බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීන්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේදී බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය පළ කරන බව ද අය වැය පරාජයට පත් නොකරන බව ද එහිදී ප්‍රකාශ කළහ.
සන්ධාන මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝද එම අවස්ථාවට සහභාගී වී නොසිටියහ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද නොපැමිණියේ ආණ්ඩුවෙන් යන නිසාදැයි මාධ්‍යවේදීයකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ එවැනි කිසිවක් නොමැති බවයි. ඇයට පැමිණිමට නොහැකි බව තමාට දැනුම් දී තිබු බවත් ප්‍රධාන අමාත්‍යවරයා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය නම් විපක්ෂෙට නොඑන තරමට හොදයි මට නම් හිතෙන්නේ. (නදී)
මේ මෙනවිය පළාත් සභා ඡන්දයෙන් සුවිසල් ජයග්‍රහණයක් කලේතම පියා දිවි පිදු අන්දම ජනතාව හොදින් දන්නා බැවිනි. එතුමා මහින්ද චින්තනයෙන් රට පෙරට ගෙනයාමට මහගු දායකත්වයක් දුන් කෙනෙක්. එනිසා හිරුනිකා මෙනවිය අවස්ථාවාදී නොවනු ඇත (නදී)
අන්තිමට ඉතිරි වෙන්නේ ලංකාවට කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වන, එතනෝල් ගෙන්වන, දළදා මාලිගාව බිමට සමතලා කරන්න නැව් පිටින් බෝම්බ එවපු උදවියයි විතරයි (නදී)
ඔයගොල්ලෝ කියන්නේ නිරපේක්ෂ සත්‍ය කියලා මේ රටේ ජනතාව හොඳින් දන්නවා. අපි ඔබ කියන දේ පිළිගන්නම්. (නදී)
දේශපාලකයෝ විශ්වාස කරන්න බැහැ මහ ඇමතිතුමනි, දයාසිරි මහත්තය ආණ්ඩුවට පැන්නෙත් අන්තිම පැයේදී කියල අපිට නම් හොඳට මතකයි. (දිල්)
අන්න ගිහින් ඇමති තුමනි.(හේ)
අයිස් බකට් නාන්න යන්න ඇති එකත් එකටම. (හේ)
දැන් හැමෝම අහන්නේ යනවද කියලා (නදී)
සුපර් ස්ටාර් තෝරන්න යන්න ඇති. ඒගොල්ලන්ට මහජන සේවයට අදාළ කටයුතු වලට ඉඩක් නැහැනේ. (නදී)
පහන් පත්තු කරන්න ගිහින් ඉන්නවා අපි දැක්කා. මේ වෙලාවේ අහන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දී මාධයට මොකද වෙලා තියෙන්නේ? (නදී)
ඇඟට අමාරු ඇති ඒකයි (නදී)
ඔබතුමා දැන් පටි තද කරගන්න. ලඟදීම අයිස් බකට් නාන්න වෙන්නේ පරිස්සමෙන්. (නදී)
නින්ද යන්න ඇති. රාජකාරි දවසක උදේට නැගිටින්න පරක්කු වෙලා ලොකු මහත්තයත් අවවාද කලා කියල ආරංචි වුනේ. (නදී)
ඔබතුමාට කෝල් කරපු එක සුවර්ද ? (නදී)
තවත් රැඳිලා සිටියොත් නාන්න වෙන්නේ අයිස් බකට් නෙමේ අර ගඳ ගහන බකට් තමයි. හිරුණිකාට මොලයක් තියෙනවා වෙලාවට යාවි (නදී)
මේ තරම් කල් හිටපු එක ගැන සතුටු වෙන්න (ම)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ.(ම)
ප්‍රසන්න රට ඔයාලගේ බුදලයද , මදි නැද්ද කාපු හරිය. අර්ජුනව ආදර්ශයට ගන්න, යන්න ගිහින් මෛත්‍රීට සහය දෙන්න. (ස)
@හේමා ... අයිස් බකට් එකක් උදෙන්ම වැදුන නම් හිරුනිකා ඔය රැස්වීමට එන්නේ දුවගෙනයි ..ගොඩක් දුරට ප්‍රසන්නට අමු කැවිලා වෙන්න පුළුවන් .. නැත්නම් තව දවස් කීපයක් යනකන් තනතුර රැකගන්න කියන කතාවක් වෙන්න පුළුවන් .(ස)
තමන්ගේ පියාට සිදුවූ දේ දන්නවනේ. කෝ වැරදිකාරයො ? (ර)
මේ මන්ත්‍රීතුමිය පාලගෙයි ,දත් දොස්තරගෙයි අවංක බවක් කිව්වනේ, අනේ මොනවටද කියන්නේ, ආණ්ඩුවේ වී ගබඩාවක් මල්ලිට විකුනුපු අයියත්, ප්‍රන්සයට යවන මාළු වලින් ගතමන් සොයපු මාළු දත් දොස්තරගේ අවංක කම කොහොමද ? ෆයිල්වල තියෙනවා කියා කසුකුසුව (ස)
හිරුනිකා අලුත් මෝස්‌තර මවනවාලු. එයා කරන ඒවා ලංකාවේ කෙල්ලෝ කරයි කියලා හිතනවාලු. ළඟදී දවසක රියලිටි ෂෝ එකක විනිශ්චය මණ්ඩලයේ හිටපු එතුමිය වම කණට දිග ටසල් දාලා දකුකු කණට මොකුත් නැතුව ආව වෙලාවේදී නිවේදකයා ඒ ගැන ඇහුවා. එවිට හිරුනිකා කිවුවේ "මගේ ස්ටයිල් එක තරුණියෝ අනුගමනය කරයි කියල මට හිතුනා " කියලයි. (නදී)
බස්නාහිර පළාත් සභාවේ අය වැයෙනුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඉල්ලන් කනවා බලන්න මම මේ ඉවසිල්ලක් නැතිව ඉන්නේ. (ස)
හා ..හා. එතුමිය ලිඳට ගිහිල්ලා (නදී)
හොඳ, හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට නෙවැ (නදී)
මහා ඇමතිතුමෝ මොකුත් කන්න දුන්නේ නැහැ නේද ? (නදී)
යන අයට යන්න දෙන්න. අපි එයාව සුදුසු තැන තියන්නම් එන ඡන්දෙදි (අ)
බය වෙන්න එපා අපි ලිස්ට් එකේ පිළිවෙලට සැලුන් දොරෙන් වෙලාවට අර ගන්නම්. (නදී)
යන අයට යන්න දෙන්න. අපි එයාව සුදුසු තැන තියන්නම් එන ඡන්දෙදි (නදී)
එක්කෝ ප්‍රසන්නට රණතුංගට අමු කෙවිලා. නැතිනම් හිරුනිකාට අයිස් බකට් එකක් වැදිලා උදේම (නදී)
මේ දවස්වල කොළඹට ආසන්න නගරෙක හිරුනිකාට පැරදිච්ච කෙනෙක් ඔහු මහ ඇමති කරන්න කියලා කොඩි කණු දාලා. ඔයාට තර්ජනයක්ද? (නදී)
මන්ත්‍රී තුමිට අමතක වෙන ලෙඩේ එහෙම හැදිලා නැහැනේ. (නදී)
අපේ අනාගත ජනාදිපති තුමාට මුකුත් කියන්න එපා. ඔබ තුමාට ජය වේවා. (නදී)
තිලක් ඩුබායි, කින් බෙනට් මහත්තුරුන්ටයි. බලාගෙන ඉන්නකෝ. ජනවාරි 9 වැනිදා ඔයාලගේ බාල්දි කක්කුසි පිරෙනකොට පෙනේවි. (නදී)