
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )
හරිතාගාරයක ගංජා වගා කළ එක්දරු මවක් නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිනිය සමඟ ගංජා පැළ 1700 ක් ද වැලිමඩ පොලිසිය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය කියයි.
නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරි පොලිස් පරික්ෂක එච්.එම්.ජේ.හේරත් මහතා වෙත ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.
වැලිමඩ පොලිස් වසමට අයත් මියන්අරාව ප්‍රදේශයේ නිවසක ඉඩමේ හරිතාගාරයක් තුළ මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකාරිනියගේ සැමියා යුද හමුදා භටයෙකු බව වැටලිම සිදු කළ නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිහු කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd