(රෝෂන් තුෂාර)
රුපියල් මිලියන 300 ක රේගු බදු රටට අහිමි කරමින් හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමා අනීතිකව ලියාපදිංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් රථ හයක් අල්ලස් කොමිසමට වහාම භාර දෙන්නැයි වාහන හිමිකරුවන්ට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණගමගේ මහතා අද (31)දන්වා සිටියේය.
අල්ලස් කොමිසම පැමිණිලි හයක් ගොනුකරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර ලබන හත්වැනි දිනට පෙර ප්‍රශ්නගත වාහන අල්ලස් කොමිසමට ගෙනවිත් භාර දිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ.
මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ තුනක් සහ ලෑන්ඩ්කෲසර් ජීප් රථ තුනක් මෙසේ භාරදීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කළාම රටට කෝටි ගාණක් අහිමි කරමින් තීරුබදු සහනයක් ලබාගෙන වාහන ගෙන්නවා ගෙන අඩුම තරමින් අවුරුදු 2ක්වත් යන්න කළින් එව්වා. වෙනත් පුද්ගලයින්ට විකුණා දැමීමෙන් රටට අහිමි වුණු පාඩුවත් අයකර ගන්නවා නම් නේද හොඳ?
පැටවාට සිය මව අහිමි කරමින් වනයේ ජීවත්වූ අලි පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට භාරදෙන්නට දිනයක් කරුණාකර නියම කරන්න