පසුගිය මාස 4 ක දී සෞදි අරාබියේ අනවසරයෙන් විවිධ රැකියා කළ විදේශිකයින් ලඬ දෙකකට වැඩි පිරිසක් මෙරටින් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞදි ගැසට් පුවත්පත වාර්තා කරයි.
ගමන් බලපත්‍ර අධ්‍යඬ ජනරාල් කාර්යාලයේ වාර්තා වලට අනුව නියමිත ලිපි ලේඛන නොමැති දෙලඬ එක් දහස් තුන්සිය පනහක විදේශිකයින් ප්‍රමාණයක් මෙම කාල සීමාව තුල දී පිටුවහල් කර ඇත. මෙම පිරිස අතර මෙරටට හොර රහසේ පැමිණ සිටින අය මෙන්ම අදාල කාල සීමාව ඉක්මවා කාලය දීර්ඝ නොකර සිටි විදේශිකයින්ද සිටි බව වාර්තාවේ.
මෙම සියළුම පිරිස් මෙරටින් පිටුවහල් කිරීමට පෙර ආරඬක අංශ වෙනත් නීති විරෝධී කටයුතු වල නියලී නැති බව සනාථ වීමෙන් පසු පිටුවහල් කර ඇති බවට වාර්ථා කරයි.
පුවත් පත වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සෞදියේ පවත්වාගෙන යන සියළුම ජාතිකයින් වැඩි ශ්‍රමිකයන් ව බඳවා ගැනීම මෙහි අරමුණ බවත් නීති්‍යානුකූල ලිපි ලේඛන නොමැති කිසිදු විදේශිකයකු සඳහා නවාතැන් සහ රැකියා ලබා දීම් ද~ුවම් ලැබිය හැකි වරදක් බවත්ය. සෞදි අරාබියේ වෙසෙන විදේශිකයන්ගේ ප්‍රමාණය මිලියන 10ක් වන අතර එම ප්‍රමානය මිලියන 3 දක්වා අඩුකරන බවද පුවත්පත පෙන්වා දෙයි.
මේ අනුව තම භාරයේ සිටින විදේශික ශ්‍ර්‍රමිකයකු වෙනත් හාම් පුතකු යටතේ රැකියාවල යෙදවීමද කිසිදු නීතියානු කූල අයිතියක් සේවා දායකයාටද නොලැඛෙන අතර ශ්‍රමිකයනට මෙන්ම සේවා දායකයාටද නීති මගින් ද~ුවම් ලබා දීමට සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බව එම පුවත් පත වැඩිදුරටත් පවසයි. තම සේවා දායකයාගෙන් බැහැරව රැකියාවේ නියැලෙන ශ්‍රමිකයින් වෙත ප්‍රවාහන පහසුකම් සහ අනකුත් රැකවරණය ලබා දෙන අයටද නීති මගින් කටයුතු කර ද~ුවම් ලබා දෙන බවද පුවත් පත වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම නිත්‍යානුකූල ලියකියවිලි තිබුනද?(නදී)
අවවාදයයි , ඔය රටට යන්න එපා (ස)
නීතියට අනුව වැඩ කරන්න (දී)
අපේ රටේ ඒජන්සි කාරයෝ මවන සුරංගනා ලෝක වලට රැවටෙන අහිංසක අයට මේ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. වගකිව යුතු අය මේවා සොයා බැලිය යුතුයි.(නදී)
අපරාද, හොර වැඩ බහුලයි. සල්ලි වලට ඕනම ජරා වැඩක් කරන රටක්. මේ වගේ රටක වැඩ කරන්න වුන එක කනගාටුයි. කොන්ත්‍රාත් කාලය ඉවර වුන ගමන් මවි රටට යනවා අනිවාර්යෙන්.(නදී)
ඒ රටෙත් හොරට මිනිස්සු ඉන්නවද? මම හිතුවේ ගියා වෙනුවට ඉක්මනින් රස්සාව කරලා ආපහු එන්න දගලන අය ඉන්නේ කියලා.(නදී)
මමත් සෞදි තමා ඉන්නේ. හරියටම අදාල ලියවිලි හරිනම් විතරමයි මෙහෙ ඉන්න ඕනේ. නැත්න්ම් යන එක නුවනට හුරු නැහැ.(නදී)
ලංකාවේ අය වැඩියෙන්ම අපරාධ වලට පෙළඹෙන්නේ මත්පැන් නිසා. (නි)
සෞදියේ රස්සාවල් කරනවා කියන්නේ දැලි පිහයෙන් කිරි කනවා වගේ වැඩක්. (ත)
නීතිගරුක පුද්ගලයෙකුට නීතියක් ඇති ඕනෑම රටක පහසුවෙන් වාසය කල හැක. නීතියක් නොපවතින රටකින් ආපු කෙනෙකුටනම් මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මටත් එහෙම වුණා. මම සෞදියේ වසර 10ක් පමණ සේවය කරනවා. කිසි ප්‍රශ්නයක් නැතුව.. (ස)