(ටෝනි කරුණානායක)
ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉතාලියට ගොස් ව්‍යාජ ඉතාලි හැඳුනුම්පතක් ළඟ තබා ගෙන සිටියදී ඉතාලි ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ආපසු හරවා එවන ලද අයකු අද(6) කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.
එසේ ඇප හිමිවූයේ මාදම්පේ මහබද්දේගම පදිංචි මාරසිංහ පේඩිගේ දිලීප ලක්ෂාන් නමැත්තකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා බැලුවේ නැද්ද ලංකාවෙන් කොහොමද පිටත් වුණේකියල ලංකාවේ ආගමන විගමන එකේ ලොකු ලොකු මහත්වරු රුපියල් 50,000 සිට 3,000,000 දක්වා ඉල්ලනවා ඔහෙන් පිටත් කරන්න. හොයලා බලුවොත් නරකද? කොහොමද වුණේ කියලා..
මට තේරෙන්නේ නැහැ ලංකාවට හොරෙන් ඇවිල්ලද නැත්නන් ඉතාලියට හොරෙන් යන්න ගිහින්ද කියලා.. මොකද දඩය ගහලා තියෙන්නේ ලංකාවෙන්. ඇතුල්වෙන්න හදලා තියෙන්නේ ඉතාලියට.... ඉතාලියෙන් දඩයක් ගහන්නේ නැතුව ලංකාවට එවනවා. අපේ අය?