ව්‍යාජ ඉන්දීය ගුවන්ගමන් බලපත‍්‍ර භාවිතයෙන් වෙනත් රටකට නීතිවිරෝධී ආකරයෙන් යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඉන්දියාවේ කල්කටා ජත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට පළවන ඉන්දියා ටුඩේ පුවත් සේවය පවසයි.

ඔවුන් දෙදෙනා කොල්කටා ගුවන්තොටුපළේ සිට ප‍්‍රංශය බලා ගුවන්ගත වීමට පැමිණි අවස්ථාවේදී එහි ගුවන් මඟීන් පරීක්ෂා කවුළුවේදී ඔවුන් සතුව තිබූ ඉන්දීය ගුවන් ගමන් බලපත‍්‍ර ව්‍යාජ ඒවා බවට ගුවන්තොටුපළ බලධාරීන් තහවුරු කර ගෙන ඇත.

තමන් ඉන්දීය ජාතිකයින් බවට ඔප්පු කිරීමට සැකකරුවන් උත්සාහ කර ඇති නමුත් එය ව්‍යවර්ථ වී ඇතැයි කියති.

 සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඔවුන් වසර 10කට පෙර ඉන්දියාවට පැමිණි බව අනාවරණය වී ඇත.