ටිකට් නැතිව දුම්රියේ යන මගීන්ගෙන් ජුනි 1 වැනි දා සිට රුපියල් 3000 ක දඩයක් සහ ගමන් ගාස්තු මෙන් දෙගුණයක් අය කරන බව දුම්රිය වාණිජ අධිකාරි කියයි. මෙතෙක් අය කළ දඩය රුපියල් පන්සීයකින් වැඩිකර ඇත.
ටිකට් නැතිව දුම්රියේ යන මගීන්ගෙන් ජුනි 1 වැනි දා සිට රුපියල් 3000 ක දඩයක් සහ ගමන් ගාස්තු මෙන් දෙගුණයක් අය කරන බව දුම්රිය වාණිජ අධිකාරි කියයි. මෙතෙක් අය කළ දඩය රුපියල් පන්සීයකින් වැඩිකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ති මහත්මිය මම කියපු දේ වටහාගෙන නැහැ. මෙතන මම අදහස් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් නිලධාරීන් තමන්ගේ සේවය පැහැරහැර ඇති අවස්ථාවක් ගැනයි. නැත්නම් කොහොමද රේඩියේටරේ වතුර නැතුව එන්ජිම සීස් වෙන්නේ? යමක් ආපදාවට ලක්වෙන එකයි ආපදාවට ලක්කරන එකයි දෙකක්. මම දැනටත් ඔබ කියනවා වගේ රටක තමයි ජීවත් වෙන්නේ (නි)
අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. ඒ වගේම නිරතුරුවම පරීක්ෂා කිරීම් කළයුතුයි. (නි)
අපේ මිනිස්සුන්ට, ජංගම දුරකතනවලට රීලෝඩ් කරන්න ඕන තරම් සල්ලි තියෙනවා. වැඩක් නැති පුහු දේවල්වලට ඕන තරම් සල්ලි තියෙනවා. බලන්න ඕන ණයට ගත්ත, ෆිනෑන්ස් කරලා ගත්ත මෝටබයිසිකල්වල, වාහන වල යන ලස්සන.එහෙත්, විලිලැජ්ජා නැතුව දුම්රියේ බස්රියේ හොරෙන් යනහැටි..ඔය වැඩ කරන මිනිසුන්ට, දඩ ගහල මදි, නම් ප්‍රසිද්ධ කරන්නත් ඕන. (හැබැයි ඒත්, මේ මිනිස්සුන්ට නම් ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.) (බ)
මම ලංකාවේදී කවදාවත් කෝච්චියේ ගිහින් නැ 2014 ජුලි මාසේ දවසක පාස්පෝට් කන්තෝරුවට යන්ද කියල කෝච්චියට නැග්ග කුඩා වැවෙන් බෝලවත්තට යද්දී කෝච්චිය හිටියා රේඩියෙටරේ වතුර නැතුව එන්ජින් එක සිඊස් වෙලා සල්ලිත් නැ ගමනත් එතනින් ඉවරයි අායේ කවදාවත් ලංකාවේ කෝච්චියක යන්නෑ කියල හිතාගත්ත (බ)
ඒත් මෙල්බර්න් පොදු ප්‍රවාහන (බස් ,ට්‍රෑම් , දුම්රිය) සේවාවන් වල ටිකට් නැතුව ගමන් කරන මඟීන්ට දඩ ගැසීම අත්හිටුවා අවවාද කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අපේ රටේ ඒකේ අනික් පැත්ත (නි)
රජිත් මංජුල, මේ ලෝකේ කොහෙවත් රටක දුම්රියක් අතරමඟ නැවතී නැති, පීලි පැන නැති හෝ මඟ නැවතී නැති රටක් ඔබ දන්නවාද? එසේනම් එම රටේ පදිංචියට යන්න. (නි)
සමන්ති මහත්මිය, ලෝකේ කොහෙවත් නවතින එක නෙමෙයි වැඩේ, ඒවාට කව්රුත් වගකියන්නේ නැතිකම සහ එකම වැරැද්ද අාපසු වෙන එක. අපේ රටේ තවම දුම්රිය ටිකට් කවුන්ටරය වෙලාවට විවෘත කරන්නේ නැති දුම්රිය ස්ථාන කීයක් තියනවද? (නි)
මාත් කෝච්චියේ හැමදාම යනවා. දැන් අවුරුදු 30 කට ආසන්නයි. අපි මොනතරම් දුකක් විඳලද කෝච්චියේ යන්නේ. අඹේපුස්සේ ඉඳලා කොටුවට සමහර දවසට කොටුවේ ඉඳලම හිටගෙන. ඈත හුඟක් දෙනෙක් කල්ලි ගැහිලා හොඳට සීට් වල ඉඳගෙන යනවා. වැඩි දෙනෙක් යන්නේ හොරට. ටිකට් පරීක්ෂකලා පැන්න ගමන් ඒ කල්ලිවල අය කරන්නේ මොනවාහරි රණ්ඩුවක් හදාගෙන එහෙට මෙහෙට පැනලා කොහොමහරි බේරෙන එක. කවදාවත් අහුවෙන්නේ නැහැ. දඩය වැඩිකරපු එක හොඳයි. (නි)
සමන්ති මහත්මියට ඇගිල්ල දික්කරල හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන් මොනවද කියනවා (රේ)