)
ඔවුන් දෙදෙනා වීදුරු ගෙවල් වල සිට අනුන්ට ගල් ගසන්නෝ වෙති. (හේ)
නිව් සීලන්ඩ් වලත් බුලත් කොළ තියෙනවා නමුත් ප්‍රසිද්දියේ විට කෑම තහනම් මෙහෙට එන්න එපායැ විට කන හැටි බලන්න. විට සමග එතනෝල් මරේ මරු (නදී)
හිරුණිකාගෙ කතාවට ජයවේවා! (නි)
අනේ දුවේ, මේවා ගැන ටිකක් ඉගෙනගෙන කතාකරන්න . (නි)
බන්දුල පෙරේරා, මම හිතුවේ ඔයා 8 වෙනිදාට රටින් පැනලා යන්න ලකලැහැස්ති වෙනවා කියලයි. (නි)
සමහරු බෙහෙත් ගන්න යන්නෙත් පිටරට. ඒ වුණත් කියන්නේ විදේශ බලවේග කියලා (නි)
අපේ හිරුනිකාමද මේ කතා කරන්නේ? (නි)
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා වගෙයි (නි)
එ් දෙන්නට නියමෙට ගැලපෙන පට්ටන් දෙක හිරුනිකා ඔයා හරියට හරි ..(බ)
සමහරු කතා කරන්නේ මෛත්‍රී පාලනයක් ගැන.9 වෙනිදායින් පස්සේ කරන්න හදන වැඩ දැක්කහම නම් අපිට හිතාගන්න පුළුවන් (නි)
අනේ අපි නොදන්නා කතා! (නි)
ඔබට හොද දේශපාලන අනාගතයක් තියෙනවා හිරුණිකා.ඔබට ජය!!!(හේ)
හිරුණිකාත් බලනකොට හරිම වීර චරිතයක් වෙලානේ! (නි)
අනේ ඔයයි මමයි දන්නා දේ.... මේක සෙල්ලමක් නෙමෙයි. (නි)
හැමෝටම වගේ හිරුණිකාටත් දැනුයි හැම දෙයක්ම මතක් වෙන්නේ ඔය හැමෝම වාසි අතට හෝයිය.(හේ)
දුව හිරුනිකා ඔයා ගැන මට හරි ආඩම්බරයි (බ)
දයා නිව්සීලන්ඩ් සිංහල ඉගෙන ගත්තේ නවසීලන්තයේද ? (බ)
වත්මන් යුගයේ නියම වීරවරියක්ගේ සත්‍ය කථාවක් (බ)
ශිරන්ති නෝනේ,ඔය ගුරුහරුකම් බන්දුල පෙරේරාට දෙන්නකෝ. (බ)
දිල්ශාන් ඔයා හිරුනිකා කියන ඒවා ගණන් ගන්න අකමැති නම්,බන්දුල පෙරේරා කියන ඒවා ගණන් ගන්නකො. (බ)
ප්‍රවේශමෙන් හිරුනිකා ඔබ දේශපාලනයට සියුමැලි වැඩියි (බ)
හොඳට නරකට දෙකට කටමය කියලා කිව්වේ විහිලුවට නෙවෙයි,(හේ)
ඔය වගේ කාන්තාවක් මේ කාලයේදී කතා කරා දැක්කමයි.(හේ)