(රංජිත් රාජපක්ෂ)
වත්මන් රජයේ මුදල් ප්‍රතිපාදන මත ක්‍රියාත්මක දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ නුවරඑළිය බ්ලැක්පූල් මංසන්ධියේ සිට අඹේවෙල පට්ටිපොල හෝර්ටන්තැන්න (B 512) මාර්ගයේ කිලෝමීටර් 19ක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථිකයට අතිශයින් වැදගත් මෙම මාර්ගයේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් නිරන්තරව පැමිණෙන අඹේවෙල ගොවිපල, නිව්සීලන්ඩ් ගොවිපල පිහිටා ඇති අතර, අඹේවෙල දුම්රිය ස්ථානයද මෙම මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
එම මාර්ග ඔස්සේ ඔහිය දුම්රිය ස්ථානයට ලගා විමට ඇති කෙටිම මාර්ගයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd