
(යොහාන් භාසුර)
සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බවත් ඇය ඒ දක්වා විශේෂ ඉල්ලීමක් නොකළ බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කීය.
ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැන නැගී නොමැති බව ද දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩසහිත සිරදඩුවම් අද (28) පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කාන්තා අංශයේ ඉන්න නිසා දුමින්ද හමුවෙන්න අවස්ථාවක් නැහැ නේද?
හෙට වෙනකොට ලෙඩ වෙන්නත් බැරි නෑ. ඒ හින්දා කෝකටත් රෝහලේ සූදානම් කරලා තියමු.
අපවිත්‍ර කටවල් තියන අයට හොඳ පාඩම්...
අපරාදෙ, හැකර කට නිසානේ ඕක වුණේ... කල් ඇතිව අර බෙහෙත් වංචාව වගේ එකක් කරලා, ඒ ගොල්ලන්ටත් කුට්ටියක් දීලා උන්නා නම් කෙළින්ම බන්ධනාගාර රෝහලට යන්න තිබුණා. පව් මොනවා වුණත් අම්මෙක්නේ...?
හිරේ දාන්න ඕනි එවුන් තොග ගනින් හිටියත් උන් අඩත් හෙටත් නිදැල් ලෙ..පොඩි දරුවො 3කගේ මවක් හිරගෙදර.මේ සිද්ධියට පොහොර දාල හදල ගත්තෙ කව්ද රට දන්නවා.අවසානේ සජිත්ට සහ සජබෙට ගහන්න මේව සිද්ද උනේ .රටක් ජාතිටක් විනාස කරපු පල් හොරු රාජ්‍ය අනුග්‍රහය තුල ජනතා සේවකයො වෙලා..හිරුනිකාගෙ අරගලයේ පළාතකවත් නොහිටිය ජෙප්පො අරගලයේ අයිතිය ලියාගත්ත.දුමින්ද මිනීමරල හිරේ ඇතුලෙ රජ සැප විදිනව.මෙන්න රටේ සැබෑ ස්වරූපය
රනිල්ගේ ගේ ඉස්සරහ කෑ ගහපු පලිය ගන්නේ...!
වස්ති කරනවා ඇති...
වාචාල කටයි, මෝඩකමයි විතරයි තිබුණේ... අහිංසක පොඩි 3 දෙනෙකුට ඔවුන්ගේ අම්මාගේ උණුසුම ටික කාලෙකට නැතිවීම දුකයි.. නමුත් ඒ ගැන අපිට වැඩිය හිතන්න තිබුණේ එයාගේ අම්මාටයි. එහෙම වුණා නම් මෙයා මේ අමාරුවේ වැටෙන්නේ නැහැ. ඔලුවක් තිබුණා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනෙක් සංවර මන්ත්‍රීවරියන් වගේ හැසිරෙන්න තිබුණා.
හිරුනිකා නෙවෙයි පාර්ලිමේන්තුවේ සිට ගමේ චන්ඩියා දක්වා දැනගත යුතුයි.. මේ එකදාස් නවසිය ගනන් නෙවෙයි කියලා.. මිනිස්සු යම් තරමකට නීතිය ගැන දැනුවත්... හිරුනිකාගේ තාත්තලා දාපු පාට් දැන් දාන්න බැ.. තමන්ගේ ආරක්ෂාවට දීපු හරි, තමන් වටේ ඉන්න චන්ඩි යොදාගෙන හරි තමන්ගේ ආරක්ෂාව බලාගත යුතුයි... වගේම අනෙක් මිනිස්සු අනාරක්ෂිත වෙන්න බෑ එයාලාගෙන්.. අනික පොලිසියේ රාජකාරි තමන්ගේ ඇම්බැට්ටයින් ලවා කරවා ගන්න එක වැරැද්දක් නේ. වටේ ඉන්න හැමෝම තමන් හෝ තමන්ගේ දරු පවුල රකින්න කරන රැකියාවක් මිස ගෙදර හදන බල්ලෝ නෙවෙයිනේ. ඒ නිසා ප්‍රශ්නයකදී තමන් බේරෙන්න තමා මුලින්ම පියවර ගන්නේ...
ජනදිපති සමාවක් වත් බැරිද අරන් දෙන්න
මීට වඩා වැරැදි කරපු අන්ත දූෂිතයෝ දියවන්නාවේ ඉන්නවා. මිනිමරුවෝ, රටේ ආර්තිකය ඝාතනය කරපු අය. අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි අය. වාචාල කටවල් තියෙන අය.. නීතිගරුක ශිෂ්ඨ සම්පන්න රටවල නීතිය කාටත් පොදුයි. ලන්කාවේ එසේ නොවීම කණගාටුදායකයි...
අපරාධකරුවන් බොහෝ දෙනෙක් නිදහසේ සිටිති. ඇය පමණක් නොවේ. මාධ්‍යවලට අනුව බොහෝ අපරාධකරුවන් නිදැල්ලේ. බොහෝ ප්රවෘත්ති කියවන්නන් ඝාතනය කළේ කවුද? පාස්කු ප්‍රහාරයද? කොළඹ කනත්තේ මැරුවේ කවුද? ඩීන්ට ස්තූතියි? මෙතරම් පිරිසක් අතුරුදන් සපුගස්කන්ද සමූහ වධකාගාරය පවත්වාගෙන ගිය ඝාතකයන් කෝ? ඒ අයටත් දඬුවම් අවශ්‍යයි. සෑම කෙනෙකුටම එක නීතියක් සාදන්න
මහත්මිය...???? එහෙමය.