(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මංපෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනා සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකුට දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000 ක දඩයක් මෙසේ නියම කෙරිණි. කොළඹ හා නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකු හට මෙම දඩ නියම කෙරිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ස්වාභාවික පිහිටි මාර්ගවලින් බැහැරව ගොස් බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක කලාපයට හානි සිදු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර, සහකාර වනෝද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න, වනඅඩවි ආරක්ෂක ජයරත්න, වනසත්ත්ව නියාමක සනත්, කේෂ්ත්‍ර සහායක රවීන් ලක්මාල් යන නිලධාරීහු මෙම වැටලීම කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට විල්පත්තුව ?
නියමයි
අපේ අයට, ප්‍රදේශයකට ගිහිල්ලා එහි සිරි නරබන්න, ලස්සන දැක රසවිඳීමේ හැකියාවක් නැත. සතුටුවන්නේ ඒවාට හානියක් කිරීමෙන්ය. චිත්‍රයක් දැක්කොත් එය කුරුටු ගාවි නැතිනම් මොනවා හෝ අසික්කිත දෙයක් ලියාවි. පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගියොත් එහි රූප වලට ඇඟිල්ලෙන් අනීවී.
මෙතරම් විශාල දඩ මුදලක් අය කිරීමට හෝටන් තැන්නේ අක්කර ලක්ෂ ගණනක් විනාශ වෙන විදියේ වැඩක් කරන්න ඇති . විල්පත්වේ නම් ඉතින් අක්කර දෙදහස් ගණන නේ .